ලෝකයේම නැති කොරෝනා වලලු 05ක් ලංකාවේ..

April 20, 2020 at 2:10 pm | lanka C news
ලෝකයේම නැති කොරෝනා වලලු 05ක් ලංකාවේ..

මහරගම අපේක්ෂා රෝහල සදහා අවශ්‍ය මුව ආවරණ තොගයක් පිවිතුරු හෙළ උරුමය විසින් (19) එම රෝහලේ අධ්‍යක්ෂකතුමන් වෙත භාරදීම සිදුවිය.

එම අවස්ථාව සදහා පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ, ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝණාර යන මහත්වරුන් එක්විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

‘අද අපි පිළිකා රෝහලට ආවේ චීනයේ මිතුරකුගෙන් මා හට ලැබුණු මුව වැසුම් 3000 කට අධික ප්‍රමාණයක් රෝහල් අධ්‍යක්ෂකතුමන් හරහා පිළිකා රෝහලට පරිත්‍යාග කිරීම සඳහායි. මොකද පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අවම මට්ටමක පවතින නිසා ඔවුන් කොරෝනා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි පිරිසක්. අපි මාධ්‍ය හරහා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා හැකි පමණ පිළිකා රෝහලට අවශ්‍ය මුව වැසුම් ලබාදීලා මේ අහිංසක රෝගීන්ගේ ජීවිත බේරගන්න දායකවන්න කියලා.

ඒ වගේම මේ දවස් වල හැමෝම කතා කරන දෙයක් තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන. එක්සත් ජාතික පක්ෂය අපට චෝදනා කරනවා වගේ කොරෝනා අස්සේ මිනී කඳු මැදින්, ජනතාවගේ කඳුළු මැදින් මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට වුවමනා වෙලා තියෙනවා වගේ මේ රටේ මැතිවරණ කවදාවත්ම නොතියා සිටීමේ උවමනාවකුත් නැහැ. අපි දැක්කා ඒ ආණ්ඩුව පුංචි ඡන්දය, පළාත් සභා ඡන්දය කල් දාලා ඔවුන් මැතිවරණ නොපැවැත්වීමේ සංස්කෘතියකයි සිටියේ. නමුත් අප ඉන්නේ නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි කියන මතයේ. මැතිවරණ කොමිසම ජනාධිපතිතුමන්ට ලිඛිතව දැනුම්දීමක් කළා කොයිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට සිදු වුණු බවට. ඒ නිසා වගකිවයුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙක් විදියට එතුමන් බැඳිලා සිටිනවා හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය හැකි වාතාවරණයක් ගොඩ නගන්නට. දැනට ඒ වාතාවරණය බොහෝදුරට ගොඩනැගී ඉවරයි. අපි දන්නවා පසුගිය දින අටේ මේ රටේ හමුවුනු කොයිඩ් 19 රෝගීන්ගෙන් දෙදෙනෙක් හැරුණු විට අන් සියලුම දෙනා එක්කෝ නිරෝධායන මධ්‍යස්ථානවලින් එහෙමත් නැතිනම් ස්වයං නිරෝධායනයේ යෙදී සිටින අයගෙන් තමයි හමුවුනේ.

