ලෝකයේ එන්නතක් අනුමත කරන තුරු අප බලා සිටිනවා.. අනුමත කල පසු ගෙන්වනවා..- වසංගත රෝග ප‍්‍රධානී

December 8, 2020 at 6:32 am | lanka C news
ලෝකයේ එන්නතක් අනුමත කරන තුරු අප බලා සිටිනවා.. අනුමත කල පසු ගෙන්වනවා..- වසංගත රෝග ප‍්‍රධානී

ලෝකයේ නිෂ්පාදනය කරන කොරෝනා එන්නතක් නම් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නම් එය ලබන වසරේ මැද භාගය පමණ වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එවන් එන්නතක් අධික ශීත තත්ත්වයක් ඇත්තේ ගබඩා කර විශාල පිරිසකට ලබා දීමේදී මෙරටට ප්‍රායෝගික දුෂ්කරතා මතු විය හැකි බවයි.

දැනට එංගලන්තයේ භාවිතයට අවසර දී ඇති එන්නත අධි ශීත තත්වයක් යටතේ තබාගත යුතු බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන තෙක් ශ්‍රී ලංකාව එම එන්නත් ලබා ගැනීමක් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

11,829 views

21 Comments to “ලෝකයේ එන්නතක් අනුමත කරන තුරු අප බලා සිටිනවා.. අනුමත කල පසු ගෙන්වනවා..- වසංගත රෝග ප‍්‍රධානී”

  1. banda says:

    පිස්සෙක් මේකා. මූ හොඳයි බලු දොස්තරට. හිනෙන් බයවෙලා වගේ ඇවිත් ‍පාඩම් කරගත්ත මොකක් හරි කියනවා.

  2. viraj says:

    කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා

  3. බිල්ල says:

    පිටරටින් මේ කොරෝනා එන්නත ගෙනාවම අපේ කරළ පැහෙනවා. අනේ එන්නත හදන අපේ ස්වාමිවරුනි, ඕක ප්‍රමාද වුනොත් අපිත් සුං මේ රටේ අපිට පගාව දෙන කඩදාසියේ ඉඳලා අපේ අගහිගකම් සොයාබලන ඖෂධ කොම්පැනිකරයොත් සුං, මේ රටේ ඉන්න වෙදුන් කොරෝනාරෝගින් සුවකරන්න පටන් අරන්. ඔහොම ගියොත් අපේ PP අකුලගන්න වෙනවා, අනේ ඉක්මන් කරන්න. මොනවා හරි කරලා අපි රට lockdown කරගන්නම් මිනිස්සුන්ට දේශීය වෙදකම් කරගන්න බැරිවෙන්න එලියටවත් බහින්න බැරිකරන්න.

  4. Gorilla says:

    මහත්මයා ලෝක සෞඛ්‍ය සංවිදානය අනුමතකරනකම් හිටියොත් හැමෝටම කෙල වෙනවා. ඔකේ ඉන්න ලොක්කා එරිත්‍රියන්කාර හොරෙක්. උට වෙන වෙන ඇජෙන්ඩා තියෙනවා. මොනව හරි හොද වැක්සීන් එකක් ගෙනත් විදගන්න එක වැදගත්. අධි ශීතකරණ නැත්තේ කොහෙද බන් අනික.

  5. viraj says:

    එතකන් ඔයත් ගිහින් අර වෙදමහත්තයගෙන් බෙහෙත් කාලක් ඉල්ලගන්න

  6. Nandasra says:

    මොන ලබ්බකටද ඕයි ලෝක සෞක්‍ය සංවිදානයෙන් අනුමැතිය ගන්නේ. ලංකාවේ නේ ඕයි පොරවල් ඉන්නේ. මෙහෙ තරම් උගත්තු තව කොහේ හරි ඉන්නවනම් කියනව බලන්න.. මේකට විතරක් WHO මගුලක් බලන්න එපා.අර තම්බි මිණි වලට ඇරිය වගේ ඇරලා දානවා.. ලෝකයා මොනවා කිව්වත් අපිට පාන්ද ?

Main News