ලෝකයේ හොදම සෞඛ්‍ය සේවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ කියුබාවේයි..

February 14, 2019 at 6:48 pm | lanka C news
ලෝකයේ හොදම සෞඛ්‍ය සේවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ කියුබාවේයි..

වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක බැංකුවේ ආධාර මත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබදව ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමා ශාලාවේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “යහපාලන රජය මගින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට හිමිකර දී තිබෙනවා. වත්මන් රජය ධනපති රජයක් බව ප්‍රකාශ කළත්, ධනපති රජයෙන් දුප්පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් විධිමත්ව ලබාදෙනවා. ඖෂධ මිල අඩු කළේ ද වත්මන් රජය විසින්. විප්ලවවාදී රජයක් විසින් ඖෂධ මිල අඩු කළේ නැහැ. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගත යුතුයි. වර්තමානයේ බෝනොවන රෝග විශාල අභියෝගයක්. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් රෝගී ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ හොදම සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.”

“අතීතයේ ලෝක බැංකුව ප්‍රතිගාමීව සිටියත් වර්තමානයේ එම සංකල්පය වෙනස් වී තිබෙනවා. ලෝක බැංකුව නිසා රට රටවල යුද්ධ, කැරළි කෝලාහල ඇති වුනා. නමුත් වර්තමානයේ ලෝක බැංකුව ප්‍රකාශ කරන්නෙ ආර්ථීකය මෙහයවීමේ බලය වෙළෙදපොලට ලබා දිය යුතු බවයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණූ කිරිම තුලින් රටක් සංවර්ධනය කළ හැකි බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ  සෞඛ්‍ය සේවාව ගොඩනැංවීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලෝක බැංකුව ලබා දී තිබෙනවා. එම මුදලින් ක්ෂේත්‍රය තුල විශාල ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයක් සිදු කළ හැකියි.

මෙහිදී වැදගත් වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයයි. ඒ සදහා රාජ්‍ය නිලධාරීන් සහයෝගය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේසල ජයරත්න, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ලෝක බැංකුවේ නිලධාරීන් එක්ව සිටියහ.

– ප්‍රසන්න අධිකාරි

5,729 Viewers

22 Comments to “ලෝකයේ හොදම සෞඛ්‍ය සේවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ කියුබාවේයි..”

  1. gamith says:

    If so, why did you go to Singapore ‘Mount Elizabeth Private Hospital’ for the bypass operation, nicking poor tax payers money ?
    Stupid idiot & cunning thief !

  2. saman says:

    අහවල් එකකටද පාර්මිමේන්තුවම හෙඹිරිස්සාවටත් සිංගප්පූරු යන්නේ එහෙනම්…????

  3. david milibanda says:

    Ow ithin, lankawe eka comis gahanawa, kiyawanawa, behet nathuwa yaka natanawa,

  4. GAL BANDA says:

    tho mokada mount ellisabeth giye. higanna.

  5. GAL BANDA says:

    thamun mokada mount ellisabeth giye. higanna.

  6. Dp says:

    ලෝකයේ හොඳම සෞක්‍ය සේවය තියෙන්නේ ශ්‍රී ලංකාවේ එත් අසනීපයක් වුනාම අපේ සෞක්‍ය ඇමති යන්නේ මවුන්ට් එලිසබෙත් . ඒ ජනාධිපති අරමුදලේ සල්ලි වලිනුත් කීයක් ගැහුවද දන්නේ නෑ.

  7. Niru says:

    Moota puthage pissuwa bowela

  8. ගන්ජ බන්ඩා says:

    දතා කියවන්නෙ හරියට ඊනියා යහපාලනය එන්න ඉස්සෙල්ලා ලංකාවෙඉස්පිරිතාලවල මුදල් අය කලා වගෙය්.

  9. Anapau says:

    Ethakota singapure Gaye aii

  10. Anepau says:

    Aththatama loke kisima ratakata Gigi’s nadda?

  11. මෝලංගිරියා says:

    එහෙනං රෙද්දටද ඕයි පපුවෙ අමාරුවට සිංගප්පූරුවෙ ම්වුන්ට් එලිසබත් දුවන්නෙ

  12. හැකහැක says:

    නිකම් වැදි බන කියන්නෙ නැතිව ඉන්නව හලෝ!

    ලෝකෙ හොඳම සෞබ්‍යය සේවාව ශ්‍රී ලංකාවෙ තියෙන හින්දද තමුසෙ බයිපාස් ඔපරේෂන් එකට සිංගප්පූරු ගියෙ?

    • Dosthara Hondahitha says:

      නෑ මිනිහො ලන්කාවෙ කෙරුවානම් දොස්තරල මූව මරනව තරහට. ඒකයි රට ගිහින් කර ගත්තෙ. ඔහුගේ ආරක්ශාව සලසාගැනීම වරදක් නොවේ.

  13. Samantha says:

    Meka wage keppa rajek . Japan and Scandinavian countries are the best

  14. චන්ද්‍ර says:

    හැබැයි මේ යකා ලෙඩවුනාම යන්නේ සින්ගප්පූරුවට! දෙය්යෝ සාක්කියි.

