ලොව ජයගන්න ගිය දේශීය කුරුඳු සිගරැට්ටුවට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි… නතර කරන්නැයි ලිඛිතව දන්වයි..

March 3, 2021 at 12:02 am | lanka C news
ලොව ජයගන්න ගිය දේශීය කුරුඳු සිගරැට්ටුවට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි… නතර කරන්නැයි ලිඛිතව දන්වයි..

නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නතර කරන්නැයි ලිඛිතව එම දේශීය නිෂ්පාදන සමාගමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දැනුම් දුන්බව අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය, ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාර වලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙනවා. අපේ පනතේ 2006 ඉඳලම තිබෙනවා, දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන තමයි අපි කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ.“

දේශීය සමාගමක් නවෝත්පාදනයක් කරමින් රටේ ආර්ථිකය නැංවීමට දායකත්වයක් දැක්වීමට සූදානම් වෙද්දී බහු ජාතික සිගරැට් සමාගම් වල වුවමනාවට මෙම ව්‍යාපෘතිය නතර කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු කරමින් ඇතැයි චෝදනාවක් යමෙකුට එල්ල කළ හැකියැයි මෙම සාකච්ඡාවේදී මතුවී ඇති අතර එයට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පිළිතුරු ලබාදී ඇත.

72,903 views

30 Comments to “ලොව ජයගන්න ගිය දේශීය කුරුඳු සිගරැට්ටුවට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි… නතර කරන්නැයි ලිඛිතව දන්වයි..”

  1. කෙතරම් වටිනා ඖෂදයක් වුවද දල්වා ,පෙනහළු තුලට දුම් අතුල්කරගන්නැයි ආයුර්වේදයේ සදහන් නැහැ නේද?
    පීනසට වියළි කහ පුච්චා දුම නාසයට ඉරීම නම් අසා තිබේ.

  2. සමන්ත says:

    ඔය අධිකාරියට බැරිද ඔය නීතය යටතේම සිගරට් නිෂ්පාදනය නවත්වන්න. කාට කියන්නද මේවා. මේ වගේ⁣ නූගතුන් ඉන්නකම් රට මෙහෙමම තමයි.

  3. neil says:

    Questions to the <> chairman

    1. Answer to the question <>. Please list three CONCRETE actions taken within the last two years.
    We had not seen any activity done by it. Cigarette usage is going down due to taxes, and various laws not by any acts taken by the Authority, as far as the general public is concern.

    2. If no tobacco and nicotine, why do you worry.

    3. What is the position of e-cigarettes? Has the authority prevented them in Sri Lanka? if not why?. Aren’t all those things this smart Alex chairman talked about Cinnomen cigarettes valid to e-cigarettes?

  4. Red sea says:

    දොස්-තරලා කියන නමින් හදුන්වන පරයෝ උන්ට ගාන වැටෙනවනම් රටට නොවේ අම්ම අප්පට උනත් කෙලවයි. එහෙම තමයි මුන් කොරොනා සූවකරන්න හැකි දේශීය වෙදකමට වල කැපුවේ. ඒකෙන් ඩොලර් කෝටි 10-20 වියදම් කරලා එන්නත් ගෙන්වනවා. ඒ වගේම තමයි කුරුදු සිගරට් එකටත් දෙන ගේම. මහ ලොකු සිoහල චන්ද වලින් පත්වුණ ආන්ඩුව. දැන් බලාගෙන යනකොට පඹ රජවරු මුන්.

  5. බකමූණා says:

    හෙන හතම ගහපිය! නොදෝමකින්.
    කුරුඳු වලින් හදන සිගරට් එකක් බැරිනම් සුරුට්ටුවක් හරි බීඩියක් හරි කමක් නෑ ඒක සුද්දගෙ රට දුංකොළෙන් හදන සිගරට් එක වගේ ඇඟට විස දෙයක් වෙන්න කොහෙත්ම බැරි බව පුංචිම පුංචි බූරුවෙකුට උනත් තේරෙන්න ඕන ( කකුල් දෙකේ බූරුවන්ට නොතේරුනාට ). නොදෝමකින්.

  6. Thiwankanath says:

    This guy don’t make any sense, just try to cover up stupid act in his hand and under the table millions there getting. Hopefully this project will go on for better reason at least only for export purpose.

  7. පොරමෝලා says:

    දුම්කොල දුමයි කුරුඳු සුරුට්ටු දුමයි දෙකෙන්ම පෙනහැල්ලට හාණි වෙන නිසා දෙකම තහනම් කලයුතුයි

Main News