ලෝක දුම්කොළ විරොධී දින සම්මානය දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියට..

June 27, 2017 at 2:16 am | lanka C news
ලෝක දුම්කොළ විරොධී දින සම්මානය දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියට..

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අග්නිදිග ආසියාතික කලාපීය රටවල් අතර දුම්කොළ පාලනය කිරීමේ ජාතික වැඩසටහන්වල අරමුණු සාක්ෂාත් කර ගැනිම වෙනුවෙන් මෙවර “ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරොධී දිනය සඳහා වූ අග්නිදිග ආසියානු කලාපීය ගෝලීය සම්මානය” ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය වෙත 2017 මැයි 31 දින ප්‍රදානය කිරීමට නියමිතය.

දුම්කොළ හා මධ්‍යසාරවලින් සිදුවන හානි තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා පවතින රජයට උපදෙස් ලබාදීම සඳහා 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත මගින් 2007 වසරේදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ස්ථාපිත කරන ලදී. දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන මගින් සිදුවන සෞඛ්‍යමය, සාමාජයිය හා ආර්ථීකමය ව්්‍යවසනයන්ගෙන් වැඩිහිටියන් හා ළමා පරපුර ආරක්ෂා කර ගැනීම අධිකාරියෙහී මුලික පරමාර්ථය වේ.

ලෝක දුම්කොළ පාලනය පිළිබද අන්තර්ජාතික සම්මුතිය (FCTC) ශක්තිමත්ව බලාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනයේ දී ද වත්මන් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පුරෝගාමී ආයතනයක් ලෙස කටයුතු කර ඇත. දුම්වැටි සදහා වන බදු වැඩි කිරීමේ ප්‍රතිපත්ති වල සිට දුම්වැටි අසුරන වලට රූපමය අවවාද ඇතුලත් කිරීම දක්වා වූ පුළුල් පරාසයක් තුල වූ ප්‍රබලම ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙි දී ද ඉහලම හා ශක්තිමත්ම දේශපාලන දායකත්වයක් සමග දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ප්‍රමඛව ක්‍රියා කර ඇත. මේ අනුව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය දුම්කොළ කර්මාන්තය නිසා සිදුවන සෞඛඛ්‍යමය හානි පිටු දැකීමට මහගු දායකත්වයක් සපයා ඇත.

මේ පිළිබදව අදහස් දක්වන දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු දේශපාලන මග පෙන්වීම හා සහයෝගය දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව හා පුළුල්ව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වූ බව ප්‍රකාශ කර සිටි. තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව මුල සිටම දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ අන්තර්ජාතික සම්මුතියේ මාර්ගෝපදේශනය අනුව යමින් දුම්කොළ පාලනය සඳහා කටයුතු කර ඇති බවත් ඉදිරියේදීත් මෙම දුම්කොළ වසංගතය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම යටතේ ඉතා තියුණු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්ය.

ශ්‍රී ලංකාව සැමවිටම අග්නිදිග ආසියාතික කලාපයේ රටවල් අතර දුම්කොළ පාලන ක්‍රියාවලියේ දී ප්‍රමුඛ පෙලේ රටක් ලෙස ක්‍රියා කර ඇත.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් සෞඛ්‍ය, පෝෂණ හා දෙශීය වෛද්‍ය අමාතත්‍යවරයා වන වෛද්‍ය රාජිත සේනාරත්න මෙම ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් ද මේ බව පැහැදිලි වෙි්‍.

ශ්‍රී ලංකාවෙි දුම්කොළ පාලන ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම කෙරෙහි ජාතික වශයෙන් මෙන්ම ගොලීය වශයෙන්ද විශාල බලපෑමක් සිදුකර ඇති අතර ඉදිරියේදීත් මෙම ක්‍රියාවලිය ශක්තිමත්ව හා පුළුල්ව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

68 views
Main News