ලෝකයේ ධනවතුන් දෙදෙනෙකු හමුවෙති.. බිල්ගේට්ස්-රාජිත සේනාරත්න
October 7, 2017 at 12:40 pm | lanka C news
සුව ඇමැති රාජිත සහ ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් අතර හමුවක්.
බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් (Mr.Bill Gates) මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතය. ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය.
බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇත. මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගීවීමට නියමිතය.
ෆොබ්ස් දත්ත වලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන බිල්ගේට්ස් මහතා එම වාර්තාව අඛණ්ඩව සිව් වන වරටත් හිමි කර ගත් පුද්ගලයා ද වෙනවා. 2017 ඔක්තෝම්බර් මාසය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 89.2 ක් වෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු ද වන ඔහු මේ වන විට එම සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙවසර තුල වැඩසටහන් රැසක් දියත්කර ඇත. එහිදී දුම්කොළ බදු සියයට 90 දක්වා ඉහළ නැංවීම, සිගරට් පැකට්ටුවක රූපමය අවවාද සියයට 80 දක්වා ඉහළ නැංවීම, ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට කටයුතු කිරීම, තනි සිගරට් පැකටුට්ව විකිණීම තහනම් කිරිම සදහා කැබිනට් පත්‍රිකාවක් සැකසීම, දුම් රහිත දුම්කොළ අලෙවියට අදාල නියාමනයන් ඇති කිරිම, වසර 2020 වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම නතර කර ආර්ථික වශයෙන් වැදගත්වන බෝග වගාව කෙරෙහි අවධානය යොමු කිරීම, පැණිබීම සදහා වර්ණ සංකේත හදුන්වාදීම, සුව දිවි සායන මධ්‍යස්ථාන 842 ක් සහ සුවනාරි සායන මධ්‍යස්ථාන 848 ක් ස්ථාපිත කිරිම වැනි වැඩසටහන් දියත් කර ඇත.
– ප්‍රසන්න අධිකාරී
Title eka hondai , namuth waraddak thibenawa. Ekek gentleman, anika horek.
ඒයි …ඒයි…
ලෝකයේ ධනවතුන් දෙදෙනෙකු හමුවෙති මෙලෙස නිවරැදි වියයුතුය…!
බිල්ගේට්ස්- උගතෙක් අවංකව උපයාගත් මුදලින් “ලොව” ප්‍රභල ධනවතෙකි!
රාජිත – දේශපාලන මුවාවෙන් හොරකම් කරල අසාධාරනව හම්බකල මුදලින් ලංකාවේ පමණක් මුදලින් පුහු සතෙකි!
රාජිතයා බිල්ගේට්ස් අසලකින්වත් තියල සසඳන්න පුලුවන් කෙනෙකි නොවේ…!
බිල්ගේට්ස් “පිරිසිදු හදවතක්” ඇත්තෙක් බව ලොවම පිලි ගනී..! ඒකට …
රාජිතයා “හදවත” පිරිසිදු කරගන්න මවුන්ට් එලිසබත් ගියාම තැටිය කරවෙනකම් මුලු රටම බලාගෙන සාපකරමින් බලාගෙන හිටියා මතද?
තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවා කිව්වට උඹලගේ රටේ හැටහතර කෝටියක් ලෙඩ රෝගනේ.
බිල් ගේට්ස්ට එහා පැත්තෙන් ඉන්න එකයි, උගෙ මහ එකයි තමයි මේ රටට පාත් වෙලා තියෙන හෙනේ!
Me karalai tiyanawa kiyana aewagen bowenaroga adu wenawada? Dengu, meleriya, samajaroga mewata dunkala balapanawada? Wakugadu lede rajarata pethhe wasangathayak aewa dunkala TeX aeka wedi kiremen adu wenawada????
කිසිවෙක් කිසිකලෙක දෙවියන්වහන්සේ දුටුවේ නැත;
Bill Gates will have to be very careful. This bugger is a well trained pickpocket. He has robbed the country and its people. So pls. Don’t bring your purse to this meeting Bill