ලොව ඉතා වැදගත් ජෛව විවිධත්ව තෙත්බිමක් වන මුතුරාජවෙලට කුණු දාන්නේ පරිසර ඇමති ජනාධිපති ලෙස ගැසට් එකෙන් බලය දුන් නිසයි..- පොලිසිය

April 23, 2017 at 2:10 pm | lanka C news
ලොව ඉතා වැදගත් ජෛව විවිධත්ව තෙත්බිමක් වන මුතුරාජවෙලට කුණු දාන්නේ පරිසර ඇමති ජනාධිපති ලෙස ගැසට් එකෙන් බලය දුන් නිසයි..- පොලිසිය

ලංකාවේ දැනට තිබෙන නාගරිකයේ පීහිටි ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් තෙත්බිමක් වන මුතුරාජවෙල අභය භූමීයට කුණු දැමීම මේ වනවිට කොළඹ නගර සභාව විසින් ආරම්භ කොට ඇති අතර එයට විරුද්ධ වූ ජනතාව පාලනය කිරීමට සහ ඔහුන් අත් අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා විසින් මෑතකදී නිකුත් කල අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය යොදාගෙන ඇති බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක් නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ රාත්‍රි රජයේ රූපවාහිනි ප්‍රවෘත්ති හරහා ප්‍රකාශ කලේ ය.

එහිදි නියෝජ්‍ය පොලිස්පතිවරයා රජයේ රූපවාහිනිය මගින් ජනතාව වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.

“අද දින උදේ දහයට පමණ පමුණුගම පොලිස් වසමේ නුගවෙල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරුබිම වෙත අපද්‍රව්‍ය බැහරකිරීම ස්ථානයේ මහජන උද්ගෝසනයක් පවත්වනු ලැබුවා. මෙම මහජන උද්ගෝසනය මුල් වී තිබුනේ එම ස්ථානයට අපද්‍රව්‍ය බැහරකිරීමට පැමිණි වාහන එම ස්ථානයට ඇතුළුවීම වැලැක්වීමේ අරමුණ කොට, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රීලංකා පොලිසිය මැදහත්ව කටයුතු කරනු ලැබුවා. මේ අවස්ථාවේදී උද්ගෝෂකයින් විසින් එල්ල කරන ලද ගල් පහරක් වැදීම හේතුවෙන් එම කසල බැහැර කිරීමට පැමිණි වාහනයක වාමුවාවක් බිදි ගොස් තිබෙනවා ඊට අමතරව එක් පොලිස් නිලධාරියෙකු ගල් පහරක් වැදිමෙ හේතුවෙන් තුවල ලබා තියෙනවා. මෙම සිද්ධිය සම්බන්ධව එක් පුද්ගලයකු මේ වනවිට අත් අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව අධිකරණය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරනවා මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධානම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයේදි සිදු කරන ලද විඩීයෝ පට ගත කිරීම මේ වනවිට නිරීක්ෂණය කිරීමට පොලිසිය කටයුතු කරනවා.

මෙම අපද්‍රව්‍ය බැහැර කිරීම අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කල ඇති රජයේ ගැසට් පත්‍රයක් මගින් පොලිසිය වෙත පවරා ඇති බලතල ප්‍රකාර ඒ අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම ශ්‍රීලංකා පොලිසිය වෙත පැවරී තිබෙනවා එම අපද්‍රව්‍ය බැහර කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍යය බලධාරීන් විසින් නිරුතුරුව අධීක්ෂණය කරනු ලබනවා අවශ්‍ය ආරක්ෂක විධි විධාන සියල්ල මේ වනවිට ගෙන අවසන් එමනිසා පොලිසිය මහ ජනතාවගෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා මෙම ක්‍රියාවලියේදි නීතිය කඩන්නේ නැතිව නීතියට අවහිර නොකර නීතියට ගරු කරමින් නීතිගරුක ලෙස හැසිරෙන ලෙස”

