ලෝකය පීරා සොයාගත් සියළු තර්කයන්ගෙන් කතානායක පරදී.. කතානායක ලෙස පිලි ගැනීම අතහරී..

August 14, 2018 at 6:28 am | lanka C news
ලෝකය පීරා සොයාගත් සියළු තර්කයන්ගෙන් කතානායක පරදී.. කතානායක ලෙස පිලි ගැනීම අතහරී..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

අපට විපක්ෂ නායක ධූරය ලබා දීමට එරෙහිව ආණ්ඩුව මතු කළ තර්ක හතරටම අපි පිළිතුරු දුන්නා. ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති සංධානයේ ද නායකයා නිසා සංධානයට විපක්ෂ නායක කම දෙන්න බෑ කිව්වා. අපි එතකොට 2001 සිට 2004 දක්වා පොදු පෙරමුණේ නායිකාව වන චන්ද්‍රිකා මැතිණිය ජනපති ධූරයේ සිටිය දී පොදු පෙරමුණේ මන්ත්‍රිවරුන් වන රත්නසිරි වික්‍රමනායක සහ මහින්ද රාජපක්ෂ යන මැතිතුමන්ලා විපක්ෂ නායක ධූරය දැරුවේ කොහොමද කියා ඇහුව්වා. ඒ පාර ඒත් ඉතින් මේ ආණ්ඩුවේ ඇමති ධූර වලත් සංධානයේ මන්ත්‍රිවරුන් ඉන්නවානේ කියා ආණ්ඩුව ප්‍රතිඋත්තර දුන්නා.

අපිත් අත් හැරියේ නෑ. මේ ආණ්ඩුවේ විතරක් නොවේ. මීට පෙරත් විපක්ෂ නායකගේ පක්ෂයේ අය ඇමති ධූර වල හිටියා කියා අපි පෙන්වා දුන්නා. දින සීයේ ආණ්ඩුවේ සංධානයේ ඇමතිවරු සිටිය දී නිමල් සිරිපාල මන්ත්‍රිතුමාට විපක්ෂ නායකකම දුන්නේ කොහොමද? 2010 වන විට එජාප මන්ත්‍රිවරුන් 36ක් ආණ්ඩුවට එක් වී සිටිය දී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රිතුමාට විපක්ෂ නායක කම දුන්නේ කොහොමද?

ඊට පස්සේ ඔන්න අළුත් තර්කයක්. සංධානය එජාපය සමග ජාතික ආණ්ඩුවක් හැදුවා. ආණ්ඩුවේ නිල පාර්ශවකරුවෙකුට විපක්ෂ නායකකම දෙන්න බෑ. මුලින්ම කියන්න ඕනෑ ජාතික ආණ්ඩු ගිවිසුම එජාපය සමග අත්සන් කලේ ශ්‍රිලනිපය මිස සංධානය නොවේ. සංධානය ගිවිසුම අත්සන් කළා කියලා අපි හිතමු. ඒත් යථාර්ථය මොකද්ද? සංධානයේ මන්ත්‍රිවරු 25 යි ආණ්ඩුවේ ඉන්නේ. ඒත් 70ක් විපක්ෂයේ ඉන්නවා. මේක හරියට ජිරාෆ් කෙනෙකුගේ ඔළුවයි බෙල්ලයි ඉන්දියාවේ තිබිය දී කකුල් හතරම ලංකාවේ තිබුණත් ජිරාෆ් ඉන්නේ ඉන්දියාවේ කිව්වා වගේ වැඩක්.

හතර වෙනි තර්කය තමයි ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායමක් මිස පක්ෂයක් නොවේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ පිලි ගන්නේ කණ්ඩායම් මිස පක්ෂ නොවේ. විපක්ෂයේ තියෙන ලොකුම පක්ෂය දෙමළ ජාතික සන්ධානය. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය පක්ෂ පිළිගැනීම නෙවෙයි කණ්ඩායම් පිළිගැනීමයි. ඇයි අපි එහෙම කියන්නේ. එහෙම නම් 2004 ජූනි 16 දා එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පත් වුණු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් 39ක් විපක්ෂයේ වාඩි වුණාම ඒ අය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කථානායක පිළිගත්තා. වත්මන් කතානායකතුමා ඇතුළු එජාප මන්ත්‍රිවරුන් 18ක් 2007 පෙබරවාරි 28 දින ආණ්ඩුවට එකතු වුණාම වෙනම කණ්ඩායමක් ලෙස පිලිගත්තා. මොකද ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණා කියලා පිළිගත්තොත් මන්ත්‍රීධූර අහිමි වෙයි කියන බයට.

