ලෝකයේ කොරෝනා 03 රැල්ල පැතිරෙද්දී ලංකාවේ කොරෝනා පාලනය කලා.. ඒ අපි මහන්සියෙන් වැඩ කරන නිසා…

April 18, 2021 at 3:50 pm | lanka C news
ලෝකයේ කොරෝනා 03 රැල්ල පැතිරෙද්දී ලංකාවේ කොරෝනා පාලනය කලා.. ඒ අපි මහන්සියෙන් වැඩ කරන නිසා…

ඉතා වෙහෙස මහන්සියෙන් වැඩ කරන නිසා අද වන විට ලංකාවේ කොරෝනා වෛරසය මර්දනය කිරීම සාර්ථක වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අද වන විට ලෝකයේ කොරෝනා තුන්වන රැල්ලක් ඇති වී ඇතත් ශ්‍රී ලංකාව කොරෝනා මර්දනය සාර්ථකව කරගෙන යන බවද ඇය සඳහන් කරන්නීය.

ඉන්දියාවේ දිනකට ලක්ෂ දෙක ඉක්මවා ආසාදිතයන් හමුවෙද්දී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් අඩුවීගෙන යන්නේ වෙහෙස මහන්සි වී කටයුතු කරන නිසා බවද ඇය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තුළ මරණ සංඛ්‍යාව අඩු වී ගෙන යන බවත් සුවපත් වී නිවෙසට යන ප්‍රමාණය වැඩිවී ඇති බවත් ඇය පෙන්වා දෙයි.

කොරෝනා එන්නත්කරනය ද මේ වන විට සාර්ථකව කරගෙන යන බවද පැවසූ ඇය කොරෝනා පාලනය අසාර්ථක යැයි කීම අසත්‍ය චෝදනාවක් යයිද කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.

7,960 views

19 Comments to “ලෝකයේ කොරෝනා 03 රැල්ල පැතිරෙද්දී ලංකාවේ කොරෝනා පාලනය කලා.. ඒ අපි මහන්සියෙන් වැඩ කරන නිසා…”

  1. polgahawela says:

    මුටිය දාලා බැලුවද ? නැත්නම් දම්මික පැණිය ගෙන් ආහුවද ? අනේ නෝනෝ බලන්නාකෝ චුටක් ඔයාලා නැ කියපු ගමන් බඩුම තමා අපේ රටට පර හැත්ත තොපිට හෙන ගහනවා

    • මාක්ස්වාදී ජෙප්පා says:

      පිස්සුද බන්, පැකනිල් සමග කේරල ගව මුත්‍රා බිවුවා.

Main News