ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට..

April 10, 2020 at 3:26 am | lanka C news
ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

COVID -19 වෛරසය චීනයේ නොසැලකිල්ල නිසා ව්‍යප්තවූවාදැයි සොයා චීනයට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

කොරෝනා වෛරසය බිහිවූයේ චීනයේ වූහාන් නගරයේ බව සියලු ලෝක වාසීන් දන්නා කරුණකි. මෙම වෛරසය චීනයේ වූහාන් නගරයේ බිහිවූවද එය චීනයේ අගනගරය වන බීජිං නුවරට ව්‍යාප්ත නොවී ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වෙමින් දරුණු වසංගත තත්වයක් බවට පත් වී කෝටි ගණන් ජනතාව පීඩා විදින ගැටලුවක් බවට පත් වූයේ කෙසේද? යන්න අප සංවිධානය නිරීක්ෂණය කරමින් සිටී.

මෙම වෛරසය සාර්ථක ලෙස චීනය පාලනය කර ගත්තේ නම් ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වන්නේ නැත. කෙසේ වෙතත් දැන් එම සිදුවීම සිදුවී අවසන්ය. යම් ආකාරයකින් චීනයේ නොසැලකිල්ල නිසා මෙම වෛරසය ව්‍යාප්ත වූවානම් චීනය ලෝකයට වන්දි ගෙවීම අනිවාර්යයයෙන්ම කල යුතුය.

අප සංවිධානය සොයා බලමින් සිටින්නේ මෙම සිදුවීමේදී චීනය වරදක් කර ඇත්නම් චීනයට එරෙහි නෛතික ක්‍රියාමාර්ගය  ගන්නේ කෙසේද? යන්නයි.

ඒ අනුව අප සංවිධානය විසිනa පහත ක්‍රියාමාර්ගය  ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.

01.COVID 19 වෛරසය බිහිවූයේ කුමන රටෙන්ද? එය බිහිවූයේ කෙසේද? හා මෙම වෛරසය චීනයේ වූහාන් නගරයේ සිට ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වූයේ කෙසේද? යන්න පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම.

02. චීනයේ නොසැලකිල්ල නිසා මෙම වෛරසය ලෝකයට ව්‍යාප්ත වූයේ නම් චීන රජයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

455 views

80 Comments to “ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට..”

  1. සූරා says:

    මේ ව්ගෙ මෝඩයෙක් , යකෝ මේක මොඩයෙක් බව ලෝකෙට පෙන්නන්න යන්නෙ,

  2. RAYMOND says:

    අලියා බයකරන්න මැස්සෙක් උත්සාහ කරනවා වගේ දෙයක්

  3. Thisera says:

    මෙම වයිරසය ඇතිවූ ආකාරය ගැන ලෝකයේ වයිරස් සම්බන්ද විද්වතුන් විශාල ලෙස පර්යේෂණ කර ඇත. එහෙත් මෙය බිහි වූ ආකාරය ගැන විවිද මත පළවේ. ස්බවිකව මෙහි RNA වෙනස් වීමකට බදුන් වී විකරණය වුවක් ද, කිසිවෙක් නිෂ්පාදනය කර චීනය අඩපණ කිරීමට උත්සාය ගැනීමක් ද, නැතිනම් චීනය නිෂ්පාදනය කල එකක්දැයි තවම ඒ කිසිවෙකුටත් නිවැරදිව කිව නොහැක. කෙසේ නමුත් පැමිණි අබියෝගය චීනය මැනවින් පාලනය කර තිබේ. ශ්‍රී ලංකාවද ඒ අබියෝගය ජයගැනීමට වෙර දරමින් සිටී. එසේම බටහිර රටවල් හොදින් මෙය ඇනගෙන ද ඇත.
    පාරිබෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයට මේ වයිරසය සම්බන්දව පර්යේෂණ කිරීමටවත්, මෙය ඔප්පු කිරීමටවත් හැකියාවක් කිසිවිටෙක නැත. එසේම අපරටට කොරෝනා ව්‍යාප්ත වූවේ චීනය නිසා නොව ඉතාලිය ඉන්දුනීසියාව කොරියාව වැනි රටවලින් මෙරටට පැමිණි පිරිස් නිසාය. එනිසා මෙම සංවිධානයට එම රටවලට විරුද්ධවත් නීති මගට යාමට සිදුවේ. මෙය ස්බවිකව සිදු වුනානම් මොවුනට ස්බාවධර්මයට විරුද්ධවත් නීතිමය පියවර ගැනීමට සිදුවේ.
    NGO අතක් වන මෙම සංවිධානය සමහර විට සැරසෙන්නේ ලංකාව චීනය වෙත අපකීර්තියකට පත් චීන ආධාර වලක්වීම හෝ, වෙනත් බටහිර රටක order එකක් විය හැක.
    මෙම වියසන සමයේ, ඔවුන් මේ දින වල කල යුත්තේ රට තුල පාරිබෝගික ජනතාව වෙත කල යුතු යුතුකම් සොයා බලමින් රජයට සහය දීමයි.

  4. kapuwa says:

    අලුත්කඩේ උසාවියෙ නඩුව දාපං, අපිත් එන්නම්

  5. Amarasinghe says:

    මැස්සෙක් ගිය උඩ

  6. Senarathna says:

    These people will do any damn thing if they paid with dollars. They will no hesitate even to sell their wives for some fast bucks. These people are a cancer to any country. They are ever ready to do any damn thing what westerners ask them to do which is a damn shame to the country.

  7. Anuradha says:

    වස විස සහිත ආහාර පරිබෝජනයෙන් ලෝකයේ අංක 1 ලෙසට පැමිණි ලංකාවේ, පාරිබෝගිකයින් ආරක්ෂා කිරීමට ඔබ ගත් නීතිමය පියවර මොනවාද? වස විස යෙදූ ආහාර පරිබෝජනය නිසා බෝ නොවන රෝග තුලින් විශාල මරණ ගණනක් ලංකාව තුල සිදුවේ.
    දේශීය ආර්ථික රටාවක් සදහා, නිෂ්පාදන ආර්ථිකයක් මෙරට ඇති කිරීමට ඔබ සංවිධානය සිදු කල දේවල් මොනවාද ? එම සංවිධානයේ වගකිවයුතු අයෙක් මීට පිළිතුරු දෙන්න.

  8. ajantha says:

    CAN ANYBODY TELL ME WHO IS THIS NUT-CRACKER? WHO IS HE? WHAT IS THIS ORGANISATION ? WHO IS FUNDING?

  9. New Allah says:

    YAKO
    LANKAWE VUDYAKNGAYEK WANA CHANDRA WUCKRAMASINGHE MAHATHA KIYA THIBUNA, MEMA VIRUSAYA ULKAPATHAYAK, WUHAN NAGARAYA UDA AHSE, PIPIREEMEN PRITHUVIYATA WETUNA KIYA.
    1818 SPANGNGAYATA DA MELESAMA VIRUS ROGAYAK PETHIREE LAXA GANAN MERUNA.

    THOPI NUUGATH BALLO SET EKAK BAVA PENAVA

  10. අක්බාර් ලොක්කා says:

    මේ අපතයො ඇමරිකන් කොන්ත්‍රාත්තුවක් බලාපොරොත්තුව කලින්ම ඇඩ් එකක් දාලා. යකෝ ඉස්සර වෙලා ධනවාදී ආර්ථිකය බෝ කල බටහිරට නඩු දාපන් . ඒඩ්ස් බෝ කල ඇමරිකාවට නඩු දාපන්.තොපිට කරන්න පුළුවන් වැඩක් කරපල්ලා

Main News