ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය විසින් ශ්‍රී ලංකා ජනාධිපතිට සිංහල සහ හින්දි භාෂාව පමණක් යොදාගනී..

December 1, 2019 at 6:32 am | lanka C news
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය විසින් ශ්‍රී ලංකා ජනාධිපතිට සිංහල සහ හින්දි භාෂාව පමණක් යොදාගනී..

ශ්‍රීලංකාවේ 7 වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පලමු නිල සංචාරය සඳහා ඉන්දීයාවට සිදු කරන ලද අතර බලා පිටත්ව ගිය අතර එහිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා ඉහලින් පිලිගනු ලැබීය.

එහිදි විශේෂත්වයක් වූයේ එරටෙහි මාර්ග දෙපස ශ්‍රීලංකාවේ නව ජනාධිපතිවරයාගේ පුවරු ප්‍රදර්ශනය කර තිබු අතර එහි සිංහල භාෂාව සහ හින්දි භාෂාව පමණක් යොදා තිබිමයි.

‘ඉන්දියාවට සාදරයෙන් පිලිගනිමු.. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාල ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති’ හා ‘ඔබතුමාගේ සංචාරයට ස්තුතියි‘ ලෙසයි.

සංචාරය නිම කල ජනාධිපතිවරයා ඊයේ රාත‍්‍රියේ නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

46,692 Viewers

12 Comments to “ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය විසින් ශ්‍රී ලංකා ජනාධිපතිට සිංහල සහ හින්දි භාෂාව පමණක් යොදාගනී..”

  1. Thilak says:

    බොහොම හොඳා නමුත් යටි අරමුණු විමසා බලන්න

  2. කිරිමෙල් says:

    කොරහෙත් කිඹුල්ලු දකින කාලයක් නේ මේක

  3. Buddhist says:

    Modi you are a crap Tamils in the south of India are more than 55 million and you have only Sinhala and Hindi on the signs. Whom are you insulting? Indians themselves or are you paving way for a Separate Tamil Land including Tamil Nadu and North & East of Sri Lanka? I did not think you will be that stupid! Don’t you have enough problem with Kashmir, do you need problem in the South of India as well?

  4. NAK says:

    His fever of change has reached beyond our borders.

  5. කැපුවත් යූඑන්පී says:

    අන්න ඉන්දියාවෙ දොස්තර කෙනෙක් දූෂණය කරලා මරලා…. ගෝටාගේ ජඩ දුර්දාන්ත පාලනය ඇරඹිලා…… එංගලන්තේ පාලම උඩ දෙන්නෙක් පිහියෙන් ඇනලා මරලා….. අන්න සුදුවෑන් සංස්කෘතිය එන ලකුණු…. පහුගිය අවුරුදු 4 වුනාද මේ වගේ වැඩ…උනාද නෑ නේ

    • SL says:

      වීඩියෝව දකින කෙනකුට පෙනෙනවා LONDON පොලිසියෙන් ඒ මුස්ලිම් ජාතිකයට වෙඩි තිබ්බේ හොඳට හරිබරි ගැහිලා ඈතට ගිහින් අල්ලන්න පුළුවන් කම තියෙද්දී. කවුරුවත් මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැ ! ලංකාවේ උනා නම් !

  6. රටවැසි says:

    බටර් ගෑමක් වගේ පේනවා , පරිස්සමෙන් .

  7. නිරීක්ෂකයා says:

    මෙතනට එන බොහෝ අය ඉන්දීය ෆෝබියාවකින් පෙළෙන බව පේනවා. ලංකාවේ දුර්දාන්ත දේශපාලන තක්කඩි විසින් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ඉන්දියාව හතුරෙකු කොට පෙන්නුවා. ජේ.ආර්. නැමැති පාදඩයා විසින් ඇමෙරිකාව මෙහි කැදවා ත්‍රිකුණාමලයේ යුධ කදවුරක් දීමට එදා පොරොන්දු වූ මොහොතේ සිට ඉන්දියාව කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිරෝධී ක්‍රියා මාර්ග ගත්තා. මේ රටේ ප්‍රශ්ණ වලට මුල මේ රටේ කුපාඩි දේශපාලන අපරාධ කාරයින් මිස ඉන්දියාව නොවේ.

  8. ගමරාළ says:

    ඇමෙරිකානු මග පෙන්ව්මෙන් ඉන්දියන් කාරයො කරපු බොරැ රගපැමක්, පරිස්සමට ඔකුන් එක්ක ගනුදෙනු කරන්න , උන් ඉස්සර සිනුවට ගෙව්වා රටෙ උද්ගොසන කරලා රට අස්තාවර කරන්න .

Main News