ලොරි චැසිවල බස් බොඩි තහනම්.. ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි..

June 28, 2019 at 12:00 pm | lanka C news
ලොරි චැසිවල බස් බොඩි තහනම්.. ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි..

අපේ රටේ තවමත් මිනිසුන් ප්‍රවාහන කරන්නේ ලොරි චැසි වල සකස් කල බස්රථ වලන්. ඉදිරියේදී ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයටත් පෞද්ගලික අංශයටත් ලොරි චැසිවල ඉදිකරපු බස් ගෙන්වන්න බැරි වන විදියට නව නීතිරීති සකස් කරනවා යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ, නාරාහේන්පිටදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදී මගී ප්‍රවාහන බස්රථ ආනයනය කරන්නේ නියම පිලිවිතර වලට අනුව බවත් මගී බස්රථ කෙසේ සකස් විය යුතු ද යන්න පිලිවිතර නීතිගත කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවට භාර දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය අති නවීන සුඛෝපභෝගී බස්‍ රථවලින් සන්නද්ධ කිරීම අද සිදුවියග ඒ අති නවීන සුඛෝපභෝගී  බස්රථ 2000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කරමින් චීනයෙන් ගෙන් වූ ‘කින්ග් ලෝන්ග්’ බස්‍ රථ 9ක් ලංගම ඩිපෝ වෙත භාර දෙමිනි. එහි උත්සවය අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා චීනයෙන් ආනයනය කරන ලද කින්ග් ලෝන්ග් බස්‍ රථ 9 ක් ලංගම ඩිපෝ වෙත භාර දීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

උත්සවය (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අති සුඛෝපභෝගි බස් රථ 2000 ක් එක් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙම බස්රථ ආනයනය කර තිබේ. මෙම එක් බස් රථයක මිල රුපියල් මිලයන 17.1 කි. ලාභ ලබන ශ්‍රී ලංගම ඩිපෝ තම ඩිපෝවේ මුදලින් මෙම බස්රථ මිලදි  ගත්තේය. ඒ අනුව ඩිපෝ මධ්‍යම බස් නැවතුම් කාර්යාලය බස් රථ 02 ක්, මහරගම ඩිපෝව බස්රථ 02 ක්, මොරටුව සුපභෝගි බස් ඩිපෝව බස්රථ 02 ක්, පොළොන්නරුව ඩිපෝව බස්රථ 01 ක්, මාතලේ ඩිපෝව බස්රථ 01 ක් වශයෙන් බස්රථ මිළදී ගැණින. මේ සදහා වැය කළ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 153.9 කි.

මෙහිදී තව දුරටත් කතාකල අර්ජුන රණතුංග මහතා මෙසේද කීය.

මේ වනවිට මහජනතාව පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් ඉන්නවා. පොදු ප්‍රවාහනයේ තිබෙන අඩුපාඩු එයට ප්‍රධාන හේතුවයි. අපේ රටේ දුම්රිය සේවයත් ගමනා ගමන මණ්ඩලයත් සංවර්ධනය වෙලා නැහැ. අපි තවම පුරුදු වෙලා ඉන්නේ ලොරි චැසිවල ඉදිකරපු බස්රථවල ගමන් යන්නයි. අපි මේ තත්වය වෙනස් කරන්න කටයුතු කළා. ඕනෑම රජයක් බලන්නේ මේ තියන බස් වලට මිනිස්සු පටවලා ඒ බස්ම දුවවන්නයි. අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න බොහෝ කැප වුණා. මින් ඉදිරියට ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයටත් පෞද්ගලික අංශයටත් මේ වගේ ලොරි චැසිවල ඉදිකරපු බස් ගෙන්න බැරි වෙන විදහට නීති රීති සකස් කරනවා. එකෙන් අපි කරන්නේ තරවටු කිරීමක්වත් කවුරුත් පීඩනයට ලක් කිරීමක් නොවේ.

