ලෝකයම දිනාගත් ලංකාවේ ඔළුවට අත හෝදයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04කින් ලංකාවට එරෙහි නිවේදනයක්..

September 15, 2018 at 12:00 pm | lanka C news
ලෝකයම දිනාගත් ලංකාවේ ඔළුවට අත හෝදයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04කින් ලංකාවට එරෙහි නිවේදනයක්..

දැනට ආරම්බ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සභාවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය . මැසඩෝනියාව සහ මොන්ටීග්‍රො යන රටවල් 4 ක් විසින් , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 දා ඕමානයේ මස්කට් නුවර පැවතී සම්මන්ත්‍රණයක් ඇමතු ආචාර්ය නාලක ගොඩහේවා අප්‍රසාදය පල කලේය.’ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව’ විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන් ආකාරයට ජාත්‍යතරය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට දිගින් දිගටම ඇඟිලි ගසනා බවට සැප්තැම්බර් 11 දා දාතම ඇති මෙම ඒකාබද්ධ නිවේදනය කදිම උදාහරණයකි.

‘ ශ්‍රී ලංකාවේ නව රජය 2015 සිට ජාතික සංහිදියාව හා සාමය වෙනුවෙන් වූ ප්‍රමුඛතා සැලස්මට අදාල තීරණ ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නිරත්තරයෙන් සම්බන්ධවී කටයුතු කිරීම ගැන තමුන් සතුටුවන බවත්, අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටවීම ගැන ප්‍රසංශා කරන අතර හමුදාවන්ට අයත් තව තවත් ඉඩම් සිවිල් වැසියන්ට ලබා දීම වේගවත් කිරීමට නව රජයේ ඇති කැපවීම අගය කරන බවත් මේ නිවේදනයේ කියවේ. කෙසේ වෙතත් රජය විසින් යුද්ධය සමයේ හානි වූවන්ට වන්දි ගෙවීමේ කාර්යාලයක්ද වහාම පිහිටවියයුතු බව එහි තවදුරටත් කියැවේ. එසේම 2015 සම්මත වූ 30/1 ජිනීවා යොජනාවට අනුව සුලු ජාතීන් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලියක් තහවුරු කිරීමටත්, ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීමටත් නව රජය පොරොන්දු වූ බව මතක් කරණ මේ රටවල් ශ්‍රී ලංකාව තුල ව්‍යවස්ථා වෙනසක් හරහා බලය විමධ්‍යගත කිරීම කඩිනමින්ම කල යුතු බව අවධාරණය කොට තිබේ.

ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රශ්ණ කරන්නේ වෙනත් ස්වෛරී රටක් සම්බන්ධයෙන් නම් මෙසේ ඇඟිලි ගසන්නට කිසිවෙකුට ඉඩ ලැබෙනවාද කියායි. ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දුන් 30/1 ජිනීවා යෝජනාව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරණ ලද්දක් බව මතක් කොට සිටි ආචාර්ය ගොඩහේවා තව දුරටත් පෙන්වා දුන්නේ ඇමෙරිකාව ඔවුන්ගේ රණ විරුවන් සම්බන්ධයෙන් නම් අනුගමනය කරන්නේ මීට හාත් පසින්ම වෙනස් පිලිවෙතක් බවය. උදාහරණයක් ලෙස දැනට දින කිහිපයකට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොල්නල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක වරයෙකු වන ජෝන් බෝල්ටන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘තමන්ගේ රටේ රණ විරුවන් ගැන ප්‍රශ්ණ කරන්නට ආවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවතාගෙන යන ජාත්‍යන්තර අධිකරණවලට හොඳ පාඩමක් උගන්වන බවත්, එම අධිකරණ පවත්වාගෙන යාමට මුදල් ආධාර දීම නවතා දමන බවත්, ඒවායේ විනිසුරුවන්ට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කරන බවත් , යම් විනිසිරුවරයෙකුගේ වත්කම් ඇමෙරිකාවේ ඇත්නම් ඒවා රාජසන්තක කරණ බවත්ය. ඇමෙරිකාවඑක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික අධිකරණ පිලිනොගන්නා බව පවසා සිටි ඔහු පෙන්වා දුන්නේ තමන් ක්‍රියා කරන්නේ ඇමෙරිකාවේ නීතිය අනුව බවත් තම රටේ ව්‍යවස්ථාවට උඩින් එන කිසිදු උපදෙසක් බාරගනීමට ඇමෙරිකාව සූදානම් නැති බවය’.

නමුත් මෙසේ කියන ඇමෙරිකාව විසින්ම 2015 සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල ‘ලංකාවේ නීති පද්ධතිය වෙනස් කරන ලෙසත්, යුධ සමයේ වූවායැයි කියන සිද්ධීනට අදාලව රණ විරුවන් ගැන පරික්ෂණ පවත්වන ලෙසත්, යුධ සමයට අදාල නඩු ඇසීමට ජාත්‍යන්තර විනිසුරුවන් පත්කරණලෙසත්, ලංකාවේ බලය ව්‍යවස්ථාමය වෙනසක් හරහා විමධ්‍යගත කරන ලෙසත් කියැවෙන 30/1 යෝජනාවට ලංකාවේ වත්මන් රජය සම අනුග්‍රාහකත්වය පවා ලබා දී ඇත. අද උතුරේ විග්නේශවරන්ලා සම්බන්ධන්ලා බල කරන්නේ මේ යෝජනා වහාම ක්‍රියාත්මක කොට අවසන් කරන ලෙසය.

ජාත්‍යන්තරය යැයි කියා ගන්නා බටහිර රටවල් කිහිපයක උපදෙස් මත රට පාලනය කරන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ වත්මන් යහපාලන රජයේ නිවට නියාලු හැසිරීම වටහා ගැනීමට මීටත් වඩා උදාහරණ අවශ්‍යද කියා ආචාර්ය ගොඩහේවා ප්‍රශ්ණ කලේය.

රටවල් හතරේ ඒකාබද්ධ නිවේදනය මෙතනින්
ඇමෙරිකානු ජනාධිපතිගේ  ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ ප්‍රකාශය  මෙතනින්

– චාමින්ද කරුණාරත්න

82 views
Main News