අපේ රටේ වෙන කිසිදු රටක නොකරපු සුවිශේෂී රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පාවිච්චි කර තිබෙනවා. ඒ තමයි බුද්ධි අංශ වල මැදිහත් වීමෙන් වළලු පහක් දක්වා නිරෝධායනය සිදු කිරීම. උදාහරණයක් ගතහොත් තෙලවල මගේ සංවිධායකවරයෙක් වන සුරංජිත් සිටින්නේ මේ වන විට නිරෝධයනයට ලක් වෙලා. එයට හේතුව තමයි ඔහුගේ පුතාගේ යාලුවෙක්ගෙ පියාගේ වාහනයෙන් පුද්ගලයකු රෝහලට අරන් ගොස් තිබෙනවා. පසුව ඔහු රෝගියෙක් බව හඳුනාගෙන තිබෙනවා. මේ සුරංජිත්ගේ පුතා එකම එක වතාවක් ඒ අතර සිය මිතුරා හමු වීමට එම නිවසට ගොස් තිබෙනවා. දැන් රෝගියා පළමුවෙනි වළල්ල. රෝගියා රෝහල වෙත ගෙන ගිය පුද්ගලයා දෙවැනි වළල්ල. ඔහුව ළඟින් ඇසුරු කළ පුද්ගලයා තුන්වෙනි වළල්ල. පුතාගේ යාළුවා අහුවෙන්නේ ඒ තුන්වන වළල්ලට. යාළුවා බලන්න නිවසට ගිය සුරන්ජිත් ගේ පුතා සිව්වන වළල්ල. සුරංජිත් පස්වන වළල්ල. මා දන්නා තරමින් ලෝකයේ කිසිම රටක් මෙලෙස වළලු පහක් දක්වා නිරෝධායනය පුළුල් කර නැහැ. උපරිමය ගිහිල්ලා තිබ්බේ වළලු තුනක් දක්වායි. අනුව අපේ ආණ්ඩුව අනුගමනය කල ලෝකයම අද ආදර්ශයට ගන්නා දැඩි ක්ෂණික ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව කොරෝණා තත්වයෙන් මිදෙනවා. රෝග ලක්ෂණ තියෙන අය සහ නිරෝධායනයට ලක් වන අය වගකීම් සහිතව හැසිරුනොත් ඉදිරි සති දෙක තුනකින් අපට මේ රෝගී තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා.

ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙනවා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ජනාධිපතිතුමන්ගේ කකුලෙන් අදින පිළුණු වූ පාර්ලිමේන්තුව වෙනුවට ජනාධිපතිතුමන්ට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගෙන රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය කරන නීති රීති ටික සම්පාදනය කර ගන්නට. මා දුටුවා ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් මැතිතුමා අප්‍රේල් මස 6 වනදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියනවා තව මාස හයක් යනකන් කොරෝනා තත්වයෙන් ගොඩ එන්නට බැහැ. එය වසරක් දක්වා දිගු වෙන්නටද පුළුවන් . ඒ නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා. පරණ පාර්ලිමේන්තුව ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කරපු පිළුණු වෙච්ච පාර්ලිමේන්තුවක්. පසුගිය මාස තුන හමාරක් පුරා ජනාධිපතිතුමන්ගේ කකුලෙන් ඇදපු පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුව කැඳවීම් ඒ කිසිදු අරමුණක් ජනාධිපතිතුමන්ට නැහැ. එහෙම කැඳවීමට කිසිම නීතිමය බැඳීමකුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 (4) වගන්තියේ කියනවා හදිසි නීතිය පනවන අවස්ථාවේදී හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනයම පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නිවේදනයක් බවට පත්වෙනවා කියලා. ජනාධිපතිතුමන් ඉතාම දැඩි මතයක ඉන්නවා මම කිසිම අවස්ථාවක හදිසි නීතිය පනවන්නේ නැත කියලා. එහෙමනම් පාර්ලිමේන්තුව කැඳවීමේ නීතිමය බැඳියාවක් ද නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය කියනවා හදිසි තත්වයක් පැන නැගී පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යයයි ජනාධිපති තුමන්ට පෙනී යන්නේ නම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කැඳවිය හැක කියලා. අතන කියන්නේ යුතුය. මෙතන කියන්නේ හැක කියලා. හදිසි තත්වයක් රටේ පැන නැගිලා තියෙනවා. නමුත් මේ රටේ පාර්ලිමේන්තුවලවා සම්මත කර ගන්නට කිසිම අලුත් නීතියක් අවශ්‍ය වන්නේ නැහැ. පවතින නීති රීති යටතේ කොරෝනා මර්දනය කිරීමට පුළුවන් බව සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක බලධාරීන් ජනාධිපතිතුමාට දැනුම්වත් කර තිබෙනවා. අනිත් පැත්තෙන් ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා තියෙනවා. අලුත් නීති කිසිවක් නැතුව අප කොරෝනාව හොඳින් මර්දනය කරලා ලෝකයට ආදර්ශයක් දී තිබෙනවා. එහෙම නම් පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවයක් පැන නැගී නෑ. පාර්ලිමේන්තුව කැඳවීමේ නීතිමය අවශ්‍යතාවක් හෝ බැඳියාවක් නැතැයි කියන එක පාර්ලිමේන්තුව යළි කැඳවන්න යැයි කියන එක විපක්ෂයට අප පෙන්වා දෙන්නට කැමති’

