ලොරි රථයක් හා ත‍්‍රි රෝද රථයක් මුහුණට මුහුණ ගැටී දෙදරු කාන්තාවක් ජීවිතක්ෂයට…[Photo]

August 6, 2017 at 5:30 pm | lanka C news
ලොරි රථයක් හා ත‍්‍රි රෝද රථයක් මුහුණට මුහුණ ගැටී දෙදරු කාන්තාවක් ජීවිතක්ෂයට…[Photo]

අනුරාධපුර ප‍්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ත‍්‍රි රෝද රථයකින් ආපසු එමින් සිට් එකම පවුලේ සිවි දෙනක් ඒ නවය මාර්ගයේ ලෙනදොර පාසල අසල දී අනතුරකට ලක්වී රථයේ ගමන් ගත් මව එම ස්ථානයේ දීම ජිවිතක්ෂයට පත්ව ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මාතලේ සිය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කොස් රැගෙන ගිය කුඩා ලොරි රථක මුහුණට මුහුණලා ගැමීමෙන් සිදුවු අනතුරෙදි ත‍්‍රි රෝද රථය පැදවු පියා සහ එහි ගමන්ගත් දියණිය බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පේරාදෙනිය හි`දගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිස්නා රංජනි(44) නැමැති දෙදරු මවකි.

ඉහත ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. මයුර තිලක (48) සහ කවිදු දිදුරංගා(11) යන අය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකළ අයවලූන් වෙති.

එම රථයේම ගමන් ගත් වයස අවුරු 14 ක් වු එකම පුත‍්‍රයා අනතුරින් බේරි ඇති බව පොලිසිය සදහන් කරයි.

ලොරි රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වල දී අනාවරණය වී තිබේ.

රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

– ඉන්දික අරුණ කුමාර

12 views
Main News