ලොවම බියවූ කොරොනා පැරදු ජනපති වෙනුවෙන් පොහොට්ටුව දිනවන්න ජනතාව තීන්දු කර අවසන්..

July 3, 2020 at 8:40 am | lanka C news
ලොවම බියවූ කොරොනා පැරදු ජනපති වෙනුවෙන් පොහොට්ටුව දිනවන්න ජනතාව තීන්දු කර අවසන්..

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ලබා ගැනීමට දවල් හීන දකිනවා යැයි  හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවති ජන හමුවකට සහභාගිවෙමින්  පැවසීය.

කටාන පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේසේද පැවසීය.

ජනතාව වෙනුවෙන් ලබා දිය නොහැකි බොරු පෙරොන්දු හා විහිළු කතා කියමින් ජනතාව මුලා කරමින් සිටින බවත් එතුමාගේ  ඉලක්කය වී ඇත්තේ සිරිකොත බලය අල්ලා ගැනීමයි. තමා නායකත්වය දරන ජාතික සමගි බලවේගයේ පිරිස් සිතූ සිතූ ලෙස අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. සජිත්ගේ පිරිස් ඔහුව අතහැර යමින් සිටිනවා. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දයක් ලබා දීමට නොහැකි වීම පිළිබදව එක්සත් ජාතික පාක්ෂිකයෝ අද කළ කිරීමට ලක් වී තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ආසන 150 ට එහා ගිය බලයක් ලබා ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය වටා සිටි ජනතාව එම පක්ෂයේ නායකයින්ගේ ක්‍රියාකලාපයන් නිසා කලකිරීමට පත් වෙලා . එම පිරිස් පොදුජන පෙරමුණ වටා රොක් වෙමින් සිටිනවා. වේගවත් සංවර්ධනයක්, යහපත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවත් ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල පවතින ඇතැම් අර්බුදකාරි තත්ත්වයන් හේතුවෙන් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබෙනවා. ජනතාවාදි ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

රටට ආදරය කරන විවිධ අර්බුද වලදී රටත් ජනතාවත් ආරක්ෂා කළ පරිණත නායකයින් දෙපළක් රටේ ප්‍රධාන තනතුරු දෙක හොබවමින් සිටිනවා. මෙතරම් ජනතා විශ්වාසයක් ඔවුන් වෙනුවෙන් ගොඩ නැගී ඇත්තේ එම පාලනයක් තුළ ජනතාව ආරක්ෂිත බව ඔවුන් හොදින් දන්නා නිසා.

ලෝකයේ බලවත් රටවල් කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට නොහැකිව සිටියදී නිසි වේලාවට නිසි තීරණ ගැනීමේ නිවැරදි නායකත්වය හේතුවෙන් කොවිඩ් 19 පාලනය කර ගැනීමට අපේ රටට හැකියාව ලැබුණා. එහිදී සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ඨයි. මේ පිළිබදව ජනතාව ඉහළ ප්‍රසාදයකින් සිටිනවා. මේ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය ජන්දය පොදුජන පෙරමුණට ලබා දෙන බවට ජනතාව තීන්දූ කර අවසන් බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

10,329 Viewers

16 Comments to “ලොවම බියවූ කොරොනා පැරදු ජනපති වෙනුවෙන් පොහොට්ටුව දිනවන්න ජනතාව තීන්දු කර අවසන්..”

  1. sunimal says:

    ඉතිහාස ගතවන ජයක් සියයට සියක් සිංහලයන්ගේ චන්දෙන්, අපි එක්වෙමු අපේ බලය පෙන්වමු, ජය ශ්‍රී

  2. Asela Fernando says:

    Personally I have contacted Nimal Lanza for a solution I required. He honestly helped me. I never accept such humble response from him. I don not know anything about said allegations. That’s what I needed share with you.

  3. ක්‍රිමිනල් says:

    බෛයො උඩින්ම පාර්ලීමෙන්තුවට ඔබතුමාව එවාවී ,කිසි දේකට බයවෙන්නෙපා !

  4. මහින්ද බාලපටබැඳි says:

    ;ලන්සා කියන්නේ දෙමළෙක්. ඌ බය නැතුව මීගමුවේ ඉන්න සිංහල මෝඩයන්ට කුඩු බෙදනවා.

  5. ගිරයට අහුවුණ පුවක says:

    හෙලිකොප්ටරයෙන් ගිහින් බැහැලා කුඩු ලන්සාව බේරා ගත්තේ ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ නේද?

Main News