වඩාත්ම වැදගත් දේ තමයි 1993 මාර්තු 23 මොහොමඩ් කතානායකතුමාගේ තීන්දුව. විපක්ෂ නායිකා සිරිමාවෝ මැතිණිය විසින් තමන් විදේශ ගත වී සිටින අතරේ විපක්ෂ නායක ධූරයේ වැඩ බලන්නේ කේ බී රත්නායක මන්ත්‍රිතුමා කියලා කතානායකට දැනුම් දෙනවා. ඒ අතරේ අපි වැඩ බලන විපක්ෂ නායක ලෙස පිලිගන්නේ අනුර බණ්ඩාරනායක මන්ත්‍රිතුමාව කියලා විපක්ෂයේ මන්ත්‍රිවරුන් බහුතරය අත්සන් කරලා ලිපියක් දෙනවා. ඒ අනුව කතානායකතුමා පිලිගත්තේ පක්ෂ නායිකාව කළ නිල දැනුම් දීම නොවේ. විපක්ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායමේ තේරීම. ඒ සම්ප්‍රදාය අනුව කටයුතු කළොත් විපක්ෂයේ බහුතර මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීමට කතානායක ඉඩ දෙන්න ඕනෑ. එනම් විපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම වන 93න් 70වක් ඉල්ලන දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මේ විපක්ෂ නායක ධුරය ලබා දිය යුතුයි.

අපිට කතානායකතුමාට මේවා කියලා දෙන්න පුළුවන්. ඒත් තේරුම් ගන්න මොලයක් දෙන්න විධියක් නෑ. මම නම් හිතන්නේ එතුමාගේ ප්‍රශ්නය මොලය නොවේ කොන්ද. අගමැතිතුමාට හරිම බයයි. එතුමා කටයුතු කරන්නේ අගමැති තුමා කියන විදිහටයි. අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිතුමා දිහා බලනවා. අගමැතිතුමා සිරස් අතට මෙහෙම ඔළුව වැනුවොත් උත්තරය ඔව්. අගමැතිතුමා තිරස් අතට මෙහෙම ඔළුව වැනුවොත් උත්තරය නෑ.

කතානායකතුමා අපව පිලි ගන්නේ නැති නම් අපටත් එතුමාව පිලි නොගෙන ඉන්න සිදු වෙනවා. එතුමාට ගරු කතානායකතුමනි කියා අමතන්නේ නැතුව ඉන්න පුළුවන්. එතුමා සභාවට ඇතුළු වන විට අසුනෙන් නැගිටින්නේ නැතුව ඉන්න පුළුවන්. අපි ඇතුල් වන විට පිටවන විට හිස නමා එතුමාට ආචාර කිරීම නවත්වන්න පුළුවන්. එතුමාගේ නියෝග පිලි ගන්නේ නැතුව ඉන්න පුළුවන්. හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳ අපේ ඊළඟ පියවර කුමක්ද කියන එක තීන්දු කරලා ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

44 views

6 Comments to “ලෝකය පීරා සොයාගත් සියළු තර්කයන්ගෙන් කතානායක පරදී.. කතානායක ලෙස පිලි ගැනීම අතහරී..”

  1. Asaranaya says:

    “හීන් බබා” යනුවෙන් හඳුනන මෙතුමා
    කොන්දක් නැතුව රනිලයටත් බය එතුමා
    ජීවිත නිමවී යන්නට පරලොව මෙතුමා
    පෙන්වන බවයි දක්නට මුහුණෙන් මෙතුමා
    — අනිච්චාවත සන්කාරා–

  2. IO says:

    These UNP leaders are involving in 3rd Class politics

    • ExUNPer says:

      Agree!
      Those days UNP was always on top ! It was gentleman’s party.
      Where I should that trust and respect now ?
      Sad sad sad !😂😂😂😂😂😂😂

  3. Manel says:

    Karu J is a use by date expired product. A man without any dignity. If I were him, I would resign and go home with dignity. I can’t imagine how come this man had such a beautiful past as minister in MR govt.

  4. Jagath says:

    Indiyawen methadee bihiwunu misaditu thumek adahana ayagee moleth kuruwal welaa !

  5. එක්නැලිගොඩ says:

    පාදඩ කරුවට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය

Main News