පුවත මෙතනින්

මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව මෙන්ම එහි ඇති වටිනාකම සම්බන්ධව 2003 වසරේදි ලෝක පාරිසරික සුරකීමේ සංගමය විසින් IUCN — The World Conservation Union, ශ්‍රීලංකා රජයේ අනුග්‍රහය මත සිදු කල වාර්තාව,

375 views

12 Comments to “ලොව ඉතා වැදගත් ජෛව විවිධත්ව තෙත්බිමක් වන මුතුරාජවෙලට කුණු දාන්නේ පරිසර ඇමති ජනාධිපති ලෙස ගැසට් එකෙන් බලය දුන් නිසයි..- පොලිසිය”

  1. Boo says:

    ඔය ගහන පොලිස් කාරයින්ගේත් මූනු වීඩියෝ කර ගනිල්ලා, ඒවත් අපිට පසු කාලෙක විමර්ශනයකට ඕන වෙනවා, එතකොට බලමු, ඒගොල්ලන්ටත් උසස්වීමක් දෙන්න වෙන ග්‍රහ ලෝකෙකට. දැන් ඉතින් ඉවසුවා හොඳටම ඇති පුතේ.

  2. daham says:

    sahathika attha. samahara evun thirisan vidihata pahara denawa lakunu daa ganna. wadagath niladhaareen hondata hasirenawa. degolla ganama kawadaa hari hariata salakanna one.

  3. love nature says:

    .
    මුතුරාජවෙල යනු කෝට්ටේ රාජධානි සමයේ ඉතා සශ්‍රිකව පැවති කුඹුරු යායකි. රජුන් සදහා මුතුවන් සහල් සැපයීම නිසාත්, මුතුරාජ නම් පුද්ගලයකුගේ අණසකට යටත්ව පැවති නිසාත් එම කුඹුරු යායට මුතුරාජවෙල යන නම ලැබුණු බව ඓතිහාසික ජනප්‍රවාද වල සදහන් වේ. එහෙත් යටත් විජිත සමයේදී භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව සදහා කපන ලද ඕලන්ද ඇළ හා හැමිල්ටන් ඇළ හරහා ලවණ ජලය කුඹුරු යායට ගලා ඒම නිසා පසු කාලයකදී එම කුඹුරු යාය වගා කිරීමට නුසුදුසු තත්ත්වයට පත්ව වගුරු බිමක් බවට පත්ව ඇත. එම මුතුරාජවෙල වගුරු භූමිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 1996 වසරේදී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
    හෙක්ටයාර 206.67 ක්වූ මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක භූමි ප්‍රදේශය ප්‍රධාන කලාප 3කට බෙදා ඇත. එනම් මුතුරාජවෙල සංරක්ෂණ කලාපය, ප්‍රේරණ කලාපය හා මිශ්‍ර නාගරික කලාපය වශයෙනි. මේ අතුරෙන් මුතුරාජවෙල සංරක්ෂණ කලාපයේ කටයුතු වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ක්‍රියාත්මක කෙරේ. මිශ්‍ර නාගරික කලාපය තුළ සංවර්ධන කටයුතු සදහා ඉඩ අවස්ථාව සලසා දී ඇති අතර මේ කලාපය මගින් සංරක්ෂණ කලාපයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරිම සදහා ප්‍රේරණ කලාපයක් නම් කර ඇත. ප්‍රේරණ කලාපය හා මිශ්‍ර නාගරික කලාපය තුළ කටයුතු ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් පාලනය කෙරේ.
    මෙම තෙත් බිම් පරිසර පද්ධතිය අතීතයේ සිටම විවිධ ප්‍රයෝජනයන් සදහා යොදවා ගන්නා ලදී. එනම්, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, වෙළදාම, නාවික කටයුතු, ස්වභාවික ද්‍රව්‍ය ලබා ගැනිම, ජීවී වාසස්ථාන සැපයීම, අධ්‍යාපන හා විනෝද කටයුතු සදහා යොදවා ගැනීම ආදියයි.

