ලෝකයේ බොරතෙල් මිල අඩුවෙයි.. පල්ලියේ කඩු පෙන්වා මෙරට ඉන්ධන මිල වැඩි කරලා..

May 11, 2019 at 12:40 pm | lanka C news
ලෝකයේ බොරතෙල් මිල අඩුවෙයි.. පල්ලියේ කඩු පෙන්වා මෙරට ඉන්ධන මිල වැඩි කරලා..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවෙද්දී  ඉන්ධන මිල වැඩි කිරීම, ජනතාවට පල්ලියේ කඩු පෙන්වා ජනතා ආර්ථිකයට කල විශාල පහරදීමක්.

බුද්ධි අංශ විසින් ලංකාවට ත්‍රස්තප්‍රහාරයක් එල්ල කරන බවට ආණ්ඩුවට දන්වා තිබියදීත් එය වලක්වා ගැනීමට කටයුතු නොකළ ආණ්ඩුව එම ත්‍රස්තප්ප්‍රහාරයෙන් රටම භීතියට පත්ව සිටියදී හා ජනජීවිතය අඩාලව තිබියදී රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම පමණක් ගැන සිතා කිසිදු හේතුවක් නොමැතිව ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබදව අප සංවිධානයේ විරෝධය ප්‍රකාශ කරමු.

සෑම මසකම දහවන දින ඉන්ධන මිල සංශෝධනය කළද පසුගිය මාසයේ දහවන දින සිට මැයි දහවන දින දක්වා කාලය අතර විශාල වශයෙන් ලෝක බොරතෙල් මිල අඩුවී ඇති බව පැහැදිලිවම පෙනී යන කාරණයකි. තත්වය එසේ තිබියදී හා  අප්‍රේල් විසිඑක ප්‍රහාරයෙන් රටම කැළබී තිබියදී මෙරට ඉන්ධන මිල වැඩි කිරීමෙන් රටතුළ භාණ්ඩ මිල තවතවත් ඉහළයාමට ඇති හැකියාව පිළිබදව නොසලකා රජය ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයෙන් පෙනී යන්නේ රජයට හිත්පිත් නැති නොමැති බවයි.

මරාගෙන මැරෙන අයි.එස්. අයි.එස් ත්‍රස්තවාදීන් මෙරට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයෙන් ජනතාවට දැනුන ආකාරයෙන්ම රජය ජනතාවගේ ආර්ථිකයට ඊයේ මධ්‍යම රාත්‍රීයේදී එල්ල කල ප්‍රහාරය දැනෙන බව අපගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් මෙසේ මෝඩ තීරණ ගැනීමට නම් කැබිනට් මණ්ඩලයක් අප රටට අවශ්‍යද යන්න අපි ප්‍රශ්ණ කරන අතර ජනතාවට පල්ලියේ කඩු පෙන්වා රජය සමස්ත ජනතාවටම කඩුවෙන් එල්ල කල දරණු පහර දීමක් ලෙස මෙම ඉන්ධන මිල වැඩි කිරීම අපි නම්කරමු.

ජනාධිපතිතුමනි ඔබ තුමා මෙම ඉන්ධන වැඩි කිරීම සමාජ මාධ්‍යජාලාවලින් හෝ පත්තරයෙන් දැක නැවත ඉන්ධන මිල අඩු කරන තෙක් අපි බලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

18,627 Viewers

11 Comments to “ලෝකයේ බොරතෙල් මිල අඩුවෙයි.. පල්ලියේ කඩු පෙන්වා මෙරට ඉන්ධන මිල වැඩි කරලා..”

  1. යූඇන්පි says:

    දුරදැක්මක් ඇති රට ගැන හැඟීමක් ඇති අය නේද සාමාන්‍යයෙන් රටක බලයට පත් කරන්නේ. සුද්දෝ හදාපු යූඇන්පියට සම්බන්ධ වෙන ඕනෑම දේශපාලකයෙක් රට ජාතිය ගැන කැක්කුමක් ඇති කෙනෙක් නොවේ කියලා දැනගන්න බෝම්බ ගහනකන්ම ඉන්න ඕන නෑ.

