ලෝක උරුම සිංහරාජය දෙබෑ කරමින් පාරක් කපයි..

August 17, 2020 at 3:00 pm | lanka C news
ලෝක උරුම සිංහරාජය දෙබෑ කරමින් පාරක් කපයි..

ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකරමින් පවතින්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් භාර දී තිබේ.

වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව හා ක්‍රමවේදයකින් තොරව සිදුකරන මෙයා ක්‍රියාවලිය සිදු කරන බවයි.

මෙමගින් නෙළුව හා දෙනියාය යාකරමින් අඩි 20-12ත් අතර පළලින් යුතු මාර්ගයක් ඉදි කරමින් සිටින බවත් ඒ නිසා පරිසරයට දැඩි හානි සිදු වීමේ අවදානමක් ඇතැයිද සංවිධානය කියා සිටියි.

මෙම මාර්ගය ඉදි කිරීමට කිසිදු අවසරයක් ලබාගෙන නැති බවත් ව්‍යාපෘති වාර්තාවක් හෝ නැති බවද එම සංවිධානය පවසයි.

දුෂ්කර මාර්ග දියුණු කිරීමට මාර්ගයක් අවශ්‍ය නමුත් නිසි පරිසර අධ්‍යනයකින් පසුව ක්‍රමවේදයක් අනුව එවැන්නක් සිදුවිය යුතු බවත් සංවිධානය පෙන්වා දී ඇත.

49,849 views
Main News