ලෝකයේ හොදම මුදල් ඇමති සම්මානය දිනූ රවි ඉවත් කලොත් බලාගමු..- එජාපය තග දමයි..
May 19, 2017 at 3:00 pm | lanka C news
ලෝකයේ හොදම මුදල් ඇමති ලෙස සම්මාන දිනා ඇති රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සිහිනයක් යයි එක්සත් ජාතික පක්ෂ ගාළු දිස්ත්රික් මන්ත්රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඒකාබද්ද කල්ලියට හා ජවිපෙ උවමනාව අනුව කිසිවෙකුට කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ නොතබන බවද මන්ත්රීවරයා කියා සිටියේ ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
මුදල් ඇමති ධුරයේ කටයුතු ඉතා හොදින් කල නිසා ඔහුට ලෝකයේ හොදම මුදල් ඇමති තනතුර ලැබුණු බවද මන්ත්රීවරයා වැඩි දුරටත් එහිදී කියා සිටියේය.