ලෝකයේ කොරෝනා පාලනයෙන් නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58… එන්නත්කරණයෙන් ලෝකයේ 39…

December 1, 2021 at 3:00 pm | lanka C news
ලෝකයේ කොරෝනා පාලනයෙන් නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58… එන්නත්කරණයෙන් ලෝකයේ 39…

ලෝකයේ කොරෝනා පාලනයේදී නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58 වැනි ස්ථානයේ සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව සිටින්නේ 39 වන ස්ථානයේ බවද ඔහු පැවසීය.

මීට හේතුව විද්‍යාව පසෙක තබා අවිද්‍යාව පස්සේ පැන්නීම බවත් ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනි.

ඔමික්‍රෝනා ප්‍රභේදයෙන් ගැලවීමට ගුවන්තොටුපළ නිසි ලෙස කළමනාකරණය කළහොත් හැකියාවක් ඇති බවද පැවසූ ඔහු එවන් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට පැමිණිය හොත් කීදෙනෙක් ඉතිරි වේ දැයි කිව නොහැකි බවද සඳහන් කළේය.

අද විට ඩොලර් හිගය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64ක් සිරවී ඇති බවත් එනිසා ඉදිරියේදී රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති වනු ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

37,376 views

7 Comments to “ලෝකයේ කොරෝනා පාලනයෙන් නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58… එන්නත්කරණයෙන් ලෝකයේ 39…”

  1. SL says:

    කිම්ඹුලා…

  2. Boo says:

    කිඹුලාගෙ නැවක්වත් විකුනමු ඩොලර් හොයන්න නේ?

  3. සහන් says:

    සජිත් වගේම ඔලමොට්ටල උන් තමා මේ පක්ශයෙ ඉන්නෙ .නූගත්කමයි ඩෙශපාලනයයි එකට ආවම කුට්ටි ආරච්චිල ,සජිත්ලා එකම,මට්ටමේ

  4. Dikan says:

    මුන් ඔක්කොම කුට්ටි වගේම වාචාල පඩත්තලයෝ

  5. Silva says:

    ලෝක හොරා. අසූචි කටා.

  6. GulSiri Lal Nanda says:

    The man of Dental technician of Rajitha S… still enjoy after long years of engaging corruption in previous governments since year 2000.
    What a “mode of Democracy” having in our soil that man enjoy like Rajtaha in Parliment by back door politics of SJB.
    Rajith is symbol of corruption of Island in that current Parliment by “Democracy” under SJB line of politics of leadership of Sajith P….!@

  7. සමනලයා says:

    අලුත් කොරෝනාව ආවහම ඉස්සෙල්ලාම ඔයා තොලොංජි වෙන්න …

Main News