ලෝක ඉතිහාසය අලූතින් ලියමින් විජිත් රෝහණට ඇප..

February 1, 2017 at 12:00 pm | lanka C news
ලෝක ඉතිහාසය අලූතින් ලියමින් විජිත් රෝහණට ඇප..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන්නේ යයි අනාවැකියක් කී ජ්‍යෙතිර්වේදී විජිත් රෝහන විජේමුනි මහතා අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානියාගෙන් ලද පැමිණිල්ලක් මත ඊයේ දිනයේ ඔහු රහස් පොලසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අනාවැකියක් කිම හේතුවෙන් බන්ධනාගාරගත වීමට සිදුවී ලෝක ඉතිහාසයේ පළමු ජ්‍යෙතිෂවේදියා විජිත් රෝහණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ පස්වරුවේ අප හා අදහස් පල කලේය.

ඔහු අත්අඩංගුවට ගත්තේ කුමන නීතිය යටතේදැයි තමන් තව දුරටත් සොයා බලමින් සිටින බවද ඔහු කීය.

143 views
Main News