පෞද්ගලික අංශය හා එකාබද්ධ කාලසටහන් ක්‍රමයට අනුව බස් රථ ධාවනය කරන්න අපට තවත් බස් රථ 4000 ක් වත් අවශ්‍යයි. දැනටමත් අපි බස් 2000 ක් ගෙන්න වැඩ කටයුතු සුදානම් කරල තිබෙනවා. මින් ඉදිරියට අපි බස් ගෙන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්න අදහස් කරන්නේ නැහැ. ආයෝජකයන් හරහා බස්රථ ගෙන්නලා ඒවා අපට අයිති වෙන විදියේ වැඩ පිළිවෙලක් අපි දැන් සකස් කරලයි තියෙන්නේ. දැනටමත් ඒ වැඩ පිලිවෙළින් 90 % ක් අවසන් කරලයි තියෙන්නේ. ඒ වගේම අබාධිත පුද්ගලයින්ට පහසුවෙන් බස්රථයට ගොඩ වීමටත් බැසිමටත් අවශ්‍ය පහසුකම් සහිත බස්රථ ගෙන්වීමට අපි කටයුතු කරනවා. මෙතෙක් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබුණු මේ ක්‍රමවේදයෙන් අපි බැහැරවෙන්න අපි උත්සහා කරනවා. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරන්න කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා.

විශේෂයෙන්ම මෙම බස්රථ මිලදි ගෙන තියෙන්නේ අත්පිට මුදලට. ඒ සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන නැහැ. ලාභ ලබන ඩිපෝ වලින් උපයාගත් මුදල් වලින්. ඒ වගේම මින් ඉදිරියට ලොරි චැසි වල ගහපු බස් රථ ගෙන්නන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි පිලිවිතර 09 ක් හදලා තියනවා. මින් ඉදිරියට මගි ප්‍රවාහන බස්රථ ආනයනය කිරීමේදි මේ පිලිවිතර වලට අනුව බස්රථ සකස් විය යුතුයි. අපි මේ පිලිවිතර නීතිගත කරන්න කියලා මොටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවට භාර දුන්නා. ඒ අනුව මඟී ප්‍රවාහනයට සුදුසු බස්රථ ඉදිරියේදි ලැබෙවි. දැනට පොදු මගී ප්‍රවාහනය 75% සිට 40% දක්වා අඩු වෙලා තියනවා. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා යැයිද ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංගම සභාපති උපාලි මාරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

– ජයකාන්ත ලියනගේ

75 views

24 Comments to “ලොරි චැසිවල බස් බොඩි තහනම්.. ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි..”

  1. kumdhar says:

    මම වැඩ කරන්නේ ඩුබායි හි. මෙහෙ පොදු මගී ප්‍රවාහන සේවය හරි දියුණුයි. හැම නැවතුමකම ඒ මාර්ගයේ යන බස් මාර්ග අංක සහ ඒ නැවතුමට එන වෙලාව සඳහන් කරලා කාලසටහන සටහන් කරලා තියෙනවා, ඒ කියන වෙලාවට හරියරටම බස් රථය එම නැවතුමට එනවා. බැරි වෙලාවත් traffic or accident නිසා පරක්කු උනොත් එහෙම වෙන්නෙත් විනාඩි 5 කට පමණ විතරයි.

    බස් එක ඇතුලේ කන්න, බොන්න, චුයින්ගම් හපන්න තහනම්. කොන්දොස්තරලා නැහැ. සීසන් එකවගේ ඉලෙට්‍රොනික් කාඩ් එකක් හෙමෝම ගන්න ඕනි. එකට කෙඩිට් ලෝඩ් කරන්න පුළුවන් බස් ස්ටේසන් එකේ තියෙන කවුන්ටර එකෙන්.
    කාර්ඩ් එක බස් එකේ තියෙන touch scanner එකේ tap කරලා බස් එකට අතුල්වෙනවා. බහින තැනදී අයෙත් tap කරපුහම අදාළ ගමන් වියදම අය කරගන්නවා.

  2. හොඳ වැඩක්.ස්තුතියි.

