ලොස් ඇන්ජලීස් හූව ගැන සංජීවනීගෙන් සටහනක්…
April 17, 2022 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාට ඉතින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ දී මෑතකදී පැවති විරෝධතාවට එක් වූ ගායන ශිල්පි සංජීවනී වීරසිංහ මහත්මියට එම විරෝධතාකරුවන්ගෙන් විරෝධතාවයක් එල්ල විය.
ඒ හේතුවෙන් ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගියාය.
ඇය ඒ සම්බන්ධයෙන් අදහස් පල කරමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් පල කර ඇත.
මේ එම සටහනයි.
***
මගේ ආදරණීය මිතුරන් හැම දෙනාටම හිත පුරා ආදරෙන් සාමකාමී , බලාපොරොත්තු ඵලදරන ,වාසනාවන්ත අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි 🙏…
පසුගියදා ජනතාවගේ දුක්ගිණි නිවන සැබෑ අරගලය පසෙක තිබියදී, අරගලය පෞද්ගලික වෛරය/ ක්රෝදය/ ඉරිසියා,කුහකකමි සන්තර්පනය කරගැනීමකට යොදාගන්නා සැබෑවටම මන්ද මානසික තත්වයක් පෙන්නුමි කරනා ඊනියා ලාංකිකයන් පිරිසක් විසින් මා මූලික කරගෙන කරන ලද විකෘති කල වීඩියෝ අරගලයෙන් පසු නිමක් නොවනා දුරකථන ඇමතුමි දෙමින් මා දිරිමත් කල මගේම ආදරණීයන්ට විශේෂයෙන්ම මෙි අවුරුද්ද සුභ/ සුව වෙිවා කියා පතමි.🙏
අතොරක් නැතිව ආ දෙස් විදෙස්හී ජීවත්වන සුමිතුරන් මා වටා පවුරක් මෙන් එකතු වෙද්දී ,ජීවිතේ කිසිදා නොලබාපු කල එළියක් මා හරහා ලබාගන්නට වීඩියෝ තනමින්, ඒ ගැන කථිකා කරමින් තම තමාගේ යූ ටියුබයන් ට suscribers ලා එකතු කරගන්නට වෙර දැරූ ඔවුනටත් වෛරයෙන්, ඉරිසියාවෙන් අඳුරු වී ඇති දෙනෙත් පෑදේවා කියා පතමි….
ඒ සැමටම වඩා අද වනවිට ජීවිතයේ බොහෝ කළකිරීමිවලට ලක්වී, නිදහසේ ජීවත්වීමට අවැසි අවම අවශ්‍යතාවයන්ද නොමැතිව සැබැවින්ම අසරණ වී ඇති මගේම ආදරණීය ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන්ට, වැඩිහිටි- දූ දරු ඔබ සැමට වත්මනේ ඇති අඳුරු වළාවන් පහවී …සොමිනස් සිතුවිලි උදාවී…අගහිඟ/අසීරුතා මඟහැරෙන ,බලාපොරොත්තු ඉටුවන අවුරුද්දක් උදාවෙිවා කියා පතමි. 🙏
පෞද්ගලිකව මා හට සැබැවින්ම දියෙන් කිරි වෙන්කර හඳුනාගන්නවා සේ ,මිනිසුන්ගේ ආදරණීය සහ අමනුස්ස ස්වභාවයන් හඳුනාගැනීමට මෙි අළුත් අවුරුද්දේ ඉඩ සැළසීම ගැන බෙහෙවින් සතුටු වෙමි….
ඔබ සැමට ආවඩා ආයු බොහෝ වන….
රැල්ලේ අරගලය වෙනුවට සැබෑ ජනතා අරගලය ජයගන්න….
ආදරණීය සිත් තුල සතුට ,සොමිනස පිරෙන වාතාවරණයක් ඉක්මනින්ම උදාවෙිවා යන්න ඔබ වෙනුවෙන් මගේ අවුරුදු පැතුමයි.🙏🙏🙏
කව්ද නංගි ඕක ලියලා දුන්නෙ ?
මම සංජීවනී ගැන මෙහෙම කියන්නම්. මේ කියන කථාවට සමාන්තර වූ ඒ ඒ පුද්ගලයන්ට අදාල වෙන වෙනම කථා වස්තූ ඇත.
මොව්න්ට යම් තාක්ෂණික හැකියාවක් තියෙනවා නැත්තේ නෑ. රගපාන්න, සිංදු කියන්න කිව්වොත් අඩු වැඩි වශයෙන් සෑහීමකට පත්වන ආකාරයට ඒ දේවල් කරන්න පුලුවන්. රෝහණ වීරසිංහලා, නන්දා මාලනීලා ගත්තොත් ඒ දේ කරන්න ලොකු හැකියාවක් තියෙනවා. අපි සංජීවනී ගැන කථාකරමු. ගෝඨාභය දිනන බව හොදටම දැනගෙන සංජීවනීලා 2019 චන්දෙදී ගෝඨාබයට වැඩ කලා. හැබැයි ඒ නිකන් නෙවේ. ආණ්ඩුවෙන් මොනව හරි බලාගෙන. සංජීවනීට ගුවන්විදුලියේ අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ කමක් දුන්නා. ආපු ගමන් කලේ මොකක්ද, පාලන අංශේ ඉන්න ඉහල නිලධාරියෙක්ගෙන් පලිගන්න පටන්ගත්තා මොකක්දෝ මන්දා පරණ කෝන්තරේකට. ඒක කරන්න එපා කියලා සභාපති දැඩිව කිව්වා. ඊට පස්සේ කිසිම රාජ්‍ය පරිපාලනයක් ගැන මෙලෝ හසරක් නොදන්න මේ ගෑනි පාලන අංශයේ ප්‍රදානියා කරන්න කියලා ඉල්ලුවා. සභාපති ඒක ගනන්ගත්තෙත් නෑ. ඊට පස්සේ තරහවුණා ආණ්ඩුවෙන් අයින් උනා. ඔච්චරයි කතාව. දැන් මොකවත් නොකල අම්මණ්ඩි වගේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න යනවා.නිකන් විහිලු. ඔතන ගෝල්ෆේස් එකේ රගන ගොඩක් කලාකරුවෝ එහෙමයි. ඒ ගොල්ලෝ මහින්දගෙන් බලාපොරොත්තු වුන දේවල් ගෝඨාගෙන් ගන්න යනවා.
මසුරං දාන්න වටිනවා
නාඩගම්කාරයෝ
කල් ඉකුත් වුන භාණ්ඩයක්
හොරෙකු පත් කර ගැනීමට අනේක වාරයක් කඩේ ගොස්, දැන් ඒ හොරා මුලු රටම දුකට හෙලද්දී ඒ කඩේ යාමේ විපාකේ අඳුනා ගන්න හැකි වුනානන් ඇති අක්කේ…
හොරුන්ට මුලින් කඩේ ගිය එකේ වරද දැන් ගෙවපල්ලා.
මව් තුමියට huuu…..කාපන් බං නෝනා.
මේ ගෑනි දුප්පත් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා දෙනවට විරුද්ධව කතා කලා, කුහක ගෑනියක්
ගෝට ගෙදර යන්න ඕනේ නැහැ. හැබැයි මේ වගේ ගෝටාව විනාශ කල එවුන් ගෙදර යා යුතුයි.
Meya hari PANDITHAI.Thama gena lokuwata hithagena inne.