ලොරි-වෑන් රථ මුහුණට මුහුණ හැපේ.. අයෙක් මරුට පහකට බරපතලයි..[Photo]

August 8, 2017 at 5:30 pm | lanka C news
ලොරි-වෑන් රථ මුහුණට මුහුණ හැපේ.. අයෙක් මරුට පහකට බරපතලයි..[Photo]

වව්නියාව ඒ-9 මාර්ගයේ ඩිපෝව ඉදිරිපිටදී අද (08) වෑන් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

වව්නියාව ඩිපෝව ඉදිරිපිටදී අද දහවල් 2ට පමණ වව්නියාව සිට මැදවච්චිය දෙසට ගමනගත් ලොරිය මැදවච්චිය දෙස සිට පැමිණ වෑන් රථය මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

අනතුරින් පසුව වෑන් රථයේ රියදුරු හා බරපතල තුවාල ලැබූවන් වව්නයාව මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී වෑන් රථයේ රියදුරු මිය ගොස් ඇති බවට වව්නියාව පොීසිය කියා සිටියේය.

මෙම අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරන වී නොමැති අතර වෑන් රථයේ රියදුරු තවත් වාහනයකින් ඉස්සර කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුවන්නට ඇති බවටද වව්නියාව පොලීසිය විසින් සැක පල කර සිටියි.

කෙසේ වෙතත් අදාල අනතුර හේතුවෙන් ඒ -9 මාර්ගයේ රථවාහන තදබදයක්ද පැවති අතර වව්නියාව පොලිස් රථවාහන නිලධාරීන්ගේ මැදිහත් වීමෙනන් තත්වය පාලනය කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

278 views
Main News