ලෝකයම වෙසක් සමරන්නේ මැයි 29යි.. ලංකාවේ විතරක් අපේ‍්‍රල් 29.. මේ හිතුවක්කාරකම් නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳින්න වෙයි..- අස්ගිරි අනුනාහිමි..

April 24, 2018 at 10:40 am | lanka C news
ලෝකයම වෙසක් සමරන්නේ මැයි 29යි.. ලංකාවේ විතරක් අපේ‍්‍රල් 29.. මේ හිතුවක්කාරකම් නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳින්න වෙයි..- අස්ගිරි අනුනාහිමි..

ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ පැවසූහ.

මැයි මාසයට යෙදෙන පසළොස්‌වක පෝ දිනය වෙසක්‌ පෝ දිනය ලෙස සැලකීමටත් මැයි මාසය වෙසක්‌ මාසය ලෙස පිළිගැනීමටත් ශ්‍රී ලංකාවාසීන්ගේ සාම්ප්‍රදායට පිටුපා මෙවර වෙසක්‌ පෝ දිනය අප්‍රේල් මස පසළොස්‌වක පෝ දිනට යොදා ගැනීම කිසිසේත්ම සිදු නොවිය යුත්තක්‌ බව විජිතසිරි අනුනායක හිමියෝ පෙන්වා දුන්හ.

බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක්‌ පුන් පෝ දිනයද තම තමන්ගේ හිතු මතයට වෙනස්‌ කිරීම උචිත නොවන බව පැහැදිලි කරමින් ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ ඊයේ (23 දා) එසේ කියා සිටියහ.

අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබෙන පුන් පෝ දිනය බක්‌ මහේ පෝ දිනයකි. ශක රාජවංශය අනුව බක්‌ මස අගට යෙදී ඇති පුන් පෝ දිනය අධි පසළොස්‌වක පෝ දිනයක්‌ ලෙස සැලකීමේ වරදක්‌ නොමැති නමුත් වෙසක්‌ පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තායිලන්තය, කාම්බෝජය, ටිබෙට්‌, වියට්‌නාම්, චීනය, ඉන්දියාව වැනි රටවල් වෙසක්‌ දිනය ලෙස සමරන්නේ මැයි මස අවසනට යෙදී ඇති පසළොස්‌වක්‌ පෝ දිනය බවත් ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය පවත්වන්නේද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්‌වක්‌ පෝදිනය දා බවත් අනුනායක හිමිපාණෝ පෙන්වා දුන්හ.

කිසිවකුගේ උපදෙසක්‌ මත සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීරණ ගැනීම සාවද්‍ය බව පෙන්වා දුන් උන්වහන්සේ මෙවන් අත්තනෝමතික තීන්දු නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳීමට පවා කටයුතු යෙදීමට ඉඩ තිබෙන බවද පැවසූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
– Divaina

53 views

35 Comments to “ලෝකයම වෙසක් සමරන්නේ මැයි 29යි.. ලංකාවේ විතරක් අපේ‍්‍රල් 29.. මේ හිතුවක්කාරකම් නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳින්න වෙයි..- අස්ගිරි අනුනාහිමි..”

  1. Dev says:

    mokak hari poyak wesak unata kamak naa.
    Mokada apita oka hariyatama ona naa.

    dan budu una , epaduna , piriniwan pawa kiyanne oya poya dawase ne.
    oka hari wennath puluwan waradinnath puluwan
    mokada hama dema poya dawase wenawa nam eka waradi buddagamak
    e dawas wala poya kiyanne niwadu dawasak.ethin edata samaranna tiyagaththa wennath puluwan.

    dina eha meha wema apita wadak naa
    budda darashanya jeewitheta lan karagena jeewath wenawa nam eka thama baudda kama.

    • Kavtilya says:

      Modayo oyawage apabransa liyanna epa ban. Onna balapan umbata ahagannawena ewa. Tikak pandithakama netiwa hitahanko

      • Dev says:

        mata ahaganna wena ewa mokata ban
        mama samanya manusayek

        habai lokema wesak eka dawasaka samaraddi ay api witarai wenas

        meka mara disnilanthaya.

      • Saman says:

        මේ වානරයාට බැනල වැඩක් නැහැ බං. අම්ම toilet ගිහින් තටමනකොට අඩු මාසෙන් හම්බවුනු එකෙක්.

