ලොව වැඩිම මිල ‘ඇරබිකා කෝපි’ නුවරඑලියේ..

March 12, 2017 at 8:02 am | lanka C news
ලොව වැඩිම මිල ‘ඇරබිකා කෝපි’ නුවරඑලියේ..

ලෝක වෙළෙඳපොලේදී වැඩි මිලක් ලබාගත හැකි අපනයන බෝග වගා අංශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් තම අමාත්‍යංශය නිරතුරුවම සහාය ලබා දෙන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ අවධාරණය කරයි.

නුවරඑළිය කච්චේරි ශ්‍රවණාගාරයේ පැවති වතුකරයේ ‘ධන සවිය’ ප්‍රතිලාභින් අතර කෝපි පැල 15,000ක් බෙදා දීමේ අවස්ථාව අමතමින් ඔහු ඒ බව පැවසීය.

ප්‍රාථමික හා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් නවීන් දිසානායක ඇමතිවරයාගේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සමඟ එක්ව තම අමාත්‍යංශය දිගු ගමනක් යෑමට සැලසුම් කොට තිබෙන බවද ගමගේ මහතා කීය.

ලොව වැඩිම මිලක් ලැබෙන ඇරබිකා කෝපි ප්‍රභේදය වගා කළ හැකි වන්නේ මුහුදු මට්ටමෙන් අඩි 2,000කට වඩා උස් භූමියේ බැවින් නුවරඑළිය ප්‍රදේශය එම වගාවට වඩාත් සුදුසු මට්ටමේ පවතින බව හෙතෙම පවසා සිටියේය. රට පුරාම කෝපි වගාව ව්‍යාප්ත කිරීමට නම් කෝපි පැල ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බව කී ඇමතිවරයා, එම ප්‍රමාණය සපයා ගැනීමට සහාය වන්නැයි තවාන්කරුවන්ගෙන් ඉල්ලීය.

තවදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා පැවසූයේ, විසිතුරු මල් වගාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය ඊශ්‍රායලයෙන් ලබා ගන්නා බවයි.

– ජෝර්ජ් පෙරේරා

81 views
Main News