ලොව ඉතා වැදගත් ජෛව විවිධත්ව තෙත්බිමක් වන මුතුරාජවෙලට කුණු දාන්නේ පරිසර ඇමති ජනාධිපති ලෙස ගැසට් එකෙන් බලය දුන් නිසයි..- පොලිසිය

April 23, 2017 at 2:10 pm | lanka C news
ලොව ඉතා වැදගත් ජෛව විවිධත්ව තෙත්බිමක් වන මුතුරාජවෙලට කුණු දාන්නේ පරිසර ඇමති ජනාධිපති ලෙස ගැසට් එකෙන් බලය දුන් නිසයි..- පොලිසිය

ලංකාවේ දැනට තිබෙන නාගරිකයේ පීහිටි ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් තෙත්බිමක් වන මුතුරාජවෙල අභය භූමීයට කුණු දැමීම මේ වනවිට කොළඹ නගර සභාව විසින් ආරම්භ කොට ඇති අතර එයට විරුද්ධ වූ ජනතාව පාලනය කිරීමට සහ ඔහුන් අත් අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා විසින් මෑතකදී නිකුත් කල අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය යොදාගෙන ඇති බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක් නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ රාත්‍රි රජයේ රූපවාහිනි ප්‍රවෘත්ති හරහා ප්‍රකාශ කලේ ය.

එහිදි නියෝජ්‍ය පොලිස්පතිවරයා රජයේ රූපවාහිනිය මගින් ජනතාව වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.

“අද දින උදේ දහයට පමණ පමුණුගම පොලිස් වසමේ නුගවෙල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරුබිම වෙත අපද්‍රව්‍ය බැහරකිරීම ස්ථානයේ මහජන උද්ගෝසනයක් පවත්වනු ලැබුවා. මෙම මහජන උද්ගෝසනය මුල් වී තිබුනේ එම ස්ථානයට අපද්‍රව්‍ය බැහරකිරීමට පැමිණි වාහන එම ස්ථානයට ඇතුළුවීම වැලැක්වීමේ අරමුණ කොට, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රීලංකා පොලිසිය මැදහත්ව කටයුතු කරනු ලැබුවා. මේ අවස්ථාවේදී උද්ගෝෂකයින් විසින් එල්ල කරන ලද ගල් පහරක් වැදීම හේතුවෙන් එම කසල බැහැර කිරීමට පැමිණි වාහනයක වාමුවාවක් බිදි ගොස් තිබෙනවා ඊට අමතරව එක් පොලිස් නිලධාරියෙකු ගල් පහරක් වැදිමෙ හේතුවෙන් තුවල ලබා තියෙනවා. මෙම සිද්ධිය සම්බන්ධව එක් පුද්ගලයකු මේ වනවිට අත් අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව අධිකරණය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරනවා මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධානම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයේදි සිදු කරන ලද විඩීයෝ පට ගත කිරීම මේ වනවිට නිරීක්ෂණය කිරීමට පොලිසිය කටයුතු කරනවා.

මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කල ඇති රජයේ ගැසට් පත්‍රයක් මගින් පොලිසිය වෙත පවරා ඇති බලතල ප්‍රකාර ඒ අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම ශ්‍රීලංකා පොලිසිය වෙත පැවරී තිබෙනවා එම අපද්‍රව්‍ය බැහර කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍යය බලධාරීන් විසින් නිරුතුරුව අධීක්ෂණය කරනු ලබනවා අවශ්‍ය ආරක්ෂක විධි විධාන සියල්ල මේ වනවිට ගෙන අවසන් එමනිසා පොලිසිය මහ ජනතාවගෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා මෙම ක්‍රියාවලියේදි නීතිය කඩන්නේ නැතිව නීතියට අවහිර නොකර නීතියට ගරු කරමින් නීතිගරුක ලෙස හැසිරෙන ලෙස”

පුවත මෙතනින්

මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව මෙන්ම එහි ඇති වටිනාකම සම්බන්ධව 2003 වසරේදි ලෝක පාරිසරික සුරකීමේ සංගමය විසින් IUCN — The World Conservation Union, ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය මත සිදු කල වාර්තාව,

99 views

12 Comments to “ලොව ඉතා වැදගත් ජෛව විවිධත්ව තෙත්බිමක් වන මුතුරාජවෙලට කුණු දාන්නේ පරිසර ඇමති ජනාධිපති ලෙස ගැසට් එකෙන් බලය දුන් නිසයි..- පොලිසිය”

  1. harsha says:

    කවුරු හරි මේකට මැදිහත් වෙලා ලෝක පරිසර්ස සුරැකීමේ සන්විදනයට දන්වලා අපේ ජනාදිපති ට රටේ තියෙන පරිසරය ගැන දන්වන්න. හෙට අන්නිද්ද කියවී මම මේ ගැන දන්නේ පත්තරෙන් කියලා. මම එහෙම දෙයක් කරන්න කිවේ නැහැ, මගේ ගැසට් නිවේදනය පොලිසිය වැරදි විදිහට භාවිතා කරලා කියලා d

  2. sanjeewani says:

    මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකියි. මීට සමාන මග පෙන්වන සුළු නඩුවක් වන එප්පාවල පොස්ෆේට් නිධිය සම්බන්ධ බුලන්කුලම නඩුව අපගේ මතකයට නිතැතින් එයි.