ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ලාංකිකයන් 24 ක්.. හොර මහාචාර්යයැයි විපක්ෂය කී චන්න ජයසුමනත් ඒ අතර…

October 29, 2021 at 3:17 am | lanka C news
ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ලාංකිකයන් 24 ක්.. හොර මහාචාර්යයැයි විපක්ෂය කී චන්න ජයසුමනත් ඒ අතර…

ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.

මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි.

පේරාදෙනිය (6), කැලණිය (5), කොළඹ (4), ශ්‍රී ජයවර්ධනපුර (3), රජරට (2), යාපනය (1), වයඹ (1) ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ.

නිමල් සේනානායක, ජනක ද සිල්වා, SAM කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි.

අදාල ලයිස්තුව මෙතනින්

180,641 views

67 Comments to “ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ලාංකිකයන් 24 ක්.. හොර මහාචාර්යයැයි විපක්ෂය කී චන්න ජයසුමනත් ඒ අතර…”

  1. MD says:

    අනේ අපේ ඇමතිතුමත් ඉන්නව. දැන්නම් හාල් 500ට ගියත් කමක් නෑ.

    • Dharshana Abeykoon says:

      ජෙප්න්ගේ මැටි කතා තමා පවි ඉතිමි….

      • කැපුවත් පොහොට්ටුවට says:

        ජෙප්පො අනාතයි 2025 පොහොට්ටුවෙ ජයග්‍රහනය වලක්වන්න කාටවත් බෑ.

        • Charith lanka says:

          පෙජ්ජො නැතුවට ගූ පොහොට්ටුව නම් ඕනෙ නෑ තවත් එහෙම පිහොට්ටු වහල්ලු ඉන්න එකක්නෑ මේ දෙන සහන වලට😡😡🤬🤬

          • NuwanJ says:

            ලිං මැඩියෙක් වගේ පව් ලොක වසංගතයක් පවතින කාලයක් අපි ගතකරන්නෙ කියල දාගෙන ඉන්න කණ්නාඩියෙ පාට අවුල් නිසා පේන්නෙ නැතුව ඇති

          • Charitha Lanka ඇල් ටොනික් ගහලා රෙද්දක් පොරොවාගෙන බුදියගනිං

  2. Janaka from Matara says:

    බෝම ආඩම්ඹරයි අපිට​
    <>
    මිලියනයට වැඩිලු ඒ විද්‍යාඥයො ගාන​. මිලියනයයි කියමු. එයින් 2% කියන්නෙ 20,000. ඒ 20000න් එක්කෙන්ක් තමයි අපේ මහැදුරු ජයසුමන​. ඒ ගොඩේ ඉංදියාවෙං ඉන්නවයි කියන්නෙ 3600 ක් .

  3. Chathura Gunarathna says:

    Ratatama adambarayak genapu obathuma wage widhwatheku amathyamandake inna eka gana godak sathutui. Obata suba pathum…

  4. Neo says:

    චන්න ජයසුමනට ඕක හම්බ වෙලා තියෙන්නේ පොහොර වල ආසනික් තියෙනවා කියලා ඔප්පු කරන්න කරපු පරීක්ශනය සදහා.

    හැබැයි පිටරටවල ඒ පරීක්ශනය පිලිගත්තට අපේ රටේ සමහර මහාචාර්යවරු මෙන්ම බහුතරයක් දේශපාලන පක්ශ ඒ පරීක්ශනය පිලිගන්නේ නෑ.

    මම ඊයෙත් දැක්කා අලුත් පාර්ලිමේන්තුවට ඇවිත් මහාචාරියෙක් කියනවා පොලොවේ ආසනික් හැදෙන්නේ ඉබේලු.

  5. කිරිමල්දෙනිය​ says:

    ඉංදියාවේ 3500 ගානක් නයිජීරියාවේ 121යි සමස්ත ලැයිස්තුවේ ඉන්න ගාන ලක්ශ දෙකකට වැඩියි.
    සමස්ත ලිස්ට් එකේ යටම හිටියත්….
    ඔය ලිස්ට් එකේ ඉන්න ලාංකිකයෝ ගැන නම් ආඩම්බරයි..
    උඩම ඉන්න අය පරයේෂණ පත්‍රිකා හාරදාහකට වඩා දාලා තියනවා..
    ජයසුමන මහතා එකයි..
    ලාංකිකයන් අතර එතුමා එකොලහ නම් අනිත් මහාචාරියෝ.. ගැන කුමන කතාද​?
    රටක් හැටියට ආඩම්බර නැද්ද​? නේ……

    • ගරසරප says:

      Impact එක වැඩි එකක් දැම්මම ඇති. ගාන නෙවෙයි කොලිටිය.

    • යසස් ගබඩාගේ says:

      බොරු කියන්න එපා ගොබිලෝ, ජයසුමන මහත්තයා පර්යේෂණ පත්‍රිකා විසි පහකට වැඩිය පළ කරලා තියෙනවා

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ජෙප්පො අනාතයි 2025 පොහොට්ටුවෙ ජයග්‍රහනය වලක්වන්න කාටවත් බෑ.

  7. Isuru says:

    How many Rajapaksa’s are there on the list? Proof that they have not only local recognition 😀

  8. බොල් පිළිම සහ ගල් පිළිම says:

    ඔය list එකේ ඉන්න අයගේ පරීක්ෂණ වලින් ලංකාවට වැඩක් උනාද? ඩෙංගු වලට බෙහෙත් හැදුවද? ඩෙංගු ඉවරද? වකුගඩු ලෙඩේට හේතුව හරියටම එළි උනාද? දැන් ඒවා සනීපද? පිට රටවලට ඕන පරීක්ෂණ අපේ රටේ සල්ලි වලින් කරනවා. ඉතිං උං අගේ නොකර ඉඳීවිද? TRI, RRI, CRI, RRI වල ඉඳගෙන සහල්, තේ, පොල්, රබර් පරීක්ෂණ කරන රටේ මිනිස්සුන්ට යමක් දෙන කිසි කෙනෙක් ඔය ලැයිස්තුවෙ නෑ.

    • Dilini says:

      Meyalath Senaka bibile giyapu pare arinnada kalpanawa. Karanawanam deyak pitaratakata gihin thamai.

  9. Aurora says:

    මෝඩයිනේ හැම මගුලකටම දේශපාලනය පටලවා ගන්න එපා. මේ ලෝකෙ වියතුන් දේශපාලනයට ඇවිත් රටට විශාල සේවයක් කරනවා. නමුත් අපේ රටේ මුලින්ම තියන පක්ෂ දෙකේම නායකත්වය හරක් නේද? ඉතින් මහාචාර්ය ජයසුමනට ඒ මෝඩ නායකත්වය යටතේ කරන්න දෙයක් තියේවිද? ඒ වගේමයි සජබ ආචාර්‍ය හර්ෂ ද සිල්වා. එතුමාටත් ඔයිට වඩා වෙනසක් වෙන එකක් නැහැ. උගත් පක්ෂ නායකයකුට ඉන්නෙ අනුර විතරයි. ජවිපෙ පිලිබඳව අත්දැකීම් මදි. නමුත් බලමු සුභවාදී ලෙස.

    • Banda says:

      මුල ටික නම් ඇත්ත..
      ඒත් “උගත් පක්ශ නායකයෙක්” කිව්වා ????????????? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

Main News