– අරවින්ද අතුකෝරල

273 views

18 Comments to “ලෝකයේම නැති කොරෝනා වලලු 05ක් ලංකාවේ..”

  1. උදාර says:

    What you can expect more from a country that is governing by Mr Dilith Jayaweera, Mr Reno Silva and Mr Kili Maharaja.

    • Palle says:

      So Dilith Jayaweera, Reno Silva and Kili Maharaja are excellent ?

    • 😥😥🥵🥵 says:

      @උදාර
      What can WE expect more from YOU, උදාර… that your BODY is governing by ALCOHOL and DRUGS ..??

      • දේවක says:

        කිලියා ගැන මතක් කරන්ඩ එපා!
        කිලියා රටට හෙණයක්, ජාතියට වසංගතයක්!

      • chicken boy says:

        ෆ්‍රී වයිෆයි ද

  2. thus says:

    සරළ PPE යෙදුම හා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිවෙලින්
    1. නිවසින් බැහැරව ආනාරක්ෂිත ස්ථානයන් වෙත යෑමේ අවශ්‍යතාවයක් යෙදුනොත් තමන් යායුත්තේ කුමණ වේලාවටද, කොහෙටද,කුමණ වෙළඳ සැළටද,මිළදී ගතයුත්තේ මොනවාද? කලින් සැළසුම් කරන්න.
    2.තමන් නැවත නිවසට පැමිණිවිට හැදගැණිම සදහා ඇදුමක්, පාවන් යුවක්, දියකරගන්නා ලද රෙදි සෝදන කුඩු සහිත ජල භාජනයක්, සබන් කෑල්ලක්, ස්නානයට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් නිවසින් පිටත තබන්න.
    3. තමන්ගේ ගිස් මුදුනේ සිට පපු ප්‍රදේශය පමණ දක්වා ආවරණය කරගත හැකි පරිදි විනිවද පෙනෙන ඝනකම අඩු පොලිතීන් උරයක් සොයාගෙන(PPE) හුස්ම ගැණීමට හැකිවන පරිදි පැළදගන්න.
    4. තමන් කලින් සැලසුම් කරගත් පරිදි තමන්ට යාමට අවශ්‍ය ස්ථානය වෙත ගොස් ඉක්මනින් සිදුකර ගැණීමටත් පෝළිම්, තෙරපීම්, අන් අය සමග සතුටු සාමිචයේ යෙදීම්, හැකිතාක් මගහැරීමත් කරන්න.
    නිතරම සබන් වතුරෙන් සෝදාහැරිය හැකි, අව්වේ තබා වියලා ගත හැකි, ඉතා වැඩි උෂ්ණත්වයකට භාජනය කල හැකි,ආහාර වර්ග බඩු භාන්ඩ පමණක් තෝරා ගන්න ශිතකරණ වල තබා ඇති හෝ කලින් පිසින ලද ආහාර වර්ග තෝරා නොගන්න.
    5.නැවත නිවස ඇතුලට පැමිණීමට පෙර ගෙනෙන ලද බඩු භාන්ඩ සියල්ල සබන් වතුරෙන්, පිරිසිදු ජලයෙන් සෝදා අව්වේ තබා පැය 4 ක් පමණ වියලා නිවසට ගන්න.
    6. වාහනයක ගියේ නම් එයද සබන් යොදා ඇතුලත හා පිටත හොදින් සෝදා හැර අව්වේ වියලීමට හරින්න.
    7. තමුන්ද පොලිතීන් උරය පිටින්ම හොදින් ස්නානය කර පසුව හැදගෙන ගිය ඇදුම්, පාවහන් සමග පොලිතීන් උරයද සබන් යොදා හොදින් සෝදා අව්වේ වියලීමට හැර නිවසට ඇතුලුවන්න.

