ලොහාන් ගැන තීන්දුව ගන්න පොහොට්ටු ලොක්කෝ රැස්වෙති.. අන්තිම තින්දුව අගමැති අතේ..

September 19, 2021 at 3:20 am | lanka C news
ලොහාන් ගැන තීන්දුව ගන්න පොහොට්ටු ලොක්කෝ රැස්වෙති.. අන්තිම තින්දුව අගමැති අතේ..

බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කමිටුව රැස්වීමට නියමිතව තිබේ.

එම සාකච්චාවෙන් පසු සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ඉතාලි සංචාරක නිරතවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු මධ්‍යම කමිටුව රැස් වීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා පැවසීය.

43,369 views

26 Comments to “ලොහාන් ගැන තීන්දුව ගන්න පොහොට්ටු ලොක්කෝ රැස්වෙති.. අන්තිම තින්දුව අගමැති අතේ..”

  1. Asela says:

    මේ කියන දේ හොඳට තේරැම් ගන්න. දැන් තියෙන තත්වේ අනුව ඊලඟ චන්දෙදි පාවෙන චන්ද සියල්ල කිසිම කෙනෙකුට ලැබෙන්නෙ නෑ. නමුත් රාඡපක්ෂට ගැති සියලුම චන්ද ඒකක් වත් වෙනස් වෙන්නෙ නෑ. අඩු පරතරයකින් හරි රාඡපක්ෂල දිනනව. හරිද, වැරදිද??????

  2. Anuradha says:

    මේ ඒවරේඩි බැටරි පුසා කවදාවත් මේ ලෝහාන්ට විරුද්දව සදාර්ණ තීරණයක් ගන්නේනැහැ මොකද මේයාට හොඳ පුරුද්දක් තිබෙනවා ෆයිල් උඩ ඉඳගෙන කරපු එකාගේ මයිල් කෙලින්වෙනකම් අන්න එක තමයි මේකටත් වෙන්නේ.දැගලුවොත් තුරුම්පුවක් ගන්නවා ඇදලා කෙළින්වූ මයි බහින්න.

  3. Dinu says:

    Mahinda God Father kawadada katada daduwamak kare, Thangalle suddo joduwa mini marala apu ewun hanga gatta, Hora salli dapu ewun beragatta, kudu lansa gederata gihin badagene beragatta, Rajaye mudal koti pita koti ganan gahala ahuwuna eyagema nedayo, mithrayo beragatta, Mahinda merila giyat karapu paapa walata gewanna nwenewamai me lowa dahama anuwa !

Main News