ලෝකයට සමාජවාදය හදුන්වා දුන්නේ බුදු හිමියන්.. කාල් මාක්ස්, ලෙනින්, එංගල්, ට්‍රොස්කි නොවෙයි..

August 22, 2018 at 8:40 am | lanka C news
ලෝකයට සමාජවාදය හදුන්වා දුන්නේ බුදු හිමියන්.. කාල් මාක්ස්, ලෙනින්, එංගල්, ට්‍රොස්කි නොවෙයි..

”අන්තවාදී හා අවස්ථාවාදී දේශපාලන නායකයින් ජනතාව හමුවේ නායකත්ත්වය හදාගන්න හෝ මවා ගන්න ලෙහෙසියෙන්ම සහ පහසුවෙන්ම තෝරා ගන්නේ ආගම්වාදය, ජාතිභේදය, කුලභේදය, පැතිරවීම” යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා මෙසේ පැවසුයේ වවුනියාවේ ශ‍්‍රී බෝධිදක්‍ෂිණාරාම විහාරස්ථාන ධර්ම ශාලාවේ පැවති රැස්වීමකදීය.

රෙජිනෝල්ඞ් කුරේ මහතා එසේ පැවසුවේ උතුරු පළාතේ වවුනියාවේ සිට දකුණු පළාතේ ගාල්ල ප‍්‍රදේශයේ විහාරස්ථාන සඳහා තැන්පත් කිරීමට වැඩම කරවනු ලබන ශෛලමය බුද්ධ ප‍්‍රතිමා සහ දේව ප‍්‍රතිමා දකූණු ප‍්‍රදේශයට වැඩම කරවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උත්සවයේදිීය.

මෙම බුද්ධ ප‍්‍රතිමා සහ දේව ප‍්‍රතිමාව වැඩමවීම සඳහා මග පෙන්වීම සහ සංවිධාන කටයුතු කරන ලද්දේ ගාල්ල කනම්පිටිය, පුරාණ අම්පිටිය භාවනා මධ්‍යස්ථානයේ, පූජ්‍යපාද කෑගල්ලේ යූ. පඤ්ඤාරාම මහාධිකරණ සංඝනායක නාහිමියන් ප‍්‍රමුඛ ආගමික හා ජනවාර්ගික සංහිඳියාව පෙරදැරි කරගත් සර්වාගමික පූජ්‍ය පූජකතුමන්ලා විසිනි.

එහිදී වැඩිදුරටත් සභාව ඇමතූ රෙජිනෝල්ඞ් කුරේ මහතා ”අපි ආගම, ජාතිය, වර්ගය මුල් කර ගෙන ඇන කොටා ගන්නවා. මනුෂ්‍යත්ත්වය ඈත් කරනවා. මම කවදාවත් ජාති කුල මල පංති භේදය අනුව වැඩ කරන නායකයෙක් නොවෙයි. මම මුල් කර ගන්නේ මනුස්සකම විතරයි. අන්තවාදී පටු දේශපාලන වාසි තකා වැඩ කරන සියලූම දේශපාලඥයින් මෙම භේද තවමත් රටේ පතුරුවනවා. එහෙම කරන්නේ ඡුන්ද බලා ගෙනයි. හැබැයි ඒක හැමදාම කරන්න පු`ථවන් දෙයක් නොවෙයි. විශේෂයෙන්ම උතුරු පළාතේදී කුල භේද, ආගම්භේද වැපිරවීම ලෙහෙසියෙන්ම, පහසුවෙන්ම කරන්න පු`ථවන්. නමුත් කළ යුත්තේ ඒක නොවෙයි. කළ යුතු වන්නේ භේද යටපත් කරලා මනුෂ්‍යත්ත්වයේ නාමයෙන් වැඩ කිරීමයි.

බුදුන් වහන්සේ ලොවට දේශනා කළේ සමානාත්මතාවයෙන් හැම දෙනාටම සලකන්න පුරුදු වෙන්න කියලයි. ලෝකයේ මුල්ම සහ විශිෂ්ඨතම සමානාත්මවාදියා සහ සමාජවාදියා බුදුන් වහන්සේයි. කාල් මාක්ස්, ලෙනින්, එංගල්, ට්‍රොස්කි ලොවට සමාජවාදය හඳුන්වා දෙන්න කලින් බුදුන් වහනසේ තමයි ලෝකයට සමානාත්මතාවය සහ සමාජවාදය කියා දුන්නේ. ලෝකයේ මුල්ම විශ්වාන්තරවාදියා ලෙසද හැඳින්විය හැක්කේ බුදුන් වහන්සේයි. සමගියෙන්, සමාදානයෙන්, සංහිඳියාවෙන් ජීවත් වෙන්න අපට ලෝකයේ වෙනත් රටවලින් උපදෙස්, අනුශාසනා ලබා ගන්න ඕනෑ නැහැ. ඒ සඳහා බුද්ධ ධර්මය තුළ හොඳ ම`ග පෙන්වීමක් තිබෙනවා. අපිට එංගලන්තයෙන්, යුරෝපයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සංහිඳියාව සඳහා ම`ග පෙන්වන්න කියා ඉල්ලීම් කිරීම අවශ්‍ය නැහැ. බෞද්ධ ධර්මය ඇසුරු කළොත් සංහිඳියාවේ සහ සමගියේ පණිවිඩය හැම දෙනාටම හොඳින් පැහැදිලි වෙනවා. දකුණේ සිංහල විහාරස්ථාන වල හින්දු දෙවිවරුන් සඳහා කුටි හදලා, දේවාල හදලා තියෙනවා. බුදුන් වහන්සේ වැඩ සිටින විහාරස්ථාන වල දෙවිවරු සමගියෙන් සමාදානයෙන් වැඩ ඉන්න විට වඳින්න යන ගිහියෝ ගහ මරා ගන්නවා මේක තමයි නතර කළ යුත්තේ.

ඒ නිසා මා මෙහිදී පැමිණ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම දෙනාගෙන් ඉල්ලන්නේ ඔබ හැම මනුස්සයෙකුටම මනුෂ්‍යත්ත්වයෙන් සලකන්න, මනුෂ්‍යත්ත්වයෙන් කථා කරන්න, මනුෂ්‍යත්ත්වයෙන් සිනහාසෙන්න කියලයි. එතකොට සහජීවනය ඉබේ ගොඩ නැගෙනවා” යයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදි අවසාන වශයෙන් පැවසීය.

මෙම ශෛලමය බුද්ධ ප‍්‍රතිමාව සහ දේව ප‍්‍රතිමා දකුණට වැඩමවීමේ ආරම්භක උත්සවයේදී පූජ්‍යපාද කෑගල්ලේ යූ. පඤ්ඤාරාම මහාධිකරණ සංඝනායක නාහිමියන් පිලි ගැනීමේ කථාව කළ අතර දකුණේ සහ උතුරේ කතෝලික, හින්දු හා මුස්ලිම් පූජකවරු මෙම කටයුත්තේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූහ.

උතුරේ වවුනියාවේ මෙම උත්සවය සම්බන්ධීකරණ කටයුතු වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සහ එම කාර්යාලයේ ප‍්‍රධානත්ත්වයෙන් සිදුවිය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

6,959 Viewers

One Comment to “ලෝකයට සමාජවාදය හදුන්වා දුන්නේ බුදු හිමියන්.. කාල් මාක්ස්, ලෙනින්, එංගල්, ට්‍රොස්කි නොවෙයි..”

  1. sunimal says:

    තමන් කතෝලික ආගමෙන් ඉවත් උනා නම් ඉවරනේ

Main News