ලොව කිසිම ප‍්‍රධාන වරායක් රජයවල් විසින් පාලනය කරන්නේ නෑ…- වරාය සභාපති

January 16, 2021 at 10:29 pm | lanka C news
ලොව කිසිම ප‍්‍රධාන වරායක් රජයවල් විසින් පාලනය කරන්නේ නෑ…- වරාය සභාපති

ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඔහු සඳහන් කළේය.

33,912 views
Main News