ලොරිවලට තෙල් නෑ.. කොළඹ කුණු එකතු කිරීම නවතී…

March 21, 2022 at 3:50 pm | lanka C news
ලොරිවලට තෙල් නෑ.. කොළඹ කුණු එකතු කිරීම නවතී…

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල කසළ එකතු කිරීම නවතා ඇත.

කොළඹ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය පිළිබඳ ස්ථාවර කමිටු සාමාජික මන්ත්‍රී මහේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේල ගංගාරාම ප්‍රදේශය, නාරාහේන්පිට සහ බොරැල්ල දෙමටගොඩ ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ට්‍රක් රථවල ඉන්ධන අවසන් වීම නිසා එම ප්‍රදේශවල කසළ එකතු කිරීම ඇණහිට ඇති බවය.

ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන අනෙකුත් ප්‍රදේශවල මෙන් නොව මෙම ප්‍රදේශවල කසළ එකතු කිරීම කොළඹ නගර සභාව මගින් සිදු කෙරෙයි.

පුද්ගලික කොන්ත්‍රාත්කරු තම ට්‍රක් රථ සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග ලබා ගැනීමට සමත් වී ඇත.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයේ කසළ එකතුවීමට බාධා එල්ල වන දෙවන අවස්ථාව මෙය වන අතර මාර්තු මුල් සතියේදීත් මෙම තත්ව ඇති විය.

17,824 views

4 Comments to “ලොරිවලට තෙල් නෑ.. කොළඹ කුණු එකතු කිරීම නවතී…”

  1. නාරද says:

    මේ දවස් වල පළමු ශ්‍රේණියට ළමයි දාන සෙල්ලමේ ගරානා පාරට සෙට් වෙන විදුහල්පතිවරු සහ සංගම් සහ කඩේ යන්නන් උද්ධමනය ගලපලාලු!. වගකිව යුත්තෝ ඇස් ඇරගනු. තවත් ප්‍රශ්ණ හදන්න දෙන්න එපා

  2. Sudelmi says:

    Reason for this is the Yahapalana Government has not imported any new Trucks for garbage collection.

    Mongal Seeya

    • Dulmina says:

      👍👍🌷
      Mongal Seeya = මැදමුලනේ හැරමිටි මුත්තා

  3. මැදමුලන වලව්වේ පිනා says:

    ඕකත් ප්‍රශ්නයක්ද ???
    මේ දවස්වල කෑම අහේනියෙන් පීඩාවට පත්වෙලා ඉන්න 69 ලක්ෂෙ අඩ ගහ ගත්ත නං ,
    ඔය ටික රෑ එළි වෙන කොට කාල ඉවර කරයි !!!

Main News