ලොව ප්‍රථම කාන්තා ජනාධිපතිනිය චන්ද්‍රිකා අත්නගල්ල ප්‍රාදේශිය සභා මැතිවරණය මෙහෙයවන්න ශ්‍රීලනිප සංවිධායක කරයි…
October 13, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සහ ලොව පලමු කාන්තා අගමැතිනිය වු සිරිමා බණ්ඩාරනායකගක් කණිටු දියණිය මෙන්ම හිටපු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව වු ලොව ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වු චන්ද්‍රිකා අත්නගල්ල ප්‍රාදේශිය සභා මැතිවරණය මෙහෙය වීමට එහි ශ්‍රිලනිප සංවිධායක ලෙස පත්කොට ඇත.
අත්තනගල්ල ශ්‍රිලනිප සංවිධායක ලෙස මීට පෙර කටයුතු කලේ හිටපු නීයෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ය. එමෙන්ම අත්තනගල්ල ආසනය සඳහා එක ප්‍රාදේශිය සභාවක් පමණක් අයත් වන අතර අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ බලය 2002 දි පලාත් පාලන මැතිවරණයේදි හැරුණු විට සෑම අවස්ථාවක්ම ශ්‍රිලනිප දිනාගන්නා ලදි.
2015 අගෝස්තු මහා මැතිවරණයේදි එජාපයේ අපේක්ෂක අර්ජුන රණතුංග දිනවවීමට අත්තනගල්ල ආසනය පුරා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිවරිය ගෙයින් ගෙට යෑමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කලේ ය. එමෙන්ම ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දි අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ බලය ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ( පොහොට්ටුවට) ජයග්‍රහණය කිරීම වලක්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට ශ්‍රිලනිප ආසන සංවිධායකවරිය ලෙස කටයුතු කිරිමට හෝ එජාප හා ශ්‍රිලනිප එක්ව එක කණ්ඩායමක් අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කිරිමට බොහෝ දුරට මේ නව පත්විම නිසා ඇයට ඉඩකඩ ලැබෙනු ඇත.
එමෙන්ම ශ්‍රීලංකා මැතිවරණ ඉතිහාසයේ විශාල කලු පැල්ලමක් එක්කල 90 අග දශකයේ වයඹ පලාත් සභා මැතිවරණය කාන්තාවන් පවා නිර්වස්ත්‍ර කොට පහරදීම නැවත සිහිපත් කරවන අතර මෙරටේ එම යුගයේ රටේ නායකත්වය හෙබවූ නායිකාව අත්තනගල්ල ශ්‍රිලනිප සංවිධායකවරිය ලෙස ප්‍රාදේශිය සභා මැතිවරණ මෙහෙයවීමට පත්කිරිම දෛවයේ සරදමකි.
වන් අයි ඇනිබලාගෙ අනිත් ඇහත් විසිවෙයිද. අත්තනගල්ලෙ ජොනි බට්ටන් එකතු කරනවා මේ දිනවල
Isabel Martínez de Perón
Show desperation of SLFP. It has no future. Even JVP will beat the blues
Mahindatath wada Pahala level ekak ne
මිට වඩා හොද හිගාකන එක විස්කි බොන්න සල්ලි මදිවෙලා
One shot wagey, One eye satan bimey
දියවන්නාවෙ මහලු මඩමට නියම බඩුව. මල්ලි මරා ගත්තා.මිනිහා මරං පක්ස හදං මල්ලිත් මරං බුදලෙත් අරන් මහජන සේවයට එනවද හුටං.