ලෝකයේ කොරෝනා මරණ අනුපාතයෙන් ශ‍්‍රී ලංකාව 04 වැනි තැනට..

August 16, 2021 at 10:22 pm | lanka C news
ලෝකයේ කොරෝනා මරණ අනුපාතයෙන් ශ‍්‍රී ලංකාව 04 වැනි තැනට..

ගතවූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සිදුවීම මිලියනයකට සාපේක්ෂව ගණනය කිරීමේ දී ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව සිටි.

කොරෝනා ව්‍යප්තිය පිළිපදව දත්ත රැස් කරන ලොව ප්‍රධානම වෙබ් අඩවියක් worldometers වෙබ් අඩවිය වන මේ බව පෙන්වා දෙයි.

ගත වූ සතියේදී මෙම දර්ශකයේ පළමු ස්ථානය සිටින ජෝර්ජියාව මිලියනයකට මරණ 12.56 වාර්තා කරද්දී ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේ සිටිමින් මිලියනයකට මරණ 7.3ක් වාර්තා කරයි.

57,970 views

10 Comments to “ලෝකයේ කොරෝනා මරණ අනුපාතයෙන් ශ‍්‍රී ලංකාව 04 වැනි තැනට..”

  1. dsp says:

    ලෝකේ හොදටම කෙරුව කියල උදම් ඇනුවට, ලෝකෙන් අප්සට්ම විදිහට කරලා තියෙන්නේ අපේ රජය තමයි….

  2. මේ ලියලා තියෙන එකා හෝ ප්‍රකාශයට පත්කරනලද ආයතනය ප්‍රජා සවුක්ය සම්බන්ධයෙන් අල්පයක වත් දෙයක් නොදන්නා බව මින් ඉතා පැහැදිලිවේ. වසංගත රෝග සම්බන්ධයෙන් කතාකරනවිට හර්ඩ් immunity ගැන කතා නොකර කිසිම දෙයක බෝවීම හරියාකාරව විග්‍රහ කල නොහැක. අද ඇමෙරිකාව, ඉන්දියාව, එංගලන්තය, ඉතාලිය, ඉරානය ඇතුළු පලවෙනි රැල්ලේදී බැටකාපු රටවල් සෑහෙන කොටසක් මේ හර්ඩ් immunity එක නිසා සුළුවශයෙන් හෝ මරණ ප්‍රතිශතය අඩුකරගෙන ඇත. මෙම සංසිද්ධිය ඇතිවීමට පෙර ඔවුන් ගේ ජනගහනය තුල සිදුවූ මරණ අනුපාතය කවරේදැයි සොයා බලා මෙවැනි පත්‍රිකා ඉදිරිපත් කරන්නේනම් ඉතා හොදය. අවරුදු දෙකක සිට බැටකා අවසන්වී, මැරෙන මිනිසුන් සියල්ල මැරුණාට පසුව මරණ අනුපාතය අඩුවූ යේ හර්ඩ් immunity යන ස්වාභාවික සංසිද්ධියකින් මිස ඔවුන්ගේ රජයවල් මගින් සිදුකල වෙනයම් ව්ශ්මිත ක්‍රියාවක් නිසා නොවනබව බුද්ධිමත් ජනතාව පැහැදිලිවම තේරුම් ගත යුතු දෙයකි. මෙවැනි මෝඩ ආතල් දෙන්නේ ලංකාවේ සිටිනවා වැනි සමහර මෝඩ හරකුන්ට සහ කොරෝනා මගින් දේශපාලනය කරන අනුර කුමාරලා, සජිත්ලා , මුරුට්ට්හෙට්ටුවෙලා, ජෝසොප් ස්ටාලින්ලා වැනි බටහිර කුමන්ත්‍රණකාරී පාහරයන් සැනසීමටත් ලංකාවේ සිටින බෙහෙත් තුන්ඩු ලියමින් ජීවිකාව ගෙනයන විශේෂ අජ්න දොස්තරලා සහ ඔවුන්ගේ පිටුපසින් සිටින රාජිත ලාට අවශ්‍ය ඉන්ධන සැපයීමටත්ය. අද තවමත් කොරෝනාවෙන් බැට නොකෑ රටවල් ලෙස ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පෙරමුණ ගෙන සිටී. එමරටවල් වලට සිදුවනදේ නුදුරු අනාගතයේදීම දැකගත හැක. හර්ඩ් immunity යන සංසිද්ධියේ ඉතාම පහල මට්ටමක සිටින ඔවුන්ට බැටකන්ට සිදුවන්නේ ඩෙල්ටා හා ගැමා ගෙන් නොව ඊටත්වඩා බියකරුවූ කොරෝනා ප්‍රභේධයකි. මේ අවස්ථාව වනවිට ලංකාව වැනි රටවල මිනිසුන්ට ඇතිතරම් හර්ඩ් immunityයන සංසිද්ධිය නිසා ප්‍රභල රැකවරණයක් ලැබී අවසානය. එතෙක් ඉවසීමෙන් යුතුව ඉවසීමෙන් බලා සිටිමු. එදවස වනවිට මෙවැනි දත්ත භාවිතයෙන් රටවල සමාජ රැවටීම සිදුකරන කතෘන් ගේ වෙනස්වීම ඔබට මැනවින් දැකගත හැකිවේ. සමහර විට එදින වනවිට මේ ලිපි ලියන සමාජ ඝාතකයන් සහමුලින්ම කොරෝනා විසින් සමාජය තුලින් අතුගා දමනු ඇත.

