ලොව රටවල් 40ක් දෙවැනි මාත්‍රාව දෙන්න අපොහොසත්.. ශ්‍රී ලංකාවත් ඒ අතරයි..- WHO කියයි..

June 21, 2021 at 10:00 am | lanka C news
ලොව රටවල් 40ක් දෙවැනි මාත්‍රාව දෙන්න අපොහොසත්.. ශ්‍රී ලංකාවත් ඒ අතරයි..- WHO කියයි..

ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට අපොහොසත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශය කරයි.

විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේදී මෙම රටවල් ගැටලුවලට මුහුණපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් (Bruce Aylward) පැවසීය.

ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘‘මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදීම අත්හිටුවීමට සිදුවී තිබේ” යයි උපදේශකවරයා එහිදී සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ බෙදා හරින ලද ඉන්දීය සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපේක්ෂා කළ බොහෝ රටවල් මෙලෙස අසීරුතාවට පත්ව ඇතැයි උපදේශකවරයා පෙන්වා දුන්නේය.

අයිල්වර්ඩ් වැඩිදුරටත් පැවසුවේ උප සහරා අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් වන ශ්‍රී ලංකාව සහ නේපාලයද එවැනි රටවල්වලට උදාහරණ බවයි.

– aruna

50,520 views

6 Comments to “ලොව රටවල් 40ක් දෙවැනි මාත්‍රාව දෙන්න අපොහොසත්.. ශ්‍රී ලංකාවත් ඒ අතරයි..- WHO කියයි..”

  1. SKF says:

    දුවමු මිතුර දුවමු…….. මිතුර දුවමු දුවමු.

  2. iob says:

    Gotabaya mahattayata megena uwamanawak nethi patai.Mini kadu godagehenakan bagena ennawa.Aparade ape 69 laksaye chanda tika

  3. කපුටා says:

    විකල්ප නැති රටවලට එන්නත් ගන්න දීල අපිට තියන හෙලවෙදකමෙන් හෝ ආයුර්වේදෙන් කොරෝනා සුවකරගන්න දීපල්ලා. ඊට එරෙහි තහනම ඉවත්කරපල්ලා. ප්‍රතිකාර නැතිව මිනීමරණ එක නවත්වපල්ලා. ආන්ඩුව චීන එනතෙන් කොමිස් ගහන්න දිව දික්කරගෙන ඉන්නවා. මේ මරණ මිනී මැරුම්. ටොපි ඕන කොමිසක් ගහගනිල්ලා, අපි විශ්වාස කරන ප්‍රතිකාරයක් ගන්න ඉඩ දීල.

    • Hi says:

      ඇයි අර ආයුර්වේද දොස්තරලා එන්නත ඉල්ලුවේ ?

      • කුඹුක්කණ් says:

        අපිට තෝරාගැනීමේ අයිතිය ඕනෙ, කමෙන්ට් එක කියවපං, Hi ගොනෝ..

        ආයුර්වේද වෛද්යවරයෙක් වුනා කියලා උගේ බූරු ගති දුරලා තියෙනවා කියලාද හිතන්නෙ.
        එහෙව් බූරුවො එන්නත් ගහගත්තු දෙන්.
        නිකං මෝඩ කතා නොකියා හිටු

  4. lakshitha says:

    ගොන් කපුටෝ..ඉතිං ගිහින් කාලි පැණිය ඇතුළු අටෝරක් පැණි හදලා තියෙන්නේ ගිහිල්ලා බීපන්කෝ මෙතන වැලලෙන්නේ නැතුව.එහෙමත් නැත්තම් ගිතෙල් පොගවපු පාන්කඩයක් ගිලපන්

Main News