ලොව විශිෂ්ඨතමයන් වෙනුවෙන් පිරිනැමෙන ජපානයේ ‘උදා වන සූර්යයා’ සම්මානය ශ්‍රී ලංකා කථානායක කරු ජයසූරියට..
November 8, 2016 at 2:04 am | lanka C news
ජපන් රජය විසින් අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුභසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්රයන් තුළින් විශිෂ්ඨතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන “උදාවන සූර්යයා” ගෞරව සම්මානය කථානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය කර ඇත.
1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කරනුයේ සිය රටෙන් පිරිනමන උසස්තම සම්මාන පිරිනැමීම ලෙසය.
දෙවන ලෝක යුද්ධ සමයට පෙර “නැගී එන සූර්යයා” සම්මානය විශිෂ්ඨතම හමුදා නිලධාරීන් උදෙසා පිරිනැමුනු අතර, වර්තමානයේ දී එය අනෙකුත් ක්ෂේත්රයන් ද ඇගයීමට ලක් කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබදතා ප්‍රවර්ධනය කිරීමෙහි ලා ලබා දුන් දායකත්වය පිළිගැනීමට ලක් කිරිමද මෙහි දී සැලකිල්ලට ලක්ව ඇති අතර, ජපන් රජය විසින් එය නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2016-නොවැම්බර් මස 03 වන දාය.
කරු ජයසූරිය මහතා දේශපාලනයට පිවිසීමට පෙර වසර 32 ක කාලයක් පුද්ගලික අංශයේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස ජපානය සමග ව්‍යාපාරික සබඳතා සිදු කරන අතර ජපානය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට දියුණුවේය හැකිය යන අදහස ශක්තිමත් කළ බව ද ද්විපාර්ශවික සබදතා ප්‍රවර්ධනය උදෙසා කරන ලද සේවයද 2001 වසරේ දී ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කරන ලද අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එයට බැදී පසුව 2002 සිට 2004 දක්වා එහි සභාපති වශයෙන් සේවය කිරීම ද එම ධූර කාලය තුළ ජපානය සමග පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කළ බව ද මෙහිදී ජපන් රජය සදහන් කර ඇත. පාර්ලිමේන්තුවේ කථානයක වශයෙන් තේරී පත් වීමට පෙර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් සිය විෂය පථයට ගැනෙන ව්‍යාපෘති සදහා ජපන් සහාය ලබා ගනිමින් සහයෝගයෙන් කටයුතු කළ බව ද මෙහිදී පෙන්වා දී ඇත.
කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් හා ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනුශාසකවරයෙකු වශයෙන් පාර්ලිමේන්තු දෙක අතර. මෙන්ම දෙරට මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් අතර ද හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වූ ඔහු පාර්ලිමේන්තුව තුලින් පාර්ලිමේන්තු රාජ්යතාන්ත්රිකත්වයට මූලිකත්වය දුන් ආකාරය ද සිහි කරයි.
– චමින්ද ගමගේ
දෙන්ඩ කෙනෙක් නැතුව ඇති
Excellent gentlemen.
මෙතුම අපේ පාර්ලිමේන්තුවෙ පක්ෂග්රාහීව හැසිරෙන හැටි දැකලම මේ සම්මානය දෙන්න ඇති.
ඉස්සර හොඳ වැඩ කරන්න ඇති, හැබැයි දැන් කථානායක විදියට කරන වැඩ නම් ඉතාම බාල්දුයි.
දැන් නම් නිකම්ම නිකම් රනිල්ගේ පඹයෙක්. සදාචාර විරෝධී වැඩ කිහිපයක්ම මොහුගෙන් කෙරුණා.. පාර්ලිමේන්තුවේ හොරචන්ද… වෙල්විදානෙගේ අවසර නැති කතාවල්…
We whole heartedly agree with comments made by Hitan N Hutan ompany and Gamej!
I think the sponsors should have been very much UNABLE to find a suitable person!!
Mata meka denda one indiyawen.Lankawe IOC shed patan ganda awasara deela .Hodama shed tika indiyawata dunnata