    මුතුරාජවෙල අභය භූමිය ජෛව විවිධත්ව අතින් ඉතා පොහොසත් තෙත් බිම් පරිසර පද්ධතියකි. ලෝක සංරක්ෂණ සංගමයේ ( IUCN ) දත්තයන්ට අනුව මෙම වගුරු භූමිය තුළ කුළ 14කට අයත් ක්ෂීරපායි විශේෂ 34 ක්ද, මත්ස්‍ය විශේෂ 21 ක්ද, උභය ජීවී විශේෂ 14 ක්ද, උරග විශේෂ 31 ක්ද, පක්ෂි විශේෂ 102 ක්ද, බත් කූරන් විශේෂ 22 ක්ද, සමනල විශේෂ 48 ක්ද, වාර්තාවී ඇත.

  4. love nature says:

    මුතුරාජවෙල අභය භූමිය තුළ සැරි සරසන පක්ෂි විශේෂද ගණනාවක්ම හඳුනාගත හැකිය. කණ කොකා කොරවක්කා හීන් කොට්ටෝරුවා තඹ සේරුවා බෙල්ලන් කොකා මැටි කොරවක්කා කඩොල් කොකා උලුස්කැස්වටුවා මේ අතුරින් විශේෂත්වයක් ගනී. එසේම සමනල් වර්ග විශාල සංඛ්‍යාවක්ම අභය භූමියතුළ සැරිසරනු දැකිය හැකිය.

  5. love nature says:

    මුතුරාජවෙල අභය භූමිය ගංවතුර පාලන ප්‍රදේශයක් ලෙස ද ඉතා වැදගත් වේ. එහෙත් වර්තමානයේ දී නිසියාකාර සැලසුමක් නැතිව සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයන් හා අනවසර ඉදි කිරීම, ගොඩකිරීම් හා කැළි කසල බැහැර කරලීම් නිසා මෙම අසිරිමත් තෙත් බිම් පරිසරයේ සමතුලිතතායයට හානි පමුණුවයි. එබැවින්, මෙම පරිසරයෙන් හෙට දිනටත් නිසි ප්‍රයෝජනයන් ලබාගැනීමට නම් එය සුරක්ෂිත කර ගැනීම ඔබ අප සැමගේම යුතුකමකි.

  6. Saradiel says:

    අතීත මුතුරාජවෙල වෙල්යාය කෙතරම් සශ්‍රීකව පැවැතිය ද එය හරිහැටි අස්වැද්දීමෙන් මුළුරටටම බත සැපයිය හැකිව තිබූ බව අදත් එම ප්‍රදේශවල ගැමියෝ කියති. මුතුවන් සහල් ලද හැකි රාජකීය වෙල් යාය මුතුරාජවෙල බව ඒ සම්බන්ධ ‍පොදු මතයයි.

  7. LION says:

    මුතුරාජවෙල පරිසර

    http://cortanavideo.review/watch/l8cbW-hA1yQ

  8. love nature says:

