ලෝකයේ වැඩිම දුම්වැටි මිල ලංකාවේ..- WHO
March 8, 2022 at 4:40 pm | lanka C news
දුම්වැටියක් මිලට ගැනීම සඳහා ලෝකයේ වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ 2020 වර්ෂයේ ප්රවණතා පාදක කොටගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඒකපුද්ගල ක්‍රයශක්ති සාමාන්‍ය අනුව බව එම සංවිධානය කියයි.
නීත්‍යානුකූල සන්නාම වලින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ විකිණීමට ඇති දුම්වැටි වල පවතින ඉහළ මිල ගණන් යටතේ ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළඳාමේ ප්රමුඛ ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද එම වාර්තාව අනතුරු අඟවයි.
ශ්‍රි ලංකාවේ පවතින නෛතික රාමුව තුල ඇති දුර්වලතා හේතුවෙන් ද නීති විරෝධී දුම්වැටි වෙළදාම ඉහළ යාමට හේතුවක් වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.
දැන් බයි සමූහයාට පුලුවන් දුම්වැටියේ ආදීනව ගැන කවි රචනා ලියන්න.පාදෙණිය ඩොට්ටට පුලුවන් ගෙදරදීම වස විස නැති දුම්වැටියක් හදාගන්න මග කියන්න.
මෙන්න මේක තමා මහත්වරුනි නූගත්කම කියන්නෙ.බෝට්ටුවක නෙගල ඉතාලිය්ට පෙනල එහේ වයසක මනුස්සයෙක්ගෙ කෙතකුනු අතුගාන එකාට යුරෝ කිහිපයක් ලෙබුනාම මිනිහා හිතනවා තමා මහා පොරක් කියල ඉතින් දන්නා එකටයි නොදන්නා එකටයි මහා පොරක් වගේ ලියනව තමාම දන්නෙ නේ තමා මෙ පෙන්වන්ගෙ තමාගෙ ගොන්කම කියල.
ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 34.9% කට හේතුවන ප්‍රධාන රෝග තුනටම, දුම්පානය අවදානම් සාධකයකි. එමෙන්ම, දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන්නන්ගෙන් 50% ක් පමණ මියයන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකින් බව සොයාගෙන ඇත.
දුම්පානය නිසා ශරීරයේ බොහෝ ඉන්ද්රියයන් වල පිළිකා ඇතිවීම සිදුවේ.
උදා: පෙනහලු, ස්වරාලය, මුඛය, උගුර, ගලනාලය, මුත්‍රාශය, අග්න්‍යාශය, අක්මාව, වකුගඩු, ආමාශය, මහා බඩවැල, ගැබ්ගෙල, ගුද මාර්ගය යනාදියේ සහ ලේ පිළිකා (ලියුකීමියා)
දුම් ඉරීම අමාරුවෙන් හරි ට්‍රයි කරලා නවත්තා ගතතොත් ගොඩම තමයි. දැනෙන සනීපෙ……..ඇඟටයි , පොකට් එකටයි දෙකටම. Give a try Gentlemen .
That is good be incense more
මොන බොරුද යුරෝපයේ, ජපානයේ, ඔස්ටේ්රලිවයාවෙ ලංකාව වේ 10 ගුනයක් වැඩියි.