ලොරි-යතුරු පැදි අනතුරක්.. තරුණයන් දෙදනෙකු මිය යයි..
July 19, 2018 at 12:40 pm | lanka C news
ගලේවෙල පොලිස් වසමේ පහල වැව තලකිරියාගම ප්රදේශයේ සිදුවු රිය අණතරක් හේතුවෙන් තරුණයින් දෙදනෙකු මියගිය බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්පාර සමන්තුරේ ප්රදේශයේ පදිංචි කරුවන් දෙදනකු වන හුසේන් අහමඩ් :24* හා මොහොමඩ් ජේස්ල්ලි 28 යන දෙදනාය.
මොවුන් විදේශ ගතවිමට පාස්පොට් විදේශ රැකියා ඒජන්සියකට ලබා දි ආපසු එමින් සිටියදි පසුපසට ධාවනය කරඹින් තිබූ ලොරිරථයක පිටුපස ඔවුන් පැමිණි යතුරු පැදිට ගැටිමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් පසු තරුණයින් දෙදනා තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරිමට ගම්වාසින් කටයුතු කර ඇති අතර ඒ වන විටත් දෙදනා මියගොස් සිටි බව රොහල් ආරංචි මාර්ග පැවසීය.
ලොරි රථය පෞද්ගලික ආයතනයකට භාණ්ඩ ප්රවාහනය කරමින් තිබු බව ගලේවෙල පොලිසිය කියයි.
ගලේවෙල පොලිසියේ රථවාහන අංශයය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– මහින්ද උදයසිරි
නිවන් සැප ලැබේවා!