ලෝකයටම බලාපොරොත්තුවක්… 99.9%ක් කොරෝනා නසන ඔසුවක් සොයාගනී…

May 20, 2021 at 10:40 am | lanka C news
ලෝකයටම බලාපොරොත්තුවක්… 99.9%ක් කොරෝනා නසන ඔසුවක් සොයාගනී…

ලොවපුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය “තාපය පසු පස හඹා යන මිසයිලයක්” ලෙස පෙනහළු වල තැන්පතත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා. එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේ.

පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic_Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැකලමින් කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා.

– neth

127,336 views

12 Comments to “ලෝකයටම බලාපොරොත්තුවක්… 99.9%ක් කොරෝනා නසන ඔසුවක් සොයාගනී…”

  1. බටහිර දෙයියා says:

    බටහිර දෙයියා ඇයි පරක්කු කියලා බැලුවේ..එතකොට දැන් විදින දෙයියන්ට මොකද වෙන්නේ.කොක්ටේල් වුණාට කමක් නැද්ද පවිත්‍රා නෝනේ…

    • රාජාන්ගනේ යාය 7 - ගු - BOC -පිම්පි - චාමරයා says:

      කම්පනියේ ලොක්ක මගේ හොද යාලුවෙක්. අපි රාජන්ගනේ යාය 7 රෙවෙනකම් බිව්වා
      ඕනෑම දෙයමට කියඩකෝ . ගෙදරට ගෙන්නලා ලොක්ක ලව්වම ගස්සනම්

      මල්ලි අද හවසට සෙට් වෙමුද? පිණට බොන්ඩ මලගෙදරක් තියෙනවනම් කියපල්ලා

    • කුඹුක්කණ් says:

      බටහිර එන්නත් දෙන නිසා මමනම් පොහොට්ටුවට චන්දෙ දෙන එක නැවත්තුව

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        මොනවා නැතත් අනුන් නමි වලින් ..ක දෙන එක නැවැත්තුවොත් හොද නැද්ද බත්බැලයෝ?

      • ක්‍රිමිනල් says:

        රනිල්ට කියලා පස්සට ඇගිල්ල ගස්සලා දෙන්නද ගූ ජෙප්පෝ…

  2. Janaka says:

    Ai Ara ape wickeramaarachchi ge beth eke gana kiyanne nathe. 1 week walin covid hoda wenewa neda

  3. nihal says:

    Peoples have to wait for until 2023

  4. Ajith says:

    To be introduced in 2023 that’s almost one and a half years from now. God knows at this rate where the world would be by then.

  5. වන්නියා says:

    2023 වෙද්දි නං ඔය ඉන්ජැක්සන් එක ඕන වෙයිද මංද . කාට විදින්නෙයි , හදාපු එකත් ඉඳියිද විස්සාස නෑ .

  6. ආදිවාසී නායක තුමා රටේ ප්‍රධාන උපදේශක says:

    ආදිවාසී නායක තුමා රටේ ප්‍රධාන උපදේශක නායකත්වයට පත් කර ස්වභා දහමට අනුව කටයුතු කිරීමට හැකි ඉක්මනින් පියවර ගත යුතුයි..!

  7. කුඹුක්කණ් says:

    බටහිර දෙයක් නිසා හරියටම හරි ඇති, ආයෙ පරීක්ෂණ කරන්න ඕනෙ නෑ. ලංකාවෙ ඇලොපති සෙට් එක දැන් මේකට කවි සිංදු ලියන්න පටන් ගනී

  8. කිරි ලැම්බට් says:

    වැවක් මැද්දෙ තියෙන දූපතක් හරි දීලා කැංගරු එන්නත කොහොම හරි ගෙන්නා ගනිමු

Main News