ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ..

December 27, 2019 at 8:02 am | lanka C news
ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ..

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි.

මෙය ශී‍්‍ර ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇත.

සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය.

ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන උපුලී ගමගේ මහත්මිය විසින් ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ ආරාධනා පත‍්‍රය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේ දී (26) පිළිගන්වනු ලැබීය.

ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය, ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක 24 ම නියෝජනය වන පරිදි නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වය ලබා සිටින සංවිධානයකි.

– MR media

155 views

3 Comments to “ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ශී‍්‍ර ලංකාවේ..”

  1. Hdh says:

    Meke ethi wedagathkama mokakda? Nivunnuna wedagath ethi… anith ayata lapanda?

    • 😈😈😈👺👺 says:

      වඳ මොළයක් ඇති එකාට තේරෙයිද
      වඳ පෙත්ත පෙව්වම මොනා කරන්ද
      වඳ බව රටට මේ හරකම තප්පුලයිද
      වඳ නිර්වින්ඳන කර මූ හදා ගන්නවද

    • රටට වින කරන මොඩ රැල says:

      තොපි වගේ හරක්ට මේක තේරෙන්නෙ නැහැ මොලය වොෂ් කරන් වරෙන් එතකොට කියලා දෙන්නම් බුරුවා …

Main News