ලොරියකින් ගංජා කිලෝ 323ක් ගෙනයද්දී අත්අඩංගුවේ…

February 29, 2020 at 12:40 pm | lanka C news
ලොරියකින් ගංජා කිලෝ 323ක් ගෙනයද්දී අත්අඩංගුවේ…

පුනරින් සිට වවුනියාව දක්වා ටිපර් රථයකින් ප්‍රවාහනනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කිළිනොච්චිය ජයපුරම් ප්‍රදේශයේ දී අද(29) අත්අඩංගුවට ගෙන ඇති බව නාච්චිකුඩා පොලිසිය පවසයි.

සැකකරු ඉතා රහසිගත ලෙස වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා තොගය ටිපර් රථයේ අසුරා තබූ අතර ලද තොරතුරකට අනුව යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකල වැටලීමකදී කේරළ ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ටිපර් රථය සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා නාච්චිකුඩා පොලිසිය වෙත භාර දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටිපර් රථයේ රියදුරු වන වවුනියාව මරදන්කුම් පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරික්ෂණ නාච්චිකුඩා පොලිසිය විසින් සිදුකරයි.

– සුජීවා සුභාෂිණී

53 views

2 Comments to “ලොරියකින් ගංජා කිලෝ 323ක් ගෙනයද්දී අත්අඩංගුවේ…”

  1. අක්බාර් ලොක්කා says:

    මේවට සුමන්දිරන්ලගෙ සම්බන්ධයක් තියෙන්න පුළුවන්

  2. LION says:

    මෙය මඩලන්න නම් හමුදාව උතුරට විසාල කල යුතුය.

Main News