    • දුරදැකපු මහින්ද උසාවි නියෝගයක් දීලවත් තෙල්මිල අඩුකරේ නෑ නේද? ඒ දේශීය චින්තනේ වෙන්න ඇති නේ????

  2. puncha says:

    Yana yaka korahath bidagenama yanawa wage. Ane kamak ne unge sathtata irshya karanna epa.

    Ayeth UNP andu me lankawe e langa chanden passe natabun wela thiyei sirikothe. Ethakota bus/ van aragena UNP le athi un wandanawe ei api dan anuradhpure yanawa wage.

    Eth ithin wadinna newe kela gahala sapa karala yanna

    • ගනන් ඉලක්කම් මොකුත් නෑ. බොරතෙල් මිල අඩුවුනා කියනවා. මේ තනිකර බොරුවක්. මේ වගේ තත්ත්වය කදී මිල අඩු වුනානම් ආණ්ඩුව මිලවැඩිකරන්නෙ නෑ. රාජපක්ෂලාගෙ ආණ්ඩුව අධිකරණය කියලවත් තෙල් හිල අඩුකලේ නෑනෙ.ඒ යකා බිඳගන ගියෙ මොන කොරහද?

  3. Dushantha says:

    මංගලට ඕනි ඕනි විදියට තෙල් මිල වෑඩි කරන්ඩ දීලා රටේ ජනාධිපති බලන් ඉන්නෙ ඈයි? හෑම මාසෙම රුපියල් 3කින් හරි 5කි හරි ඉහල දානවා. තව මාස කීපයක් යනකොට අනිවාර්යෙන්ම පෑට්‍රල් ලීටරේ ආයෙත් මේ ගොල්ලො ආයෙත් සෑරයක් රුපියල් 160න් උඩ යවනවා. මේ වගේ අසාධාරන විදියට තෙල් මිල වෑඩි කරද්දි ඒකටවත් මෑදි හත් වෙන්ඩ බෑරි නන් මොකටද ජනාධිප්ති කෙනෙක් ඉඳලා ?

    • අසාධාරණ විදියට? සාධාරණ විදිහ මොකද්ද? ජනාධිපති ඉන්න තිබුනෙ රාජපක්ෂ. මතකද අධිකරණය නියෝග කරලවත් තෙල් මිල අඩු කලේ නෑ.

  4. Sam says:

    World oil price has gone up. On top of that not only Oil price every thing will go up. Tourism has gone down. Expenses on security has gone up. Transporting from various places has been difficult. Business community has to recover the loses made during the last few weeks. No government can control the increase. People who are not educated don’t understand this.

    • ranja says:

      ane pala yako ..thota mahindage kale oya mole koheda danne ne tibbe unp eun attatama modai kiyanne boru newe

      • රයන් says:

        කතාවෙන්ම පේනවා ගොං බයියන්ගෙ බුද්ධිමත් කම. මහින්දගෙ කාලෙ අධිකරණය නියෝගකරලවත් තෙල්මිල අඩුකලේ නෑ. හෙන බුද්ධිමත් නේ…පලයං ගොං බයියො යන්න…

  5. මෙහේ බහින කොට එහේ නගිනවා එක තමයි මොංගල්ගේ මිල සූත්තර පැංචා????

    • එහෙ බැහැල මෙහෙ නැගල නෑ. එහෙම නම් හරි ප්‍රවෘත්තියක්නම් ගනන් ඉලක්කම් දෙන්න එපැයි. ඇත්ත තත්වය එහෙත් නැගල මෙහෙත් නැගල.මේ ආණ්ඩුව අධිකරණය නියෝගකරලත් මිල අඩු නොකර හිටපු උන් වගේ අමානුෂික නෑ.

Main News