    අභය භූමි, රක්‍ෂිත පිළිබඳ විපරම් කර බලමු

    අභය භූමි, රක්‍ෂිත පිළිබඳ විපරම් කර බලමු.අභය භූමියේ නම විශාලත්වය (හෙක්ටයාර්)1. වුන්ඩිකුලම 11,149.12. විල්පත්තු උතුර 632.03. තෙල්වත්ත 1,424.54. වීරවිල තිස්ස 4,164.25. කටගමුව 1,003.66. පොළොන්නරුව 1,521.67. ගැල්වේස් ලෑන්ඩ්ස් 56.68. තංගමලෙයි 131.59. මිහින්තලේ 999.610. කතරගම 837.711. අනුරාධපුර 3,500.512. මින්නේරිය – ගිරිතලේ 6,693.513. උඩවත්තකැලේ 104.014. ගල්පර දූපත් අම්බලන්ගොඩ 1.2 5. සමනල අඩවිය 22,379.116. කෑගල්ල (කුරුලු කැලේ) 113.317. වෙල්හිල්ල කැටගිල්ල 134.318. කෝකිලායි 1,995.019. සේනානායක සමුද්‍රය 9,,324.020. ගල්ඔය ඊසාන දිග 12,432.021. ගල්ඔය අග්නි දිග 15,281.022. යෝධ වැව 4,330.123. වවුනිකුලම් 4,856.224. සාගමම් 616.425. පදවි වැව 6,475.026. ති‍්‍රකුණාමල නාවුක හමුදා වැඩ බිම 18,130.027. ලොකු සෝබර් දූපත 64.728. කුඩා සෝබර් දූපත 6.529. කිඹුල්වානා ඔය 492.130. මහකන්දරාව වැව (සම්පූර්ණ ජලාශය වටා යාර 400) 519.3331. මඩුපාර 26,677.032. සේරුවිල – අල්ලෙයි 15,540.033. මාඉඹුල්කන්ද – නිට්ටඹුව 23.534. පරෙයිතිවු දූපත 97.135. කුඩුම්බිගල 4,403.036. කිරම ඔය -37. හොන්දුව දූපත 8.538. බුද්ධංගල 1,841.339. රාවණා ඇල්ල 1,932.040. මැදින් දූව 0.841. කලමැටිය 2525.242. ශී‍්‍ර ජයවර්ධනපුර 449.243. වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ 42,087.344. පරපුටුව මෙහෙණි 189.645. කහල්ල පල්ලෙකැලේ 21,690.046. සීගිරිය 5,099.047. බෙල්ලන්විල අත්තිඩිය 372.048. වැලිපර 30,669.949. නිමලව 1,065.850. මදුනාගල 995.251. මුතුරාජවෙල 1 කොටස 1,028.6 52. ආනවිලුන්දාව 1,397.053. ඇලහැර – ගිරිතලේ 14,035.254. දහයියාගල 2,,685.0755. රූමස්සල 170.756. එළුවිලයාය 186.057. තබ්බෝව 2,193,30958. කිරලකැලේ 310.0

  9. White Shark says:

    අයියෝ, මේ මොනවාද මේ කරන්නේ?

    මුතුරාජවෙල මොන තරම් වටින පරිසරයක්ද? ලංකාවේ ලොකුම ලවණ සහිත වගුරුබිම (saline marshland). මේ වටිනා වගුරු බිම අවුරුදු 7000 කට වඩා පරණයි කියල හොයා ගෙන තියෙනවා! දුර්ලභ ශාක, සත්ව කොට්ඨාශ ඉන්නවා. කුරුල්ලෝ වර්ගම (bird species) 100කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. සාමාන්‍යයෙන් දකින සුදු, අළු, ලානිල්, දුඹුරු කොකුන්ට වඩා වෙනස් නිතර දකින්න නැති දම්පාට කොකුන් වර්ගයක් මුතුරාජවෙල ඉන්නවා. තව අනිත් පළාත් වලට වඩා හුඟක් වෙනස් පාට වර්ග වල කුරුල්ලන් වර්ග ගොඩක් ඉන්නවා.

    කාලෙක ඉඳන් මේ පරිසරය දූෂණය වෙනවා. මේ වගේ ආරක්ෂා කරගතයුතු බිමකට කුණු දාන්නේ තමන් ජීවත් වෙන පරිසරය ගැන කිසිම හැඟීමක් නැති මිනිස්සු ඉන්න අපේ රටේ විතරයි. මේ පළාත – මුතුරාජවෙල අභය භූමියක් විදියට ගැසට් කරලා තියෙන්නේ අවුරුදු විසිගානකට ඉස්සෙල්ල. කුණු කසල අභයභූමියකට දාන්න ඉඩ දුන්නේ කවුද?

    Rather than using it as a garbage landfill, we should re-demarcate this area as “Muthurajawela Marsh Preserve” and protect this marshland, wildlife and environment for the future generation.

    මිනිස්සුන්ට රට ගැන පරිසරය ගැන තියෙන කැක්කුම කිසිම දේශපාලකයෙකුට නැත්තේ මොකොද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු දේශපාලකයෝ වෙන්න කලින් ඉස්කෝලේ ගිහින් තියෙනවනේ. ඒ කාලේවත් ඉගෙන ගෙන නැත්ද ලංකාවේ ස්වභාවික පරිසරයේ වටිනාකම? දේශපාලනයට ආව ගමන්, බලය ලැබුණු ගමන් හැමදේම අමතක වෙනවද?