  3. Boo says:

    Thank you Starlin, you did your part well.

    Your master will soon let you know your next project.

  4. Silva says:

    ජෝසප් ස්ටාලින් , ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

  5. Susantha says:

    අපේ “ස” එහෙම සෙකෙන්ඩ් වෙන්නෙ නෑ, තව සති දෙකෙන් පලවෙනි තැන අරන් පෙන්නාවි, ටිකක් ඉවසන් ඉන්න කලබල නොවී

  6. 3% ට බය බයියා. says:

    මොලේ භාගෙට මැරිච්ච ලේකම් වග කියන්න ඕනේ .

  7. එලවිස් says:

    මුලු රටටම එන්නත ගැසූ පසු……” එන්නතෙන් 100% ක් ආර්ක්ශාවක් නැහ. යම් ප්‍රතිශතයක් ආසාදනයට සහ අසාධ්‍ය තත්වයට පත්වෙන්නත් මරණයට පත් වෙන්නත් හැකියාවක් තියෙනවා.. දැනට මිය යන අය අති බහුතරය ඒ කාන්ඩයේ අයයි” …ඕo පසුව කියන එක මේ දැන්මම කීවා.. ඔයාල හැමෝම උපරිම පරිස්සම්වෙන්න..දේශීය ඖෂධ හැම විට පාවිච්චි කරන්න..දුම් පානය, මදුවිත බියර් අල්ලන්නවත් එපා හොදට නිදාගන්න. ශැහැල්ලුවෙන් ඉන්න, අන්වශ්‍ය ලෙස බියට පත්වන්න එපා.. හැම විටම් තම්න් කල යහපත් දේ සිහිකර තමාට මෙම රෝගයට මුහුණ දිය හැකි බව තරයේ විශ්වාසය තබා ගන්න.. උතුම.ස්වභාවික දහම බුදු දර්ශණය ඇතුලතින් ප්‍රගුණ කරන්න..

  8. randunu says:

    meke source keiyala pennana link ekata gihin balannako monawada tiyenne kiyala?

  9. Tikka says:

    ආසියාවේ විතරක් නෙමේ, ලෝකෙම ආශ්චර්ය වේගන යන්නේ

  10. Gon heard says:

    Those who dies died. That is what is being done. Who will be responsible?. Good on you <<Immunity!