  15. Ariyathilaka says:

    වෛද්‍ය සහ ආරෝග්‍යශාලා පහසුකම් වලට අමතරව ජනතාවගේ සෞඛ්‍ය සහ නිරෝගී භාවය රැකීමට නම් මන්ද පෝෂණයෙන් තොර හොද ජීවන තත්වයක් ජනතාවට ලබාදිය යුතුය. ඒ සදහා පිරිසිදු ,සෞඛ්‍යාරක්ෂිත ආහාර-පාන සුලබ වීමත් එම ආහාර-පාන ගැනීමට යහපත් ආර්ථික තත්වයක් ද ජනතාවට තිබිය යුතුය. රටේ ආහාර-පාන වල ගුණාත්මක සහ සුරක්ෂිත භාවය පිළිබඳව සතුටු විය හැකිද? විශ්වාස කළ හැකිද? මේ පිළිබඳව රජයේ මැදිහත් වීම, වගකීම ප්‍රමාණවත් මදි බව කිව යුතුය. විෂ කාරක හා ප්‍රමිතියෙන් තොර ආහාර-පාන වෙළඳ පොළ ආක්‍රමණය කර ඇත. පෝෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් පෝෂණ විද්‍යාව පාසැල් විෂය ධාරාවට ඇතුලත් කර එය ජිවිතානුබද්ධ ලෙස ඉගැන්වීමත් ආහාර පාන පිළිබඳ අනතුරින් මිදීමට උපකාරී වනු ඇත. ආහාර-පාන වලින් වන අන්තරායකාරී බව හා පෝෂණ ඌණතාවයට පිළියම් නොකොට ආරෝග්‍යශාලා සහ වෛද්‍ය පහසුකම් කොතෙක් ඇති කළ ද ලෙඩ රෝග බහුල බව තුරන් නොවනු ඇත. වෛද්‍ය පහසුකම් දියුණු කිරිමට සමගාමීව ආහාර-පාන වලින් වන අන්තරායකාරී බවට හා පෝෂණ ඌණතාවයට පිළියම් කිරීමත් පෝෂණ විද්‍යාව පිළිබඳවත් සමාජ ගත කළ යුතුය. සෞඛ්‍යය, පෝෂණ ,දේශිය වෛද්‍ය අමාත්‍යවරයනගේ අවධානය පිණිසයැ.

  16. "ලොව එකම සුවඇමති රටට කල නිගරු " says:

    එහෙමනම් ඇයි ඔබ ගියෙ සිංගප්පූරු
    නොගිහිං බලවා කියුබා දොස්තරවරු
    රහස කියමු රාජිත දැන් බෙහෙත ගරු
    ලොව එකම සුවඇමති රටට කල නිගරු

  17. Ariyathilaka says:

    වෛද්‍ය සහ ආරෝග්‍යශාලා පහසුකම් වලට අමතරව ජනතාවගේ සෞඛ්‍ය සහ නිරෝගී භාවය රැකීමට නම් මන්ද පෝෂණයෙන් තොර හොද ජීවන තත්වයක් ජනතාවට ලබාදිය යුතුය. ඒ සදහා පිරිසිදු ,සෞඛ්‍යාරක්ෂිත ආහාර-පාන සුලබ වීමත් එම ආහාර-පාන ගැනීමට යහපත් ආර්ථික තත්වයක් ද ජනතාවට තිබිය යුතුය. රටේ ආහාර-පාන වල ගුණාත්මක සහ සුරක්ෂිත භාවය පිළිබඳව සතුටු විය හැකිද? විශ්වාස කළ හැකිද? මේ පිළිබඳව රජයේ මැදිහත් වීම, වගකීම ප්‍රමාණවත් මදි බව කිව යුතුය. විෂ කාරක හා ප්‍රමිතියෙන් තොර ආහාර-පාන වෙළඳ පොළ ආක්‍රමණය කර ඇත. පෝෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් පෝෂණ විද්‍යාව පාසැල් විෂය ධාරාවට ඇතුලත් කර එය ජිවිතානුබද්ධ ලෙස ඉගැන්වීමත් ආහාර පාන පිළිබඳ අනතුරින් මිදීමට උපකාරී වනු ඇත. ආහාර-පාන වලින් වන අන්තරායකාරී බව හා පෝෂණ ඌණතාවයට පිළියම් නොකොට ආරෝග්‍යශාලා සහ වෛද්‍ය පහසුකම් කොතෙක් ඇති කළ ද ලෙඩ රෝග බහුල බව තුරන් නොවනු ඇත. වෛද්‍ය පහසුකම් දියුණු කිරිමට සමගාමීව ආහාර-පාන වලින් වන අන්තරායකාරී බවට හා පෝෂණ ඌණතාවයට පිළියම් කිරීමත් පෝෂණ විද්‍යාව පිළිබඳවත් සමාජ ගත කළ යුතුය. ගරු ,වෛද්‍ය ,පෝෂණ ,දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ අවධානය පිණිසයැ.

  18. Kunu datha says:

    E unata mama beheth ganne Singapuru wen. Gewanne janathawage badu mudal walin. Ane huke nan nane.

  19. Ginds says:

    සිංගප්පූරුවේ මවුන්ට් මේරි රෝහලෙන් සෞඛ්ය ඇමති රාජිත සේනාරත්න බේත් ගත්තෙ ඒ නිසා වෙන්න ඇති…. හූ..හූ..හූ… පච දතා..

  20. Pissa says:

    You have to consult psychiatrist soon

  21. Pissa says:

    Met be dental care
    It can happen only if othe country in any present
    Some time this meeting belt at film hall so it cane a comply film

Main News