ලොරියක හැපී ත‍්‍රිවීලයක් ප‍්‍රපාතයට පෙරලෙයි…

July 25, 2020 at 2:06 am | lanka C news
ලොරියක හැපී ත‍්‍රිවීලයක් ප‍්‍රපාතයට පෙරලෙයි…

ගිනිගත්හේන සිට නුවරඑලිය දක්වා ගැස් සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු ත්‍රිරෝද රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථය අඩි 30 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදිය.

ගැස් සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දොෂයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි ලොරි රථය ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

ගැස් ප්‍රවාහනය කල ලොරි රථය ප්‍රපාතයට පෙරලුනේ නම් විශාල අනතුරක් සිදු විමට ඉඩ තිබු බවද අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පැවසිය.

3,009 Viewers

Leave a Comment

Main News