    ඡන්දෙන් පත්වුනාට, පාර්ලිමේන්තුවට ඇතුල්වෙන්න ඉස්සෙල්ල විභාගයකට ඉන්ඳන්න ඕනේ දේශපාලකයන්ව (Entrance Test). ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, නෙමෙයි, “රටේ ඉතිහාසය, ආගම, පරිසරය සහ ජෛව ව්විධත්වය , අපේ සම්පත් සහ විශේෂයෙන් සාමාන්‍ය දැනීම” ගැන. ඊට පස්සේ මේ ලකුණු ප්‍රසිද්ධ කරන්න ඕනේ.

    ඇත්තටම කියනවා නම් පරක්කු වෙලා හරි මේ රටේ ජනතාව රටේ පාලනයට ඇඟිලි ගහන එක, විරුද්ධ වෙන එක හොඳයි. ඇත්තටම ජනතාව මේවා කරන්න තිබුනේ කාලෙකට ඉස්සෙල්ල.

    කලින් ආණ්ඩු කරපු නිසා අපිත් කළා කියන එක නිදහසට කරුණක් නෙමෙයි. කලින් එකම ඕනේ නම් මිනිස්සුන්ට තිබුනනේ වෙනස් නොකර ඒකම තියා ගන්න.

    කලින් මුතුරාජවෙල කුණු කසල දැම්ම, ඒ නිසා අපිත් දානවා කියල කියන්න එපා.

    ගැසට් එකයි මුතුරාජවෙලයි අතර තියෙන සම්බන්ධෙ මම දන්නේ නැහැ. රටේ පරිසර ඇමැති මේවා ගැන දන්නේ නැහැ කියන්න බැහැ. පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් කොච්චර ඉන්නවද? පරිසර අධිකාරියේ නිලධාරීන් කොච්චර ඉන්නවද? මහජන ධනයෙන් යැපෙන මිනිස්සු තමන්ගේ රාජකාරිය ගැන මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනේ නේද?

    මිනිස්සුන්ගේ සනීපාරක්ෂාව ගැන හිතල ගෙවල් වලයි හැම තැනමයි එකතු වෙන කුණු වහාම ඉවත් කරන්න ඕනේ බව ඇත්ත. හැබැයි ඒකට ලේසියට වටිනා වගුරු බිම්, ගංගා ඇලදොළ, ඔයවල් තියෙන තැන්ම තෝරාගන්න ඕනෙද?

    ජනාධිපතිතුමා තමන්ගේ “ඉතුරු වෙලා තියෙන” බලය පාවිච්චි කරලා, “පරිසර ඇමතිට” නියෝගයක් දෙන්න ඕනේ වහාම මේ ගැන සොයා බලන්න කියල. නැත්නම් ඇමති තනතුරින් අස් කරලා, ක්‍රියාකාරී ඇමතිවරයෙක් පත් කරනවා කියල අවසාන නිවේදනයක් නිකුත් කරන්න ඕනේ.

  10. Bakaladasa says:

    Friends , Sri Lankans and Countrymen!

    Don’t take this presidential decree lightly-though it is the only the second one during tenure, the first being the public flogging (nearly) imposed on that bra-thrower.
    The gazette order practically empowers ANYONE who wants to dispose of his garbage ANYWHERE to do so in ANY MANNER he deems fit.
    Opposing, hindering , protesting such disposals and inciting such acts by ANYBODY shall be an offence so grave that the Police can arrest the perpetrators at their sole discretion.
    Such persons shall face rigorous imprisonment for periods unspecified, (imposed by whom , under what laws not being very clear at this moment)
    Someone might dare to take this to the courts- but I don’t think it’s advisable as the courts totally free of political interference.
    This gazette order should not be taken lightly as it has been decided by the Minister of Environment, who happens to be the executive Prez, consultation with most of the “steak” holders-like the Western Region Development Minister, Western Province Chief minister r, Disaster Management Minister, Regional Dev Minister (the Field Marshal), the all knowing Megapolis Minister and the last but not the least the local MP etc etc.
    With our Police Chief-whose devotion and enthusiasm for “flexing” the law enforcement muscle-I think the garbage problem itself will end up on the garbage heap!

Main News