ලෝකයේ මිල කල නොහැකි නාවුක මර්මස්ථානය ජාතියට අහිමි කරමින් හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට.. තවත් අක්කර 15000ක්..

December 12, 2016 at 2:10 pm | lanka C news
ලෝකයේ මිල කල නොහැකි නාවුක මර්මස්ථානය ජාතියට අහිමි කරමින් හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට.. තවත් අක්කර 15000ක්..

ශ්‍රීලංකාවේ පිහිටීම භූගෝලීය වශයෙන් සමකල හැකි වෙනත් කිසිම රටක් ලෝකයේ නොමැත. මෙහි වානිජ වටිනාකම එන්න එන්නම ඉහළ යනුයේ රටේ පිහිටීම අනුව ලෝකයේ සියළු රටවල් සම්බන්ධ කරමින් ප්‍රධාන නාවුක මාර්ගය ඒ හරහා වැටි තිබීමයි.

වසර 2025 වනවිට ලෝකයේ බලවත්ම ආර්ථිකය හොබවන රටවල්වන (BRICS Nations) එනම් බ්‍රසීලය,රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සම්බන්ධවන ප්‍රධාන නාවුක මාර්ගයද ශ්‍රීලංකාව හරහා පිහිටා තිබීම මෙන්ම ලෝකයේ හරි අඩකටත් වඩා එනම් බිලියන 3.6 ක ජනතාවක් මෙම රටවල් 5 තුල ජීවත් වේ.

එමෙන්ම මේ රටවල් එකිනෙකට සම්බන්ධ කරමින් ආනයනය අපනයනය සිදුවන ප්‍රධාන නාවුක මාර්ගයේ ශ්‍රීලංකාවේ හම්බන්තොට වරාය පිහිටා තිබීම නිසාම චීනය විසින් මෙතරම් වැදගත් වානිජ වටිනාකමක් ඇති වරායක් ඇ ඩොලර් බිලියන 1.2 පමණ මිලදී ගැනිම හාස්‍යජනක සිදු වීමකි.

රටක ප්‍රධාන වරායක් යනු එය එම රටේ හදවත බදුය. මේ නිසාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධනයට චීන රජයේ සහයෝගය ලබාගත් කාරනා හැරුණු කොට නව රජය විසින් එය විකුණා දැමීම හා එයට සම්බන්ධ අනිකුත් ගිවිසුම් සියල්ලක්ම ඔහුගේ නායකත්වයෙන් බිහිවන රජයක් තුල අහෝසි කරන බවයි.

එනම් හම්බන්තොට වරාය ආශ්‍රිතව අක්කර 750 චීන රජයේ සහයෝගය ඇතිව කර්මාන්ත පුරයක් බිහිකොට එය සංවර්ධනය කිරීමට මහින්ද යුගයේ සැලසුම් කොට තිබිණි.

ඒත් මෙම රජයේ අරමුණ වරාය විකුණා දමා ඒ අවට අක්කර 15000ක් චීනයට ලබාදීමයි.

52 views

8 Comments to “ලෝකයේ මිල කල නොහැකි නාවුක මර්මස්ථානය ජාතියට අහිමි කරමින් හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට.. තවත් අක්කර 15000ක්..”

  1. CAT says:

    ලෝකෙට ප්‍රකාශේ අපේ රටට මරගාතේ….මුළු රටම විකුනනවා …අහෝ අපේ රට විනාශකරන හැටි ..ජනතාව නිදිද ?

  2. ගිරවා says:

    2600 වඩා පැරණි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක ‘ලෝකයේ ලොකුම නත්තල් ගහක්’ හදනවා ..දහස්ගනනක් දුප්පත් මිනිස්සු රැකියාවල් ගෙවල් ආහාර නැතිව දුක් විදිනවා …බටලන්දේ රනිල් ලෝකයේ ක්‍රිස්තියානින් පිනවීමට උතුරේ දෙමල කොටි කතෝලික පල්ලිය සතුටුකිරීමට ….සිංහල බෞද්ධයාට රිදවීමට කරන බලු වැඩක් මේක ….ඇන්ගලිකන් බලය පෙන්වනවා .මුළු රටේම වටිනා දේවල් පිට රටට විකුනනවා ..මහා බැංකුව කොල්ලා කාලා රටම අනතුරේ …උතුරේ කොටි ත්‍රස්තවාදී රජ කරලා …බෙදුම්වාදය පතුරවලා ..යහපාලනය රට ජාතිය අගාදයට ගෙනියනවා
    හෙළයිනේ තවමත් බලා සිටින්නේ මන්ද ? අවදිවෙව් /// අපේ රට ජාතිය ආගම අනතුරේ …මේ යහපාලන යක්ෂයාගේ හෝරාවයි ..බලා සිටීමට කාලයක් තව ඉතුරුවි නැත ///හෙලයිනේ නැගිටිව් ..ඒකාබද්ධ විපක්ෂය ඇයි නිහඩ ?
    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ
    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

  3. Saman says:

    Ai Mahinda wath JVP eka wath mekata wiruddawa pramanawath handak naganne nette? Mahindath okata sambandai kiyanne attada? Ara Ajith Tommy kiwwa ehema ekak.

