ලොව බලවතුන් සිව් දෙනා එකම දා ශ්‍රී ලංකාවට..

January 15, 2020 at 8:02 am | lanka C news
ලොව බලවතුන් සිව් දෙනා එකම දා ශ්‍රී ලංකාවට..

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන  සිදුවීමකි.

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු  විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto)   යන මහත්වරු 14 පස්වරුව වන තෙක් රට තුළ රැඳී සිටියහ.

බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක බලවතුන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නායකයෝ ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සිය උපරිම සහය දෙන බව ප්‍රකාශ කළහ.

තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සියලු නියෝජිතයන්ගේ පැසසුමට ලක් විය.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බවට සියලු විදේශ නියෝජිතයෝ ප්‍රතිඥා දුන්හ.

– මොහාන් කරුණාරත්න

30,983 Viewers

4 Comments to “ලොව බලවතුන් සිව් දෙනා එකම දා ශ්‍රී ලංකාවට..”

  1. Samantha says:

    parana unda nam me wenakota ratawal 4 – 5 ka sawari gihin choon wela ewarai.

  2. Sun says:

    Most of these people have stable countries financially but there heads are floating around looking for ways to unstable other countries by inducing problem such as community problems with an intention selling arms. They talk nicely to the face but interior is boiling with hatred like our politicians. So we cannot trust any of these. All are money minded people. We have to be tough with them what ever the situation.

  3. ගමරාළ says:

    ඈමෙරිකාවෙ එකා මෙහෙ රිංගන එක ට්කක් විතර අවුල් වගෙ, ඔකුන් එන්නෙම මොනවා හරි මරාලයක් අරන්, උන් එක්ක ගනුදෙනු පරිස්සමට කරන්න.

  4. Harshan says:

    එය අහබු සිදුවීමක් ලෙසට අර්ථ දැක්වීමට නොගැලපේ . Americawa යුද්ධයකට ගියහොත් sri lankawa එහි පහසුකම් සපයන ස්ථානයක් බවට පත්වන්නේ da යන්න දැනගන්නට විය හැකියි.

Main News