ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ එකාට එකා නෑ.. කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින්..

June 16, 2019 at 10:27 pm | lanka C news
ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ එකාට එකා නෑ.. කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින්..

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ වැදගත්කම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි.

මව්රට සංවිධානයේ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරයකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් තණතිලිවල ස්වභාවය ගැන තමන්ටද සැකයක් ඇති බවයි.

එහෙත් වත්මන් පරිපාලනය ඒ කිසිවක් කථා නොකර සිය මුනිවත රකිනු ඇතැයිද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

“ක්‍රිකට්වල දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න ගෝඩාක් තියෙනවා. මේ පහුගිය කාලේ සුදු කාරයෝ කී‍්‍රඩාවට ඇවිල්ලා තම තමන්ට හිතවත් අය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු කරලා කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ කරලා තියෙනවා. ඒ වගේම අසන්ත ද මෙල් මහතා තණතිලි ගැන කියූ කථාව ගැන මමත් හිතනවා ශ්‍රී ලංකාවට තණතිලි ලබා දීමේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ලෝක කි‍්‍රකට් කවුන්සිලයට ලියලා බලන්න ඕනි. නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට යන්න කි‍්‍රකට් පරිපාලනයේ අද ඉන්න අයට කි‍්‍රකට් දැනුම තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඒ අය දන්නේ අශ්වරේස් යන්න විතරයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන…”යිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ පරාජයට හේතු වූ තාක්ෂණික කරුණු ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් එක කණ්ඩායමක් ලෙසට ක්‍රීඩා නොකරන බවයි.

“ඕස්ට්‍රේලියාට එරෙහි තරගයේදී අපේ කණ්ඩායම සෑහෙන්න දුරට හොඳින් ක්‍රීඩා කළා. අපේ ආරම්භක පිතිකරුවෝ විශාල සේවයක් කළා. නමුත් අපේ කණ්ඩායමට එකට සෙල්ලම් කරනවද කියන ප‍්‍රශ්නය දකින්න තිබුණා. මැද පෙළ පිතිකරුවන්ගේ විශාල අඩුපාඩුවක් තිබුණා. විශේෂයෙන්ම ඇතැම් පිතිකරුවන් හොඳට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයින්ට පීඩනය වැඩි කරනවා. අනවශ්‍ය ලෙස ඇති කළ එම පීඩනය නිසා තමයි හොඳට ක්‍රීඩා කරන කී‍්‍රඩකයා පවා අනවශ්‍ය පහරවල් ගහන්න ගියේ. නමුත් සමහර වෙලාවට ඒ වගේ කී‍්‍රඩා කරන්න සිද්ධ වෙනවා.

සනත් ජයසූරියට අපිට කියන්න බැහැ මාවන් අතපත්තු වගේ කී‍්‍රඩා කරන්න කියලා. ඉතිං එක එක පිතිකරුවන් එක එක විදිහට කී‍්‍රඩා කරනවා. නමුත් අපිට සැලස්මක් තියෙන්න ඕන සනත් දැවී ගියාම තරගය ඉදිරියට ගෙනියන්න. එවැනි සැලැස්මක් අපේ කණ්ඩායමට නැති මට පෙනුණා.

විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න වගේ කී‍්‍රඩකයින්ට පන්දුවාර 50ම ගහන්න දීලා අනිත් පැත්තෙන් තමයි ලකුණු ගහන්න ඕන. තමන්ට දැනට තියෙන සම්පත් එක්ක ජයග‍්‍රණය කරන්න අපි දැන ගන්න ඕන. ඒ කලාව අපේ කණ්ඩායමට දැන් නැහැ. පරිපාලනය දන්නේ නැහැ කී‍්‍රඩකයින්ගේ මනස හදන්න.

අපි දැක්කා මේ තරගාවලිය නරඹන්න පරිපාලනයේ තිස්ගාණක් එංගලන්තයට යනවා. විනෝද චාරිකාවක් වගේ. මේ රටේ සල්ලි. මේවා විනාශ කරනකම් අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුවත් බලන් ඉන්නවා. කී‍්‍රඩා ඇමතිතුමත් බලන් ඉන්නවා. ඉතිං මේවට මං හිතන්නේ මහජනතාව ඉදිරියේදි දඩුවම දෙයි…”යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

– තමීර මංජු

18 views

11 Comments to “ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ එකාට එකා නෑ.. කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින්..”

  1. Ravana Parapura says:

    එක කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කර ජය ලබන්න අපේ රාවනා පරපුරෙන් කොල්ලෝ ටිකක් සොයා ගැනීම හොදා

    • විස්කි මැඩම් says:

      කොච්චර දක්ෂයෝ හිටියත් වැඩක් තියනවද කණ්ඩායම තෝරන්නේ අන්දරේලා සෙට් එකක් නම්.
      කණ්ඩායමට වැඩ බැරි දාස කෙනෙක් හොර පාරෙන් දානකොට ඌව තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙස නම් කරණවා.
      හැබැයි උන්ට බෝල් කරන්නත් බෑ. බැට් කරන්නත් බෑ.
      ඔස්ට්‍රේලියාව වගේ විශාල රටක සැබෑම දක්ෂයින් අතරෙත් තුන් ඉරියවු ක්‍රීඩකයෝ ඉන්නේ 1යි නැත්නම් 2යි.
      අපේ තුන් ඉරියවු වැඩ බැරි දාසලා 6යි. මුන්ට බෝල් කරන්නත් බෑ. බැට් කරන්නත් බෑ.
      ඉතින් පරදින එක අහන්න දෙයක්ද?

    • දේවක says:

      ටීවී එකේ යන බහුබූත කතා බලල උබේ ඔලුව නරක් වෙලා බන්.

  2. මාතර සුනිල් says:

    ක්‍රීඩාවට ආදරේ, ගේම අත් නොහරින උනන්දුවෝ ටික ලංකාවේ තියල, මැච් එකට කලින් දවසෙත් ක්ලබ් ගානේ, ගෑනු පස්සේ යන, පිට්ටනියෙත් බිස්නස් ගැන කතා කරන මිසදිටුවෝ අරගෙන ගිය තේරීම් කමිටුව මේකට වග කියන්න ඕන.

  3. Dan says:

    Have you forgot that you are also responsible for destroying this country. People will teach you also a lesson at the next general election

  4. දේවක says:

    බුකිපාලයව ඉවරයක් කරනතුරු ක්‍රිකට් ගොඩගන්න බෑ. මූ මොන ආන්ඩුව ආවත් ක්‍රිකට් වල කූඩැල්ලෙක් වගේ එල්ලිලා ලේ බොනවා.

  5. Sun says:

    Whoever run the cricket must know that is not the only thing, there are other things to consider. Cricket and money are just one side of the story. You have to live and understand social obligations and country obligations other than playing. We are going to understand the human psychology also. Ultimately you are going to play for the country as a team. When you are matured you will understand money is just a side of the long story.

  6. Aruna Gunarathne says:

    Men Cricket
    3 Forces Vs National Cricket Team, we are waiting to watch the Real Cricket Game. Then we can win the world cup like 1996.

  7. Men Cricket
    3 Forces Vs National Cricket Team will provide the next chance to win the world cup as the way moving up to the date.

  8. Love nature says:

    සමහරු නොපෙනන දෙවියන්වහන්සේ වෙනුවෙන් ක්‍රීඩා කරනකොට මෙහෙම වෙනවා තමන් අතට තම අතමය සෙවනෙල්ල කියා දැන්වත් හිතා ගනිල්ලා දිනන්න නම්

  9. charles says:

    Sri lanka Cricket team and parliament is a joke.

Main News