ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්රමයේ… ‘විධායකය අහෝසි කරනු’ සටන් පාඨය ලංකාවේ විතරක් ඇයි.. ඇමරිකාව වසර 229ක් විධයකය සමගයි..
May 2, 2018 at 8:40 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන අය අවම වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ කුමක්ද කියා වත් දන්නේ නැති බව මේ අයගේ කියුම් කෙරුම් වලින් පැහැදිලියි. මේ අය යෝජනා කරන්නේ 1978ට පෙර තිබුණු වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට යළි යෑමටයි. ඒ නිසා ඒ අයගේ දැනුම වර්ධනය වෙන්නත් එක්ක මේ ප්‍රශ්න පහට පිළිතුරු ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 1
ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරද්දී වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රටවල් 44ක පමණයි. විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් නම් ලොව බහුතරයක් රටවල් ආදරයෙන් වැළඳ ගත් ජනප්‍රියම ක්‍රමය බවට පත් වුණේ කොහොමද?
ප්‍රශ්න අංක 2
විධායක ජනාධිපති ක්‍රමය පීඩාකාරි නම් එයින් වැඩිම පීඩාවට පත් විය යුත්තේ වසර 229ක් පුරාවට එය ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ. ඒ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියා ඉතිහාසයේ කිසිම දවසක උද්ඝෝෂණයක් තබා මැසිවිල්ලක් වත් මතු නොවන්නේ ඇයි?
ප්‍රශ්න අංක 3
ලෝකය පුරා ප්‍රවණතාවය වන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අත් හරිමින් විධායක ජනාධිපති ක්‍රමය වැළඳ ගැනීමයි. විධායක ජනාධිපති ක්‍රමයෙන් නැවත වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට මාරු වී ඇත්තේ රටවල් දෙකක් පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහිතකර නම් ලොව පුරා රටවල් එම ක්‍රමයට මාරු වෙන්නේ ඇයි?
ප්‍රශ්න අංක 4
වෙස්ට්මින්ස්ටර් ක්‍රමය බිහි වුණේ එංගලන්තයේ. ජනතා අරගල වල ප්‍රතිඵලයක් ලෙස රජුගේ බලය ක්‍රමයෙන් ඡන්දයෙන් පත් වන අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලයට හිමි වුණා. ප්රජාතන්ත්රවාදි රාමුව තුල රජතුමා ස්ථාන ගත කරන්න ඕනෑ නිසා තමයි වෙස්ට්මින්ස්ටර් ක්‍රමය බිහි වුණේ. මුලු ලෝකයේම දේපල හොරකම් කරලා එංගලන්තය පෝසත් කරපු රජ පවුලටත් කළ ගුණ සලකන්න තැනක් දෙන්න ඕන නිසා තමයි බලයක් නොමැති නාමමාත්ර රාජ්‍ය නායක බවට එංගලන්තයේ රජතුමා පත් වුණේ. රජවරු සිටින බොහෝ රටවල් මෙම ක්‍රමය තෝරා ගත්තා.
තමන්ගේ යටත් විජිත ප්රජාතන්ත්රකරණයේ දී එංගලන්තය, පෘතුගාලය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය මේ ආකෘතිය හඳුන්වා දුන්නා. නමුත් මේ රටවලට නිදහස ලබා දෙන විට ඒ රටවල රාජ්‍ය නායකයා වෙන්න රජෙකු නොමැති නිසා වෙස්ට්මින්ස්ටර් ආකෘතිය අර්බූදයට ලක් වුණා. ඊට විසඳුමක් විධියට තමයි රජු වෙනුවට නාමමාත්ර ජනාධිපති තනතුර බිහි කලේ. අපේ රටේ රජෙකුත් නැති එකේ නාමමාත්ර ජනාධිපති කෙනෙකු නඩත්තු කරන්න රුපියල් බිලියන ගණනක් වෙන් කරන්න වෙර දරන්නේ ඇයි?
ප්‍රශ්න අංක 5
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු“ කියන සටන් පාඨය සමස්ත ලෝකයෙන්ම ලංකාවේ පමණක් තිබෙන්නේ ඇයි?
මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු සොයා ගත්තොත් 20 වන සංශෝධනය ගේන්න දතකට මදින උදවිය තිත්ත ඇත්ත යථාර්තය අවබෝධ කරගෙන ඒක හකුලා ගනීවී කියලා අපි බලාපොරොත්තු වෙනවා.
– අරවින්ද අතුකෝරල
මහින්ද ඇතුළු ඒකාබද්ධ බහුතරය මේ සංශෝධනයට පක්ෂ වුණොත් ගම්මන්පිල සහ විමල් ඔවුන්ගෙන් ඉවත් වනවාද?
ලංකාවේ ඉන්නේ මී හරක්, එදා වෙලා tours, උන්ට වාසි වෙන විදියටයි ඔක්කොම වැඩ. රටට ජාතියට හෙන ගහල ගියත් කමක් නැත. කොහොමෙන් කොහොම හරි හම්බයට පාර හදල දෙනවා.
ගම්මාගේ කාව හරියට හරි. වසර ගනනාවක් අගමැති ක්රමයේ තිබුන තුර්කිය කුර්දි බෙදුම්වාදය මැඩපවත්වීම සහ රටේ ස්ථාවරත්වය සඳහා මෑතකදි ‘ජනමත විචාරනයකින්’ එහි හිටපු අගමැති ‘Recep Tayyip Erdoğan’ විධායක ජනාධිපති ලෙස පත්කර ගත්තා. අපි ජේඅාර් ට කැමති උනත් අකමැති උනත් ඔහුගේ ‘ජනාධිපති ක්‍රමය’ තමයි රටේ ස්ථාවරත්වය සහ පැවැත්ම සඳහා ‘ඒකීය’ ලංකාවට උචිතම පාලන ක්‍රමය.
well said agreed.
LTTE Tamil Diaspora & UNP fellows wants to abolish Presidency. They know if it is a President it will be a Sinhalese President. Passing over powers to parliament the puppet UNP leader will do what ever the LTTE fellows want. UNP knows they cannot face a Presidential election as good majority of Sinhalese is not with them.
එදා විධායක ජනාධිපති ක්‍රමය තිබුනනේ නැත්නම් කොටි තාම අපිට දෙකට නමා ගෙන අරිනවා. අම්මප නැද්ද හා.
දැනට ඉන්න දේශපාලනඥායන් කිසි කෙනෙක් 2020න් පස්සේ මේ රටේ ආපහු රට පාලනය කරන්නේ නෑ.2019 වෙන කොට ලෝක දේශපාලන ක්රමයම වෙනස් වෙනවා
Executive presidency is a good thing, if the recipient is a honest and sincere to serve the needs of the nation. You can see what happens with it in the wrong hands of JARAPAKSES. JR used it for the benefit of the Nation.
විධායක ජනාධි පති අහෝසි කරනවත් එක්ක එන්නේ පළාත් සභා බලගතු කිරීම.ඔන්න දැන් වැඩේ හරි.අපේ ……නුන්ට ඕක තේරෙන්නේ නැහැ.සමහර එවුන්ට ගානක් නැහැ.