        • Dev says:

          umba dana buddagama
          bo gas wateta gihin siyalla prarthana karana buddagama.

          adu masen newei eka dawasin bihi unath mata adala naa.katha karapan niyama mole tiyana ekek wage.

          jaina haththa

        • Dev says:

          upathin wasalayek nowana bawa wasala sutrayen watahaganu manawi,

          Ammata banina buddagam karayo.Niyama wihilu mewa

    • Amda says:

      ඉතින් උන් මොනවා කිව්වම මොකද හාමුදුරුවනේ … අපි මැයි 29 සමරමු.

      කවුරු මොන සමයන් නීති දැම්මත් මම නම් පුද්ගලිකව මැයි 18 යුද ජයග්‍රහනය
      සහ වෙසක් පෝය දින වෙසක් උත්සවය සමරනවා.

    • පොරියා says:

      අවසරයි අපේ හාමුදුරුවනෙ ..ජනවරි ආපු කැලන්ඩරේ වෙසක් කටට එනකම් ඉන්න උනානෙ ඔබ වහන්සේලාට ඕක පහදන්න .

      • අමිල says:

        එහෙම තමයි ඉතින්. මොකද උන් වහන්සේ ලාට වැඩ නැතුව යේ ?

  2. SUNIMAL says:

    රනිල් සිරිසේනගේ දොන් ජුඅන් රජය පරාජය කරමු

  3. sinha le says:

    2020 ජනපතිවරණයේදී සිංහල බෞද්ධයා ඡන්දය ලබා දිය යුත්තේ කාටද? යන බව දැන් සිටම කල්පනා කල යුතය

  4. lion says:

    රතන හිමි නිදිද?

  5. Psg says:

    All Buddhist please consider poya in may as vesak

  6. SUNIMAL says:

    බුදුරජාණන් වහන්සේට නව වරක් පුජා කරපු මේ පින්බිම වසර තුනක් ඇතුලත යමපාලනය විනාස කලා

  7. පිරිමි මිසී says:

    මාස 6 කට කලින් ඕක ප්‍රසිද්ද කරද්දී විරුද්ධ නොවුනේ ඇයි. මුන්නාන්සේ කොහෙද ලංකවේ නෙවේද?

    • Shen Fernando says:

      උන්වහන්සේ විරුද්ධ වුණා. නමුත් ආණ්ඩුවේ අවසන් තීරණය තමයි මේ. ඒකට ගරු කරන්න. තමුන් දකින ප්‍රවෘත්ති විතරයි සිදුවෙලා තියෙන්නේ කියල හිතන තොපි වගේ මෝඩයින් තවත් බිහි නොවේවා.

    • maraya says:

      සිරිසේන තීරණ ගන්නේ ඔහුට අවශ්‍ය විදිහට කිසිවකු කියන දෙයක් පිළිගන්නේ නැහැ විශේෂයෙන් සිංහල බෞද්ධයන් .
      .වැඩ කරන්නේ ජාතිවාදී දෙමල සහ අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට උවමනා විධිහට බලේ සිටීමට ..ලංකාවේ ජිවත් වූ උබට තාමත් ජඩ පාලනය තේරුම් ගැනීමට නොහැකි උනාද ? ලැජ්ජයි

  8. Gamaya says:

    where was this anunayaka thera living?This protest should have made 3 months ago.now too late
    Good example for lack of attention to important matters.

  9. LION voice says:

    WELL SAID MAHA SANGHA……..PLEASE make an announcement asking ALL BUDDHISTS in Sri Lanka to celebrate Vesak om May 29th……SADU SADU SADU!!!

  10. dammika says:

    ගල් පැලෙන බොරු කියන්න එපා. අපි කවදද හරි දවසේ වෙසක් සැමරුවේ. බෞද්ධ මාස අනුව බැලුවොත් දවස් 28න් 28 ට මාස ලබන්නේ චන් ද්‍ර මාස අනුව​. ඉතින් මේ හරක් අදි පෝය දාගෙන ඒක කැලැන්ඩර් මාස වලට ගලපලා හැම මැයි මාසෙම වෙසක් සමරලා හරක් වගේ. මුන්ට ආමිස පූජාත් හරියට බැනේ කලාවට තියන්න ප්‍රතිපත්ති කෙසේවෙතත්.