ලොරියක් හැපී මී ගවයින් 12 දෙනෙකු මියයයි.. තවත් 06කට බරපතලයි..

July 30, 2019 at 8:02 am | lanka C news
ලොරියක් හැපී මී ගවයින් 12 දෙනෙකු මියයයි.. තවත් 06කට බරපතලයි..

මුලතිව් මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයකට මී ගව රංචුවක් යටවීමෙන් මී ගවයින් 12 දෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් මාර්ගයේ එඩ්ඩුසුඩාන් කතොලික පල්ලිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර ටිපර් රථය අධික වේගයකින් පැමිණි බවත් රම අවස්ථාවේ මී ගව රංචුව මාර්ගය හරහා මාරු වෙමින් සිට ඇති අතර ටිපර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මී රංචුව යටකර ගෙන ගිය බවට මී ගයින්ගේ හිමිකරු පොලීසියට පවසා ඇත.

අදාල මී ගවයින් යුද්දයින් විපතට පත්වූවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී ඇති බවටත් මී ගවයින් අහිමි වීමෙන් හිමිකරු දැඩි අසරණතාවයකට පත්ව ඇත.

ටිපර් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය පැදවීම මෙම අනතුරට හේතු වී ඇති හෙයින් රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවටද පරික්ෂණ සිදු කරන මාන්කුලම් පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,739 Viewers

2 Comments to “ලොරියක් හැපී මී ගවයින් 12 දෙනෙකු මියයයි.. තවත් 06කට බරපතලයි..”

  1. Saman says:

    Any of the minister among them?

  2. Sun says:

    It is important monitor the yearly fitness test for the vehicles in order to use in public roads. It is good introduce fines for such drivers to reduce the number of accidents on roads.

Main News