ලෝකයේ වැඩිම වසවිස කන රට ලංකාව.. බත් කන අපි කන්නේ වස…

January 19, 2020 at 12:00 pm | lanka C news
ලෝකයේ වැඩිම වසවිස කන රට ලංකාව.. බත් කන අපි කන්නේ වස…

ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාට බණ්ඩාරණායක මැතිතුමා අමාත්‍ය ධූරයක් පිරිනමපු වේලාවේදී එතුමා එය ප්‍රතික්ෂේප කරල වෙනත් එය ඉල්ලපු කෙනෙකුට දෙන්න කියල කිව්වා.අද තියෙන සංසකෘතියට වෙනස් අද තියෙන්නේ පාර්ලිමේන්තුවට යනව ගියපු ගමන් ඉල්ලන්නේ ඇමතිකමක්. ඉතින් අර්බුද.මොකද අපිට තනතුරු නැති උනත් ජනතා සේවකයෙකුට කලහැකි දේ බොහොයි. අමාත්‍යධූරයක් ලබනවට වඩා තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට විවිධ ආකාරයෙන් සේවය කරන්න පුලුවන්. මම පාර්ලිමේන්තුවට මුලින්ම ගියේ 1989 මට මුලින්ම නියෝජ්‍ය ඇමතිකමක් ලැබුනේ 1999 ඒ කාලය තුල ඒ ඇමතිකමක් එක්ක කරන්න පුලුවන් සියලුම වැඩ කල නමුත් එදා ඉදන් ඒ විෂයට පමණයි සීමා උනේ’ යයි  මහවැලි සංවර්ධන වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කීය.

ඇඹිලිපිටිය මහවැලි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ඉඩම් ඔප්පු දහසක් පිරිනැමිමේ අවස්ථාව සංකේතවත් කරමින් ඉඩම් ඔප්පු 30 ක් සහ හිමිකම් ප්‍රධාන 220 ක් ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය වරයා මෙම අදහස් පල කරන ලදී.

මෙම අවස්ථාව සදහා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, ගොවීන් මෙන්ම ඉඩම් ඔප්පු හිමියන් සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් කතාකල අමාත්‍ය වරයා කියා සිටියේ,

‘මේ තරුණ මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න පුලුවන් වෙන්නේ තනතුර පස්සේ ගියොත් නෙවෙයි. මම මේක මේ වෙලාවේ වැඩිහිටියෙක් හැටියට සිහිපත් කරනව.

වලව කලා‍පයේ ඉඩම් කට්ටි කැබලි 71671ක් තියෙනවා.මේවායින් ස්ථිර ඔප්පු දීල තියෙන්නේ 35115 ක් පමනයි. තවත් හිමිකම් 8626ක් දේන්න සුදානම් කරල තියෙනව.මේ ටිකත් අපි කඩිනමින් දෙන්න සූදානම් කරනව. මේ පිළිබදව සති කිහිපයකට උඩදී ඕමල්පෙ සෝභිත නායක හාමුදුරුවෝ විශේෂ අවධානයක් යොමු කලා.ඒ පිළිබද අපි උපදෙස්දුන්නා නිරවුල්ව තියෙන ඉඩම් වලට මාස 6ක් ඇතුලත ඉඩම් ඹප්පුවක් ලබාදෙන්න කියල.ඒ අනුව කඩිනමින් ඒ කටයුත්ත කරනව.