  4. Piyal says:

    Hambabtota weda karanne nil balajaye aya un hari loku eken inne .e nisa oka vikunannama one

  5. Piyal says:

    Meke janagahanaya ha e awashyatha gena kiyanawa. ehenam mahinda lankawe janagahanayen 2/3 kata prayojanawath kandy expressway nokara sulu pirisakata prayojanawath matara hambantota kale moko

  6. SARADIEL says:

    මේ විකුනන්නේ අපේ මව් බිමයි .සිංහලයානි … .තවමත් උබලා නිහඩව බලා සිටින්නේ මන්ද ?

    2015 ආප්ප විප්ලවයෙන් පසු යහපාලන රෙජීමයේ පටන් ගැම්මත් සමග බිහිසුණු අයුරින් මේ වන විට ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් විවිධ මං ඔස්සේ දක්නට ලැබී ඇත
    සිංහල කම කුස්සියට පමණක් සීමා වී ආගම භාෂාව ජාතික සිරිත් විරිත් ගුණධර්ම සිතුම් පැතුම් ඕනෑ එපාකම් අමුතුම විපිළිසර මඟකට යොමුවි ඇත .සිංහලයා නොයෙක් ලෙස භේද භින්නව කුලල් කාගනිමින් සිටින මේ කාලේ සුළු ජාතින් රටේ රජවී සිංහලයා මහජාතිය පාගාදමමින් සිටි
    යමපාලකයෝ ඇතුළු රනිල් දේශද්‍රෝහියා තමන්ගේ මඩිය තරකර ගනිමින් ඔවුන්ගේ බලය පෙන්වමින් රටේ විකුනා ගෙනියි…. පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා රට ජාතිය ආගම රැකීමට සිංහල බෞද්ධයා සමගි වී එක් විය යුතුයි
    ජාතිකාභිමානය, , දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා අපේ ගෞරවනීය සංඝයා වහන්සේලා සහ දේශ හිතෙෂි සිංහල සංවිධාන සහ බෞද්ධයා දැන් පෙරමුණ ගත යුතු කාලය එළබි ඇත එකාමෙන් එක පිම්මෙන් ම ඉදිරියට ආ යුතු යි
    ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  7. පිස්සුපූසා says:

    පෝර්ට් සිටිය පටන්ගන්නකොට මෑරෙන්න හදපු කොල, රතු සහ නිල් පාටද ඈතුලත් නරිටික දෑන් කොහෙද දන්නෑ..මෙව්වා තේරුම් ගන්න බෑරි අපබ්බ්‍රන්ස නෙ බොලව්. අවුරුදු 198ක් බදු දෙනව කියනේ කජු ඈටද. කෝ මේ හිටපු යහපාලන ඔස්තාර්ල රජාගෙන් රට බේරගත්තා කියල කියපු උන්. දතාටය්, පාචටය් නින්ද යනව ඈති. කොලපාට නීති තර්ක දාපු උන්ටිකත් දොය් මයෙ හිතේ. තව එවුන් හිටිය හෑටහුට හමාරක්…උනුත් නෑ මයෙ හිතේ..නෑත්නම් උන්ට දෑන් බඩ හිහිල්ල අතීසාරෙට අබුඩත් නෑතිව ඈගිල්ලෙ පිහිටෙන් ඉනව ඈති.

  8. Champa says:

    දැන් ඉතින් මේවා කියලා ඇති වැඩේ මොකක්ද? වරාය විකුණන්න ඉස්සෙල්ල කිසිම විරෝධයක් පෙන්නුවේ නැතුව ඉඳලා දැන් කියලා වැඩක් නැහැ.

    ඒකාබද්ධ විපක්ෂය පහුගිය මාස දෙකම හිටියේ නිද්‍රාවට පත් වෙලා. මේකට විරුද්ධව මොනවම හරි විරෝධයක් කළා නම්, චීනේ මේ විදියට වරාය ගන්න කැමති වෙන්නේ නැහැ. ආණ්ඩුවට මෙහෙම රටේ සම්පත් විකුණන්න ලැබෙන්නෙත් නැහැ.

    මහින්දගේ නායකත්වයෙන් බිහිවෙන රජයකින් මේක අහෝසි කරනවා කියලා කියන්න ඉස්සෙල්ල එහෙම රජයක් බිහිවෙන හැටි ජනතාවට කියලා දුන්න නම් නේද හොඳ? ඊළඟට ETCA එකටත් කට වහන් ඉඳලා මේ වගේ මෝඩ excuse නම් දෙන්න ලැස්ති වෙන්න එපා. Sorry to be harsh, but the inaction of the JO in protecting our most precious treasures is a real disappointment.

Main News