ලෝකයේ විප්ලව කලේ කෙට්ටු මිනිසුන්.. යහපාලනය සමහරුන්ට තේරෙන්නේ නෑ..

May 14, 2017 at 8:02 am | lanka C news
ලෝකයේ විප්ලව කලේ කෙට්ටු මිනිසුන්.. යහපාලනය සමහරුන්ට තේරෙන්නේ නෑ..

ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලීය රඟහලේ දී පැවැත්විනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි විය.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ජාත්‍යන්තර හෙද දින සැමරුම ඒකාබද්ධව සැමරිය යුතුයි. මම එම යෝජනාව මිීට පෙර ඉදිරිපත් කළා. මොකද වර්තමානයේ සිටින තරුණ හෙද හෙදියන් දන්නේ නැහැ හෙද සේවාව මෙම තත්ත්වයට ආවෙි කොහොමද කියලා. කටුක, අමිහිරි යුග පසුකර තමයි මෙම තත්ත්වයට ආවෙි. එම සටන් වලදී මමත්, මුරුත්තෙට්ටුවෙි ආනන්ද හිමියන් සමග එකට සිටියා. හෙද උපාධිය ලබාදීමෙි යෝජනාව ඉදිරිපත් කළේ 2002 වසරේ දීයි. එතෙක් වෘත්තීය සමිති මෙි බව ප්‍රකාශ කර තිබුනේ නැහැ. හෙද හෙදියන්ට උපාධිය ලබාදෙන විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. මතවාද තිඛෙන්න පුළුවන්. හැබැයි ලිං මැඩියෝ වගේ වැඩ කරලා පළක් නැහැ. සටන් පාඨ විතරක් තිබුනාට මදි. ඒවා ජනතාව පිළිගන්නේ නැහැ. වර්තමාන ලෝකය දෙස බලා හෙද සේවාව දියුණු කළ යුතුයි. හෙද හෙදියන් 2000 කට පුහුණුව ලබාදෙන හෙද පීඨය ජයවර්ධනපුර මහ රෝහල් පරිශ්‍රයේත්, ඔවුන් සදහා නේවාසිකාගාරය මුල්ලේරියාව ප්‍රදේශයේත් ඉදිකිරීමට සැළසුම් කර තිඛෙනවා. දියුණු සෞඛ්‍ය සේවාවක් රට තුල ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති හිමිපාණන් ප්‍රකාශ කළා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු වූ අසාධාරණයක් පිළිබදව. කවුරු හරි ප්‍රකාශ කළ දෙයක් ද දන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ බැන්නත් කමක් නැහැ. ඔබ වහන්සේ මා වෙනුවෙන් කළ දේවල් මම දන්නවා. මිත්‍රත්වය සදාකල් අමතක වන්නේ නැහැ. අදහස් වෙනස් වෙන්න පුළුවන්. දේශපාලන මතවාද මට වැඩක් නැහැ. හෙද සේවය දියුණු කර ගැනීම සදහා රජය ආරම්භ කළ වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද බෝඩි ලැලි වලට සීමා වූ වෘත්තීය සමිති ලංකාවෙි තිඛෙනවා. හෙද සේවාව දියුණු කිරීමට අවශ්‍ය සියළුම සහයෝගය මම ලබාදෙනවා. සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. යහපාලන ක්‍රමය සමහරුන්ට දුර්වලකමක් වෙන්න පුළුවන්. නමුත් ලෝකය තුල විප්ලවීය වෙනසක් සිදු කළ නායකයින් කෙසඟ සිරුරක් ඇති අයයි. ස්වාමින් වහන්සේත් මමත්, හෙද සේවාව දියුණූ කිරීමට සටන් කළා. අඩුපාඩු තිඛෙන්න පුළුවන්. ඒවා පෙන්වා දෙන්න. යහපාලන රජය ආරම්භ කර ඇති සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන්න.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

49 views
Main News