ඉඩම් ලැබුනට ඉඩම වැව්වේ නැති උනත් අවශ්‍ය වෙලා තියෙන්නේ ඔප්පුවක්.ඔප්පුවක් ලැබෙනකම්  නින්දයන්නේ නැහැ. ලැබෙන ඉඩම් කෑල්ලේ රටට අවශ්‍ය ආහාර ටික වස විසෙන් තොරව නිෂ්පාදනය කරල දීමේ වගකීමත් ඔබට තියෙනව.ලංකාවේ ඉන්න ජීවත්වන සියලුව ජනතාවට ඉඩම් කැබැල්ලක් ලබාදීම තමයි අපේ වගකීම.නමුත් ඒක කරන්න පුලුවන් තරම් ඉඩම් තියෙයිද කියල අපි දන්නේ නැහැ. ඒ නිසා ඔබට ලැබෙන මේ ඉඩම  රටට ප්‍රයොජනවත් ව විදියට ඉඩම සංවර්ධනය කරන්නෙයි කියල තමයි ඉල්ලන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල් අනුව ලෝකයේ වැඩිම වස විස බුක්තිවිදින රට තමයි ලංකාව.මේ හැමෝම බත් කන අය අපි කන්නේ වස’

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්,

‘අපි හැමදාමත් කතාකල ගැටලුව තමයි මේ ඉඩම් ඔප්පු ප්‍රශ්නය.අපි හැමදාම මේ ප්‍රශ්නය ඉදිරිපත්කලා. පසුගිය කාලයේ ජාධිපතිත         මා ඔප්පු1 දුන්නා.අගමැත්තුමත් ඔප්පු දුන්නා දැන් අපි හිතුවා අපි හිතුවා මේ ප්‍රශ්න ගොඩක් විසදිලා ඇති කියල නැහැ ගරු ඇමතිතුමනි, මේ ප්‍රදේශයේ මිනිස්සු මුල් පදිංචිකරුවන් ඉදල දැන් පරම්පරා තුනක  දහස් ගණනක් ඉන්නවා ඔප්පුවක් ලබාගන්න බැරිවුන තමන් උපන්බිමේ කුලී කරුවන් විදියට ජීවත්වන පිරිසක් තමයි වැඩිපුර ඉනනේ.

හරියට ඔප්පුවක් නැතිව ණයක් ලබාගන්න විදියක් නැහැ.පාසලේ බෙල්එක ගහන සද්දේ ඇහෙන දුර ඉන්නේ දර්වා පාසලට ඇතුලත් කරගන්න විදියක් නැහැ’යයි උන් වහන්සේ කීය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

137 views

7 Comments to “ලෝකයේ වැඩිම වසවිස කන රට ලංකාව.. බත් කන අපි කන්නේ වස…”

  1. sunimal says:

    පළමුවෙන් M C C මාරයා තහනම් ක‍ර ඉන්න.

    • සෝමෙ says:

      මෙතුමට තේරෙන දේ පොහොට්ටුවෙ වැඩබැරි දාසලට තේරෙන්නෙ නෑ. වැඩනරන්න නම් 2/3 ඕන කියකිය මැරෙන්න හදන්නෙ ඒකනෙ.

  2. Senarathna says:

    we eat poison in bread not in rice. The wheat that is imported from USA by Prima is the most poisonous flour in the world. They spray strong insecticides every week on wheat cultivation.
    so we should stop eating flour products

    • Love nature says:

      White Bread

      When refined white flour is made, companies remove the bran and the germ, leaving only that starchy endosperm. This makes it more shelf-stable, but results in a big nutrient loss and a subsequent ‘food’ that is harmful to our health.

      • Love nature says:

        Some alternatives of white flour:

        For better health in the long run, you should completely avoid consuming white flour and the foods made from it. Instead, you can use some healthy alternatives like wheat flour, millets , Kurakkan opt for multi-grain bread and noodles or pasta made up of wheat flour. These products are easily available in general stores and are healthy too.

  3. tak tik tuk says:

    We Agree department, Agree faculties, large no of graduates and Phd holders in Agree sector. What they did. Remember this all done by So Called educated people. We spend billions for free education. This is the final result. Whom to be blamed.

  4. බය්යා says:

    මිනිස්සු මේවා හොදට දන්නවා ඔබතුමාලා තමයි බලය තියාගන්න නිවැරදි තීන්දු ගන්නේ නැත්තේ.

Main News