  3. sakalabujan says:

    Ask Micro to make it Made in Sri lanka…Y we cant make some buses with Hybrid Or Solar power…

  4. Saman says:

    මමනම් දකින්නේ මීට වඩා වෙනස් දෙයක්. මේ පොස්ට් එක දිහා වැරදියට තේරුම් නොගනී කියල හිතනවා…..
    මීට පෙරත් ලංකාවේ විවිධ කාලවල ඔය වගේ බස් ජපානය වගේ රට වලින් ගෙනාව. ඒවා අවරුදු කීපයක්වත් තිබුනේ නෑ. ගොඩක් ඒවා අපේ දේශගුණයට, පාරවල් වලට ගලපුනෙත් නෑ. මම පෞද්ගලිකව ඉන්දියන් අනිත් වාහන වලට කැමැති නෑ. එත් ලේලන්ඩ් බස් ලංකාවේ කාලයක් තිස්සේ කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරනවා. අනිත් ඒවාට වඩා හොද පාලනයක් තියෙනවා. වියදම අඩු, ආරක්ෂාකාරී ශක්තිමත් සහ කල් පැවතීම හොදයි. ලංකාවේ ගොඩක් ජනතාව පවුඩර් බබාලා නෙමේ. අපේ අය වැඩට යන්නේ වාඩිවෙලා බස් වල සැප ගන්න නෙමේ. වෙලාවට ඉක්මනට යන්න. අපේ මිනිස්සු හොදට කට්ට කන්න පුළුවන් ජාතියක්. ඔය වගේ බස් ඕන වෙන්නේ බස් එකක තෙරපිලා යන්න බැරි, පොඩ්ඩක් ඇත්නම් දාඩිය දාන, මුනේ තියෙන පව්ඩර් ටික දියවෙයි කියල බයේ ඉන්න, තව කෙනෙක් අගේ හැප්පුනත් මානව හිමිකම් හොයන, දුවල පැනල වැඩකරන්න බැරි, ෆොන් එක කනේ ගහගෙන වටේ වෙන්නේ මොකක්ද කියල මෙලෝ දානයක් නොදන්නා ක්‍රියාකාරී නැති දුර්වල කැරැක්ටර් වලට. එහෙම සමාජයක් පවතින බටහිර අයටනම් ඔය වගේ බස් නැත්නම් බෑ. ඔය වගේ බස් අතරින් පතර තිබුනට කමක් නෑ. මොකද විශේෂ අවස්ථා වලදී, අසනීපයකදී, දුර්වලතා තියෙන අයට යන්න වෙන නිසා. එකට AC බස් දැනටමත් අපේ රටේ ඕන තරම් තියෙනවා.
    එකක් කියන්න ඕන, දැනට දුවන ලේලන්ඩ් බස් වල කන පැලෙන බෆල් සහ ඇස් පොට්ට කරන LED, ඒ වගේම මෙලෝ රහක් නැති සින්දු දාන එක නතර කිරීම, නියමිත ඉතුරු මුදල් සහ ටිකට් පතක් ලබා දීම, ආචාරශීලීව හැසිරීම, මාර්ග නීති පිලි පැදීම, බස් රථ වල අව්වෙන් ආරාක්ෂා වීමට කර්ටන් අනිවාර්ය කිරීම, සීට් තුනේ පේලි සහ පටු සීට් සවි කිරීම නැවැත්වීම, කොටන්නේ නැතුව යාම, නියමිත වෙලාවට ධාවනය, රාත්‍රී කාලයේ ප්‍රමාණවත් බස් රථ යෙදවීම, මේ දේවල් ටික කලානම් තියෙන ප්‍රවාහන සේවය මිනිස්සුන්ට කොච්චර වටිනාකමක් දේවිද.
    ඒ වගේම තියෙන බෆල් සහ TV ම පාවිච්චි කරලා මිනිසුන්ගේ මනස සන්සුන් වන අර්ථවත් සින්දු කනට නොරිදෙන විදියට දාන්න පුළුවන් නම් සමාජයටත් සේවයක් වේවි.

Main News