ලොරි රථයක් ඩෙවන් ඇල්ල ප‍්‍රපාතයට පෙරටල්..

December 14, 2019 at 5:30 pm | lanka C news
ලොරි රථයක් ඩෙවන් ඇල්ල ප‍්‍රපාතයට පෙරටල්..

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙතඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත්  කල බව දිඹුල පොලිසිය පැවසිය.

මෙම අනතුර  සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ඩෙවොන් දිය ඇල්ලට නුදුරු ඩෙවොන් ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 කක් පමණ ප්‍රපාතයෙන් වු ඩෙවොන් රක්ෂිතයට පෙරලි ඇත.

මාර්ගයෙන් ඉවතට පැන ඇති ලොරි රථය රක්ෂිතයේ වැවි තිබු ගසක රැදි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටියේය.

නුවරඑලියේ සිට කොළඹ දක්වා එලවළු ප්‍රවහනය කර ආපසු නුවරඑලිය දක්වා ධාවනය කරමින් සිටින අතුරතුර මෙම අනතුර සිදු වි ඇති බව දිඹුල පොලිසිය කියා සිටියි.

අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථයේ රියදුරාට නින්ද යාම නිසා මෙම  අනතුර සිදු වි ඇති බවත්,  අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි දිඹුල පොලිසිය කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

174 views

2 Comments to “ලොරි රථයක් ඩෙවන් ඇල්ල ප‍්‍රපාතයට පෙරටල්..”

  1. kamal says:

    කපටිකමට නෙවෙයි මම කිව්වෙ චිත්ත විසුද්ධිය නැ කියා ඒ තමයි මනුෂ්‍යත්වය මගෙ නෙවෙයි අජාසත්ත කුමාරයාගෙ නමුත් මට තියෙනවා සකෘදාගාමි ඵලය ඒය නිසා මට අමාරු නැ ෙමාකද මම දන්නවා මම ෙසාවාන් නෙවෙයි සකෘදාගාමි කියා නමුත් උඹගෙ හැම මනුෂයත්වයකම නැති මනුෂ්‍යත්වයක් මට තියෙනවා උඹට තියෙනවා ධ්‍යාන සමාප්ප්ති කියන මයිත්‍රිය නමුත් ඒය අරමුණු වෙන්නෙ නැ අැයි ඒ තමයි උඹගෙ මනුෂ්‍යත්වය

  2. "බී-මත කාල" says:

    මේ මම පොඩිකාලේ සිටම දෑසින්ම දුටු දෙයකි..! මා උපන් ගම ගැන බොහෝ දන්නේය… දවාලට රථවාහන තදබදය නිසා උදේ හතරට පමණ නුවරඑලිය සිට කොළඹට බොහෝ වාහන එලවළු ප්‍රවහනය කරයි. වාහනය උදෙන්ම පටන්ගන්නේ හඳුන්කූරක් පත්තුකරල වාහනය වටේ තුන්සැරයක් ගෙනියලා රියදුරු අසුනේ ඉඳගෙන සුක්කානම තුන් සැරයක්ම වැඳලයි. හැබැයි රියදුරු අසුන ඉදිරිපිට දේව පින්තූරය හා බුද්ධ පින්තූරය හෝ ජේසුතුමා පින්තූරය ගහගෙන ඉතා බක්තියෙන් ගමන ආරම්බ කරනවා. කොළඹට ආවාද රාජකාරිය ඉවරයි…දෙවියොත් අමතකයි ආගමත් අමතකයි… ගෙනාපු එලවලු බාරදීලා කුදුවෙන්න අරක්කු බීලා කොත්තුවක් කනවා… කාල හවසට කන්ද උඩරටට යන්න ලෑස්ති වෙනවා ආයි අර වතාවත් කරන්නේ නැහැ… හැබැයි අර යාගහෝම කළ දේව රූප ඉදිරියෙන් තියෙන රියදුරු අසුනේ තමයි වාඩිවෙන්නේ වංගු දහ අටක්ම පහු කරල සීතාඑලිය නුවරඑලියට එන්න! කන්ඳ නගිනකම් පමනක් අර මතට සමාන වෙන්න අරක්කු කාලක් ගහනවා දෑස් ඇරගෙන තියාගන්නට කියලා! නමුත් අමතකයි මත්ජරාව ඇඟෙන් පිට කරන්න බිව් ප්‍රමානය හා සමාන වතුර හය-ගුණයක් මුත්‍රා ලෙස පිට කරන්න ඕනිමයි කියල ඒ විස පිට කරන්න.. ! ඔවැනි රිය අනතුරු උනාම…
    පොලීසියටත් වැඩය ලේසි කරගන්න කියනවා බ්‍රේක් කැඩිලා සර් … නැතිනම් නින්ඳ ගියා සර් කියලා අතමාරුවක් දීලා වැඩය ෂේප් වෙනවා! මෙවැනි රිය අනතුරු වැඩිපුර වන්නේ හැටන් කොටගල දරුණුම වංගු තියෙන පැත්තේ..

Main News