ලෝකෙන්ම එකයි.. ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී… මුලික වියදම පමණයි..

April 6, 2019 at 9:20 am | lanka C news
ලෝකෙන්ම එකයි.. ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී… මුලික වියදම පමණයි..

විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නවතාක්ෂණික ක්‍රමෝපායක් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිමක් නිපදවා ඇති අතර එය විෂයබාර අමාත්‍ය රවී කරුණනායක මහතාගේ අවධානයට ලක්ව තිබේ.

“ඇත්තෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් වශයෙන් මා විසින් සොයාගත් මෙම තාක්ෂණය යොදාගත හැකියි. කුඩා ජල ප්‍රභවයකින් වුවත් බලශක්තිය උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් තමයි මා විසින් සොයාගෙන තිබෙන්නේ.

ඉදිරියේදී මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්ධනයක් කිරීම පිණිස, මෙම නව ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමට රජයේ සහයෝගය ලබාදිමට විදුලිබල අමාත්‍යතුමන් පොරොන්දු වුණා. ඒ අනුව ඉදිරියේදී තවත් වර්ෂ එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයින ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය කිරීමට හැකිවේවි.

මේ වනවිට දිවයිනේ භාවිත වන ජල විදුලි උත්පාදන ක්‍රමය වෙනුවෙන් විශාල ජල ප්‍රභවයන් අවශ්‍යයි. නමුත් මේ ක්‍රමය යටතේ අගල් දෙකක තුනක ජල ප්‍රභවයකින් පවා විදුලිය උත්පාදනය කළ හැකියි. අනාගතයේදී මේ ක්‍රමය සමස්ත ලෝකය පුරාම ප්‍රචලිත වේවි” යැයි නව බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් මගින් බලශක්ති අර්බුධයට විසදුම් ලබාදීමට ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම හදුන්වාදුන් මල්ලව රූපසිංහ මහතා පවසයි.

විදුලිබල,බලශක්ති සහ ව්‍යපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ මල්ලව රූපසිංහ මහතා විසින් සිය නව සොයාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කළේය.

මල්ලව රූපසිංහ මහතා විසින් මේ වනවිට මෙම ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම යොදාගනිමින් විදුලි නිෂ්පාදන කාර්යයෙහි සාර්ථක අන්දමින් කටයුතු කරයි. ඔහු තම නිවසේ ඇති ජල ටැංකියට මෙම ඒනජිම සවිකර කිලෝ වොට් 2 ක පමණ විදුලියක් උත්පාදනය කරයි. එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරිමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණ මුදලකි. මල්ලව රූපසිංහ මහතා පවසන පරිදි එම මුදලම වැයකර අවශ්‍ය නම් කිලෝවොට් විසිපහක බලාගාරයක්ද ඉදිකල හැකිය. එවැනි බලාගාරයකින් නිවාස 20 කට විදුලිය ලබාදිය හැකි බව ඔහු පවසයි.

– ada

196 views

26 Comments to “ලෝකෙන්ම එකයි.. ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී… මුලික වියදම පමණයි..”

  1. Rr says:

    හොයල බලන්නැතුව මෙ වගෙ ගොන් comments දාන්ඩ එපා.මෙක ඇත්ත.

  2. Bandula says:

    good for Ravi , bloody liar, if this is true, we have to re write Newton’s laws. He needs 300m tall water tank and a supply of 3L per second water flow to generate 2KW power. This is energy conversion, not creation. Creation only with atomic power where there is mass is lost as energy e=ms2 https://www.renewablesfirst.co.uk/hydropower/hydropower-learning-centre/what-is-the-minimum-head-and-flow-i-need/

  3. Gonsun says:

    Buuruwa, Oka karanna beri deyak yako.
    Kw2 k ganna, kw 3.5 wath balayk pawithchi kara, watura udata yeviya yuthui.
    Tho Ravia wage modayanta owa pennuwata, thakshanaya dana aya ovata hinewenaea.yako, ayanna mulata dala karanavwede karapan.

  4. Marusira says:

    හා හා කවුරැවත් මෙිකට කලබලවෙන්න එපා මෙික මෙි වෙලාවෙි ගෙනාවෙි මිනිස්සු ලයිටිනැකියලා රිවියගේ අමිමිවයි තාත්තිවයි මතක්කරනනිසා ලබන මාසේ වැස්ස පටන්ගත්තගමන් මෙි ප්රොජෙක්ටි එක ලබන අවිරැද්දේ ලයිටිකපනකාලය වෙනකමි කල්දානවා දං ලයිටි නිවලා නිදාගන්න

  5. vasa says:

    අපේ පැත්තේනම් විදුලිය නැතිනම් ජලයත් නැ, ඉතින් ජලය නැති ජල ටැංකි හුලං වලින් තමයි පිරි තියෙන්නේ, අනික ජලය අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා නම් විදුලි ප්‍රශ්ණයකුත් නැ නේද, ඔය වගේම යොජනාවක් මට මතකයි ජලාශ වලින් විදුලිය නිෂ්පාදනය කර ඉවතට යන ජලය නැවත ජලාශයට ගන්න ක්‍රමයක් ගැන කතා වුනා සාර්ථක වුනේ නැ.

Main News