    මෙම ක්‍රමය අනුගමනය කලොත් 100% ක්ම kovid-19 වලින් නිදහස්

  3. Asoka says:

    ලෝකේ කිසිම තැනක මෙහෙම මුව ආවරණ බාරදීමේ උත්සව දැකලා නැහැ. අනෙක් රටවල ඕඩර් කරපු එක හරි තෑගි දුන්න එක හරි කෙලින්ම ගබඩාවට ගිහින් ගබඩා භාරකරු විසින් තමයි ඒවා අදාළ අංශ වල ඉල්ලුම අනුව බෙදාහරින්නේ. මුත් හරියට අර රන්ජන් සජිත් විමල් වීරවසංහ 3% එවුන් වගේ පඩ ෂෝ කාරයොනේ බලපුවාම. තම්බි ටිකයි දෙමලු ටිකයි විතරයි පඩ ෂෝ දාන්නේ නැතිව මීඩියා නැතිව මේවා ලස්සනට කරගෙන යන්නේ. එකනේ උන් හැම දෙයකින්ම දිනුම්. උන් ජනගහනය බෝ කරන විදියට 2040 වෙනකොට මේ රටේ ජනාධිපති තම්බියෙක් එක්කෝ දෙමල කෙනෙක්. අපේ එවුන් සිංහල පවුලක දරුවෝ 5 දෙනෙක් හිටියොත් උන්ට ඉන්න තැනත් නැතිකරලා මහ රැ පාදඩ පොලිස් නිලධාරින් විසින් එලියට දානවා.

  4. m ahinda says:

    Has not been received any gifts from Australia?

  5. Open mind says:

    කවුදෝ දුන් මුව ආවරණ ‘පරිත්‍යාග’ කිරීම……අතෙන් වියදම් කරන්න නම් එපා .හොඳේ.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      එහෙම හරි දුන්නනෙ වල් බූරුවො,කුහකම නැතුව ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් ගන්න බලපං.

    • එක්නැලිගොඩ says:

      දැන් උබ අතින් වියදම් කරලා මුව ආවරණය කීයක් රොහල්වලට දීල තියෙනවද. කරන මිනිහෙක්ට හරි කරන්න දීල පැත්තකට වෙලා හිටපන්.

  6. chicken boy says:

    ආලාපාලුව, සිංහල බන්ඩා, බූ, කමල්,ඔපන් මයින්ඩ්, අජිත්, රට වෙනුවෙන්,උදාර, දස්, නුවන් සහ නොරට එකා යන සියල්ල පරදා cnews අඹරට පායන අලුත් ම තරුව ‘chicken boy’

    • Alapaluwa says:

      දාන්ඩ මල්ලි හොඳවයින් චිකන් ඩෙවල් එකක්.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      වැඩිම උනොත් බ්‍රොයිලරයගෙ ආයුෂ දවස් හතලිස් පහයි.කර ගන්න දෙයක් ඉක්මනට කර ගනිං.

  7. දෙවැට සුදා says:

    වළල්ල වත් වල්ලවත් නෙමේ වැඩේ ඉක්මනට සිල් බෝතලයක් හොයා ගන්න ක්‍රම්වේදයක් හදන්න ආණ්ඩුව තවම අසමත් වෙලා.

    • chicken boy says:

      වළල්ල ගහ මුල නේ මල්ලි. ඉතින් කෝමයි ඕක කොරන්නේ.

Main News