ලෝකය වෙනස් කරන්නේ මමයි..- හරීන්

September 29, 2017 at 10:00 am | lanka C news
ලෝකය වෙනස් කරන්නේ මමයි..- හරීන්

යහපාලන ආණ්ඩුවක් රට තුල ක‍්‍රියාමත්මක වුවත් බදුල්ල දිස්ත‍්‍රික්කයේ එවන් යහපාලන ආණ්ඩුවක් නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ බණ්ඩාරවෙල පැවති උත්සව සභාවක් අමතමිනි.

කලින් දිනයේ ජනාධිපතිවරයාද පැමිණ බදුල්ලේ පැවති විවෘත කිරීමේ උත්සවයකට තමන්ට ආරාධනා කර නොතිබූ බවද පවසන ඔහු මුල අමතක වන සියල්ලන්ට ස්වභාව ධර්මය දඬුවම් දෙනු ඇතැයිද සදහන් කලේය.

උත්සව සභාව අමතමින් ඇමති හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ තමන්ද එම සිදුවීම ගැන කණගාටු වන බවයි.

‘අපට උදවු කරපු මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන් වුනාද මදිද කියල පුංචි චකිතයක් තියෙනව. බදුල්ල දිස්ත‍්‍රික්කෙට මට එකපාරට යමක් කරන්න බෑ. මේ අම්මල තාත්තලනම් මට ආපහු ඡන්දයක් දෙන්නෙ නැති වෙයි. හැබැයි තරුණ පොඩි උන් දන්නව මගෙන් තමයි ඉස්සරහට ලෝකය වෙනස් වෙන්නෙ කියල’ යයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

27 views

2 Comments to “ලෝකය වෙනස් කරන්නේ මමයි..- හරීන්”

  1. sira says:

    මේ අම්මල තාත්තල නම් මට ඡන්දයක් දෙන්නෙ නැති වෙයි,මේ තරුණ පරපුරත් ඒ අම්මල තාත්තල කියන දේ කරාවි.මට මටම ඩිජිටල් කර ගන්න සිද්ධ වෙයි?????

  2. sam says:

    අර කතාව ඇත්ත වගේ ……

    මේ වගේ සුරංගනා කතා පේන්නෙයි ….. කියන්නෙයි …. හොදටම ඇඩික් වෙලා …. ඩෝස් එක වැඩි උනාම තමයි ….. 😀 😀 😀

Main News